My Wild Flower 💙

51 13 16
                                    

විසිවෙනි ශතවර්ෂෙ එක ලස්සන රටක, ලස්සන නගරෙක, ලස්සන ගමක ජීවත් උනා පුංචි පිරිමි ළමයෙක්. අම්මගෙයි තාත්තගෙයි හෙවනෙ හැදුණ වැඩුණ මේ පිරිමි ළමයා හුරතල් ඒ වගේම ලස්සනයි. ඉගෙන ගන්න පවා හුගක් දක්ෂයි. ඉතින් මේ පුංචි කොල්ලා හිතන්නෙ නැතුව ඇති එයාගෙ ජීවිතේ කොහොම කොයි විදිහට වෙනස් වෙයිද කියලා..

එක දවසක් මේ පොඩි කොල්ලට එක්තරා ආයතනයකින් ආරාධනාවක් ලැබෙනවා සංගීත කණ්ඩායමක පළවෙනි සාමාජිකයා වෙන්න.. ඉතින් එදා ඉදන් පවුලෙන් ඈත් වෙලා තමන්ගෙ ජීවිතේ ඉදිරියට ගෙනියන පළවෙනි පියවර මේ පුංචි කොල්ලා ඉස්සරහට තිබ්බා.. සංගීත කණ්ඩායම පටන් ගත්ත මුල් කාලේ එයාට සහ කණ්ඩායමේ අනික් සාමාජිකයන්ට හම්බුනේ එච්චර හොද ලස්සන ප්‍රතිචාර නෙවෙයි..

විදින්න පුළුවන් උපරිම අපහාස, ගැරහුම්, බාධක එයාලා හැමෝටම ආවා.. හැබැයි මේ පොඩි කොල්ලා වැටුනේ නෑ.. ඒ හැම දෙයක්ම දරාගත්තා පුදුම විදිහට ශක්තිමත් උනා.. එයාගෙ අනික් සාමාජිකයන්වත් ශක්තිමත් කලා. ඒ අපහාස හැම දෙයක්ම එයාගෙ ජීවිතේ ශක්තිමත් කරගන්න මෝටිවේශන් එකක් කරගත්තා. වැටුනා පුළුවන් තරම් වැටුනා හැබැයි ඒ පොඩි කොල්ලා අනික් අයවත් නැගිට්ටවගෙනම එයත් නැගිට්ටා..

ඉතින් දැනට අවුරුදු දහයක්, එදා හිටිය ඒ පොඩි කොල්ලා දැන් මුළු ලෝකයක් දන්න
සංගීතඥයෙක්, ආසියාවෙ ඉන්න ලාබාලම බිලියනපතියෙක්, ලෝකේ ඉන්න හොදම නායකයෙක්, මිලියන ගාණකගෙ ආදරය ගෞරවය ලබන පුද්ගලයෙක්..

තවත් දවසක ඒ කොල්ලා මෙන්න මෙහෙම දෙයක් කියනවා,,

" මම ඉපදුනේ පුංචි රටක, පුංචි නගරෙක, පුංචි ගමක, ඒ ගම හුගක් ලස්සනයි වගේම මගෙ ළමා කාලෙත් හුගක් ලස්සනයි..
මම ඔයාලා හැමෝගෙන්ම අහන්න කැමති,
මොකක්ද ඔයාගෙ නම,
ඔයාගෙ හදවත ස්පන්දනය කරන්න  උද්දීපනය ඇති කරන්නේ කුමක්ද,
මට ඔබේ කතාව කියන්න මට ඔයාගෙ කටහඩ අහන්න අවශ්‍යයි,
ඔයා කව්ද කියලා කියන්න අවශ්‍ය නෑ,
ඔයා ජීවත් වෙන්නේ කොහෙද,
ඔයාගේ හමේ පාට,
ඔයාගේ ලිංගික අනන්‍යතාවය, කිසිවිටෙකත් අවශ්‍ය නෑ!!!!

කතා කරන්න ඔයා ඔයාටම.

ඒ තමයි එදා ඒ පොඩි කොල්ලා කිව්ව වචන ටික.. ඉතින් එදා හිටිය පොඩි කොල්ලා දැන් සාර්ථක මනුස්සයෙක් හැම අතකින්ම සාර්ථක මනුස්සයෙක්.. එයාගෙ සිංදු නිසා විශාදය හැදිලා හිටිය මිනිස්සු, තනිවෙලා හිටිය මිනිස්සුන්ට ජීවත් වෙන්න ආසාවක් ආවා, එයා ලෝකෙට හිනාවෙන්න හේතුවක් හොයලා දුන්න. ඒ කොල්ලා නිසා තමන් තමන්ට ආදරේ කරන්න පටන් ගත්ත.

අන්තිමට ඒ පිරිමි ළමයා තව එකම එක දෙයක් කිව්වා..
මං තවමත් ඒ ගමේ ජීවත් පොඩි කොල්ලම තමයි..
කතා කරන්න ඔයා ඔයාටම!!!





ඔන්න ඔය විදිහට තමයි ඒ ලස්සන කැළෑ මල ලෝකෙටම සුවද බෙදුවේ.. 💙

කැළෑ මලක් උනාට කැලේ පිපෙන
ලස්සන මලක් වෙන්න සුවද පතුරන
මලක් වෙන්න පර වෙවී පිපෙන
පෙති විහිදවන්න මිනිස් හදවත් සුවපත් කරන්න...





අවසානෙට ඒ කොල්ලා මගේ ජීවිතේ මගේ හදවතේ උඩින්ම ඉන්න ආදරණීයම අමරණීයම චරිතය වේවී සදහටම!!!!!!

° ඔබ කැළෑ මලක් ලෙස ඉපදුනාට කමක් නෑ. නමුත් ඔබ කැළෑ මලක් ලෙසම මියයන්න එපා.. °
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

____________________________________________________________________________
Hellow Lamayi ..

ඩ්‍රාමා ප්‍රැක්ටිකල් වල story telling එකට කියන්න කතාවක් නැතුව ඉන්නකොට එකපාරටම ඔලුවට ආවේ මෙන්න මේ වචන ටික,

කැළෑ මලක් උනාට කැළෑ මලක් වෙලාම මැරෙන්න එපා..

ඉතින් මතක් උනා නම්ජුනීගෙ wild flower. ටිකෙන් ටික ගැලපුවා කතාවක් ඉතින් අවසාන ප්‍රතිඵලය තමයි මේ තියෙන්නේ.

මේක එදාට කියලම දෙන්න හිතන් හිටියට ලිව්ව ගමන් දෙන්න හිතුනා ඉතින් ඒක ඔයාලා එක්ක බෙදාගත්තා.

මං හිතනවා මේක ලස්සන ඇති සහ තේරුමක් ඇති කියලා.
කියවලා බලලා අදහස් කියන්න.

Lvyuuuuu
DarkBunny✍🏻❤️

Wild Flower ❤️ KNJ [Completed]Where stories live. Discover now