සුදු අරලිය මල් කිනිත්තේ පස්වැනි කුසුම...

578 67 85
                                    

" අනේහ්.. අනේහ්.. උඹර්ට ඉන්නෙ මං විතරනේ.."
" අනේ මට ඒම කරන්නෙපාහ්හ් ලොක්කයියේහ්හ්.."
" මාවත් අරන් පලකෝ.."



" බෑ බෑ මට පරක්කුයි.."
" බැහැපන් දැන් කරෙන්.."



" ආ ඒ කියන්නෙ උඹ මාව එක්ක යන්නෑ.."



" නෑ බං නෑ.."



" අහ් එහෙමත බොසා.. එහෙනම් බලාගමු ඈ.."



" ඇයි උ - - - "



" අම්මේහ්හ් මේ ලොක්කයියට කෙල්ලෙක් ඉන්නවා.. !! "
" ඒකිව දාම් යන්න ඕන නිසා මූ මාව ඉස්කෝලෙ ගිහින් දාන්න බැල්ලූ.. !! "



අයියා ඔලුවෙ අත ගහගත්තෙ මම අම්මට කිව්ව බොරුව නිසා..



" ලොකූ.. !! "
" මොනාද ඔය චූටි පුතා කියන්නෙ.."



" මුගෙ බොරු අම්මෙ.."
" නැගහන් ගිහින් කාර් එකට.. පොඩි පරයා.. !! "



ලොක්කයියා කිව්ව සනික අම්මටයි තාත්තටයි වැන්ද මං දුවගෙන ගිහින් වාහනේට නැගලා පැසෙන්ජර් සීට් එකෙන් වාඩිවුනා.. හහ්හ්.. හිතුවා මෙතන මාව දාලා යන්න.. හඳේ තමා ලොක්කයියෙ ඔව්වා.. !!

ටිකකින් අයියත් ඇවිත් නැගලා මට රවලා ඩ්‍රයිව් කරන්න ගත්තා..



" උඹත් මාවම කාපන්.."



" උඹව නැතුව මං එහා ගෙදර අයියව කන්නයෑ.."
" අනේ ලොක්කයියෙ.. යනගමන් බනිසක් අරන් දෙනවකො.."



" මොන බනිස්ද.."
" කට වහන් ඉඳහම් පොඩි එකෝ.."



" අනේ අයියේ අරන් දෙනවකෝ.."
" බඩගිනී.. !! "



මං ආයෙ නහයෙන් අඬන්න ගත්තම අයියා ටිකක් දුර ගිහින් වාහනේ නැවැත්තුවා විජයපාල බේක් හවුස් එක ලඟින්.. ආනේ.. අයියා බනිස් ගේන්න යන්නේ.. !! බලන්න එයා රැව්වට මට ආතරෙයිනෙ..

බනිසුත් අරන් දීලා මාව එදා වගේම ඉස්කෝලෙ පාර ලඟින් දාපු අයියා වාහනේ හරෝගෙන ගියා.. මං රවුමක් කැරකිලා ඉස්කෝලෙ පැත්තට යන්න ‍යද්දි දැක්කෙ තේව් අයියව.. අදත් අර අක්කා එක්ක.. !!

සුදු අරලිය...Where stories live. Discover now