1❤️

354 69 6
                                    

අදත් එයා පරක්කුයි..........................

බාගෙට සෙටි එකේ නින්ද ගිහින් හිටපු මම ගැස්සිලා ඇහැරුනේ  ඩෝ එකේ පාස්වර්ඩ් එක වැදිලා ඩෝ එක ඇරුන සද්දෙට .

වෙලාව දොලහයි......

මම කොන්ඩෙත් හදාගෙන ඉස්සරහට ගියා .

"ඔයා අදත් පරක්කුයි ජංකුක්......."

"හ්ම්......... වැදගත් වැඩක් වැටුන ..."

"මම කෑම ලෑස්ති කරන්නද.........."

"එපා මම කාලා ආවෙ......වද දෙන්න එපා... මම නිදාගන්න යනවා ."

අදත් වෙනදා වගේමයි..... මම කෑම මේසෙ උඩ තිබ්බ කෑම ටික ගත්තෙ හලන්න. මගෙ බඩ කෑගහනවා බඩ ගින්නට. කෑම ටික විසිකරලා බාජන ඩිශ් වොශර් එකට දැම්මෙ මට දැන් කන්න පිරියක් නැති නිසා.

මම වොන්හී... කලින් කන්ග් වොන්හී දැන් ජොන් වොන්හී..  මමයි මගෙ හස්බන්ඩ්නුයි දැන් මැරි කරලා අවුරුදු දහයක්.. ඒත් මගෙයි එයාගෙ සම්බන්දෙට අවුරුදු දහසයක්. මගෙ හස්බන්ඩ් ජොන් ජංකුක් එයා jj entertainment  වල  තනි අයිතිකාරයා. ඒවගේම ජොන් කම්පැනීස් වල ඊලග අයිතිකාරයා .එතකොට මං  කන්ග් කෝපරේෂන් වල අයිතිකාරයාගෙ එකම දරුවා. මගෙයි ජංකුක්ගෙයි සම්බන්දෙට අපේ ගෙවල් වලින් උඩින්ම කැමති උන නිසා අපි දෙන්නා කොලේජ් අවුට් උන ගමන් මැරි කලා.

මැරි කරලා අවුරුදු දෙකකින් මගෙ රෝස මල ජංග්මී මේ ලෝකෙට ආවා. ඒක තමා මම මගෙ ජීවිතේ වැඩියෙන්ම සතුටු උන දවසට.

මේ ලඟදි ඉඳන් ජංකුක් ගොඩක් වෙනස්.. ඒ වෙනසට හේතුවක් මම දන්නෙ නැතත් මට ඒ වෙනස ගැන ලොකු බයක් දැනෙනවා.

මම දන්නවා ජංකුක්ගෙ ඔෆිස් වෙලාව ඉවර වෙන්නෙ හවස පහට කියලා. එයා ඕවර්ටයිම් කලත්  අට වෙද්දි අනිවාරෙන්ම ගෙදර එනවා. ඒත්........ දැන් එයා ගෙදර රැදෙන්නෙ හරිම අඩු වෙලාවක්.
.
.
.

මම  රූම් එකට යද්දි ජංකුක් හොඳටම නිදි.

මම පාර්තනා කරන්නෙ. හෙටවත් එයා කලින් එන්න කියලා. මොකද හෙට අපේ ඇනිවසරි එක..

එයා හෙට කලින් ඒවි නේද.........?

.
.
.
.

දවස ගෙවිලා ගියේ පුදුමාකාර වේගෙකින්.  මමයි  මගෙ රෝස පැටික්කියි එකතු වෙලා එයාගෙ පපා සප්‍රයිස් කරන්න ගොඩක් දේවල් හැදුවා.

EOMMA ❤️  [JJK ] [Completed ]✔️Donde viven las historias. Descúbrelo ahora