Chapter 4

301 36 10
                                    

"ඔබගේ නාමය.."

"මා මේඝ..කාලිමේඝ...

"මේඝ..මා සිතනා අන්දමට නුඹේ ගමනාන්තය කෛලාශ පර්වතය වියයුතුයි.."

"නුඹ..නුඹ කෙසේද එය.."

"කෙනෙක් මෙම යක්දෙසි වනය පසුකරගෙන යන්නට සමත් නම්.. ඔහුගේ ගමනාන්තය කෛලාශය විය යුතුමයි..එය එසේ නොවේද.."

"එහි අරුත නුඹත්.."

"ඔබට වැටහී ඇතිහැඩයි..නුබ එහි යාමෙ අභිලාෂය මා විමසන්නෙ නැත..නමුත් ඉදිරි ගමන් මාර්ගය ඉතා කටුක බැවින් නුඹට මා සමග යා හැකියි ."

"අනවශ්‍යයි..එසේ පැවසීමට හේතුව මාගෙ අන්දභාවය නිසා නම්...
එය අමතක කර දමන්න..මා මුදවා ගත්තාට තුති..පිටවෙන්නම්.."

"මා නුඹව මුදවාගත්තා..නුඹ දැන් නිදහස්..නුබේ අරමුන ඉටුකරගැනීමටයි මේ කාලය.."

"මොහු මරා දමනු.."

"රන් අසිපතේ සැබෑ උරුමක්කරු මමයි.."

"නවතිනු..එසේ කරන්නෙපා..කම්බිලී..නවතිනු.."

"මගේ මේඝ..නෑ  නෑ..එපා..කම්බිලී ඔහුට යන්න දෙනු..ඔහු මරන්නෙපා......."






"එපා.........."

එපා..මොකද්ද ඒ හීනේ..කවුද ඒ..කාලිමේඝ..මොකාද එ පොර..මේඝ කියපු මිනිහා ඇයි මන් වගේ ඉදියේ..එත් අනිත් කෙනා..ඒ කවුද..

අනෙ මන්දා..දැකපු හීනේ කිසි තේරුමක් නෑනේ..දැන් දවස් දෙකක ඉදන් මන් මේ විකාර හීනේ කෑලි කෑලි දකිනවා..ඊයේ දැක්කා මන් වගේ ඉදපු මේඝයව ලොකු යකෙක් ඇවිත් ගිලින්න හදනවා..හැබැයි ගිල්ලේ නෑ බේරගන්න මොකෙක් හරි ආවා..කොහෙද ඉතිම් to be continue කියන්න වගෙ එකපාරටම කටහඩවල් ටිකක් එක්ක අපහැදිලි ජායාවගයක් පෙනුනානේ..

අදත් එහෙමයි..මරන්නෙපාලු..කඩුව දීපම්ලූ..හැබැයි අද අලුත් නමක් ඇහුනා..කම්බිලි..මොකාද යකෝ මේ බිලී පිත්තා..පාන්දර දෙකයි පනස් පහයි..ඊයෙත් මේ වෙලාවෙදිම මගුලක් දැකලා කෑගැස්සිලා නැගිට්ටා..අදත් එහෙමයි..මොන කුරක්කන් හැලපයක්ද යකෝ මේ..

අනික අර මන් වගේ ඉදපූ මේඝයා..ඒකා නිකම් අර අන්ටෙමඩ් එකේ වෙයි වුසියෑන් වගේ..අනිත් එකා නම් ලාන්සාන් වගේ කොන්ඩෙත් වැවිලා යකෝ..රජකාලෙද මන්දා..

_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]Where stories live. Discover now