🍂 05 කොටස

287 38 9
                                    


🌼 මල්සර






හිමින් සැරෙ දොර ගාවට කිට්ටු වුන මං බිත්තියට පිට දිලා හෙත්තු වුනා. එහෙම ඉද්දි ඇතුලෙ කතා වෙන එවා හොඳට ඇහෙනවා.

" රනුඝ පුතාට ගමට එන්න කිව්වත් මං දෙගිඩියාවක හිටියෙ දරුවො..."

" තනියෙන් යන්න කිව්වට මොකො ගමට ආවා කියල කෝල් එක එනකන් මාත් බයෙන් හිටියෙ සීයේ "

" හ්ම්ම්ම් කොල්ලා අපෙ නෝනගෙ ( රනුඝගෙ ආච්චි) මරනෙට ආවට දවස් දෙකක් විතර නෙ හිටියෙත්.. එ ඉඳල වෙච්චි හරිය මතකයිනෙ "

" කොල්ලා එ වෙද්දිත් හිටියෙ ඇක්සිඩන්ට් එක නිසා ශොක් එකෙන්නෙ සීයෙ. ඒක වෙලා අවුරුදු එකහමාරක් යන්නැති. රනූට එකපිට එක වුන දෙවල් දරාගන්න බැරිවුනා. "

හ්ම්ම්ම් එ දවස... ආච්චි නැතිවෙලා කිව්ව හැටියෙම අයියා මාවත් දාගෙන ගමෙ ආවා. අයියත් ගොඩක් කලබලෙන් හිටියෙ... අපි ගමට එද්දි සෙනඟ පිරිල මෙහෙ හැමතැනම. මං හොඳ සිහියකින් නෙවෙයි එදා හිටියෙ. මට මතක නැ මම කා එක්කවත් කතා කරාද කියලවත්. අඩුම මම ඇඩුවෙවත් නැ.... එහෙම ඉද්දි තමයි මට එකසැරෙම පැනික් ඇටෑක් එකක් ඇවිත් තිබුනෙ. මෙ දෙවල් කිසි දෙයක් මගෙ මතකෙ තිබ්බෙ නැ.. දවස් හතරකට පස්සෙ සිහිය එද්දි ආච්චිගෙ මරනෙ වැඩත් අවසාන වෙලා. අයියා තමයි හැමදෙම ගැන පස්සෙ දවසක කිව්වෙ මට.

" ඇත්ත.... පොඩිඑකාට දරාගන්න අමාරු වුනා. අපෙ නෝනත් ලොකු පුතාලා නැතිවුනත් හරි ගමට වඩා වැඩිහරියක්ම හිටියෙ කොළඹ නෙ.. රනුඝට තවත් හිතට වැදුනා ඒක. අසනීප වෙලා මෙහෙ නැවතුනත් හරි මාසයක් වත් වුනෙ නැ නෝනෙ අපිව දාලා ගියා "

එහෙම කියන ගමන් කන්නාඩි දෙකත් ගලවපු සීයා ඇස්දෙකෙ දිලිසි දිලිසි තිබ්බ කඳුලු පිහිදලා දැම්මා. සීයට දුකයි අදටත්.... ඇත්ත අපිටත් වඩා සීයට ආච්චි අම්මා නැති අඩුව ගොඩක් දැනෙනවා. කොච්චර සැර පරුෂ කෙනෙක් වුනත් සීයා කවදාවත් ආච්චි අම්මට සැරවැර කරල නැහැලු. ඉස්සර තාත්තා තමා ඔවා කියන්නෙ. ළමයි රොත්තක් හදලත් ආච්චි අම්මයි සීයයි අලුත බැඳපු ජෝඩුව වගෙලූ හිටියෙ. සීයා ඉස්සර නිවාඩුවට එද්දි තාත්තලට විතරක් නෙවෙ ආච්චි අම්මටත් කඩචොරු මල්ලක් ගෙනල්ලා දෙනවලු. වයසට ගියත් මොකද කාටද ආදරේ තහංචි.

 🌼 මල්සර ( Non - Fiction )Tahanan ng mga kuwento. Tumuklas ngayon