episode 16

1.8K 213 31
                                    

දුකයි දුකයි කියල ඒ දවස්වල දැනුනට
ඒ ගෙවුනේ මගේ ජීවිතේ අන්තිම වස්සානය.
එක දවසක් ආවා එදායින් පස්සෙ කිසිම දෙයක් සතුටු හිතෙන විදිහට වුනේ නෑ .
මොකද මගේ වස්සානයෙන් මාව හොයන් ආපු කුමාරයා යන්න ගියේ ඒ හැම දේම අරගෙන එයාගේ මතකය විතරක් මට දීලා .
මම අදටත් පසු තැවෙනව ඇයි මට බැරි වුනේ වෙන දෙයක් වෙද්දෙන් කියල ඒ කකුල් දෙක හරි බදාගෙන අඩන්න යන්නෙපා කියලා...

ම් දැන් ඒවා හිතල වැඩක් නෑ...
ඒක ලොකු mistake එකක්. ජීවිතේ කිසිම දවසක නොවුනු අත්වැරදීමක්. සමාවක් නොමැති ජීවිතාන්තය දක්වා දඩුවමක්.
ඒ කොහොම වුනත් මට කියන්න ඕන
ඒ කාලය ගැන ...
මගේ ප්‍රථම අප්‍රකාශිත ප්‍රේමයේ හදවතේ සියුම්ව පතොක්  කටුවකින් ලියපු අදටත් මතක් වෙන වාරයක් ගානේ එකවර කදුලුත් හිනාවත් මූණට කැන්දන මගේ වස්සානය
ගැන මට කියන්න ඕන
නිවී සැනසිල්ලේ...



























මම එදා ගෙදර ගියේ හිනාව මූණේ පුරා අලෝගෙන...
දෙනුවන් අයියා කෑ ගැහුවට මගේ ලකුණු නරකම නෑ.
මම ගෙදර ගියේ අම්මට ඒක කියන්න.
අඩුම තරමේ බැරි වෙලාවත් හොදයි පුතේ කියලා හරි ඔලුව අතගෑවොත්...
එහෙම වුනොත් නම් මම පන්තියේ පළවෙනියා වෙන්න පාඩම් කරන්න ගනියි .
නැති එකාට පොඩි දෙයක් හරි ලැබෙනව නම් ඌට ඊට වඩා දෙයක් නෑ ...

හෙට ඉස්කෝලෙ වාර අවසාන ම දවස .
උගන්වන එකක් නෑ .ගෙදර ඉදලත් ලොකු වැඩක් නෑනේ යනව ඔහෙ  සින්දුවක් කියල නටලා කරලවත් එන්න ...
අනිද්දා සිකුරාදා නෙ අරකගෙ අච්චාරු ටිකත් හදපන්කෝ හෙට.
අද ගිහින් වෙරලු ටිකක් කඩන් ආවා නම් හරි. අඹයි පේරයි නම් හෙට හවසට කඩලා තියා ගත්තම ඇති .දෙනුවන් අයියා ගැන කිව්වොත් ගෙදර දෝණියැන්දාත් කේස් දාන එකක් නෑ .

" අම්මේඒඒඒඔඒඒ කෝ ඔයා ..."

මම ගෙට ගොඩ වුනේ ම දොරකඩ ඉදන් ම අම්මට කෑ ගහගෙන.
හරි මහන්සි අප්පා මම ඉස්තෝප්පුවෙ පුටුවකට වාරු වෙලා සපත්තු මේස් ගැලෙව්වා...

" මොකො ගිරිය කඩන් කෑ ගහන්නෙ "

අම්මා කුස්සියේ ඉදන් ද කොහෙද ඇවිත් උලුවස්සට හේත්තුවක් දා ගත්තා.
මම බෑග් එක අවුස්සලා රිපෝට් පොත අරන්  දික් කරා ම ඒක අරගත්තා ..

නිදුක් Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ