විසි තුන්වන ස්වරය ♥

359 18 40
                                    

"අයියෙ...මාතරට දෙකයි..."

ගාල්ල ස්ටේශන් එකෙන් මාතරට ටිකට්ස් දෙකක් ගත්ත මම මගෙ ගෝත කරුමෙත් ඇදගෙන ඇතුලට රිංගුවා...ගාල්ල ස්ටේශන් එක තියෙන්නෙ පොඩි ඇලක් අයිනෙ...ඒ ඇලට එහා පැත්තෙ පාර දිගටම තියෙන්නෙ ටියුශන් සෙන්ටර්ස් වගයක්...ලමයි පාර දිගේ යනවා...මම ඉතින් කෝකටත් අහස් අයියට මැසෙජ් එකක් දැම්මේ දැන් ට්‍රේන් එක කොහෙද කියලා බලාගන්න.

"දැන්නම් බූස්සෙ මල්ලි..."

ඒ අහස් අයියගෙ රිප්ලයි එක...ඉතින් අපි දෙන්නා ....

පොකුනයි පියුමයි විලසින් උන්නේ - ඔබ පමනයි අප හුන් සුවතැන් රසතැන් දන්නේ ...ඔබගේ සිත මා නැත හඳුනන්නේ වරදක් නැතුවයි පිටුපා යන්නේ...තේරෙයි තේරෙයි තේරෙයි තේරෙයි තේරෙ....යි...සුබ සැන්දෑවක් වේවා . .... ....

ආස් සොරි සොරි....අපි දෙන්නා ගැන කියන්න ගිය ගමන් සින්දුවක් මන්දෝ වුනානෙ....මට තියන පුරස්නෙ තේ රෙනව කියලා පස්සෙ සුබ සැන්දෑවක් කියන්නෙ ඇයි කියන එක...තේ රෙන්න සිලෝන්ටා එකේ අයිති කාරයාටවත් බැරුවැති මයෙහිතේ...

ඒවයින් වැඩක් ඉල්ලේ...අපි දෙන්නා...මැද තියන platform එකේ කෙලවරේම තියෙන බෙන්ච් එකේ ඉඳගත්තා...මහන්සියි...අව්වෙ ඇවිදපු නිසා වෙන්න ඇති දාඩිය බේරෙනවා.

"සුදු මහත්තයා..."

"ඕ මගෙ චුට්ටම් බට්ටිච්චෝ...මේ ඔයා දැකපු තං ගෙඩිය කොයි ?"

"චුට්ටම් බට්ටිච්චා දැක්කේ දං ගෙඩියක් මිනියෝහ්...ඒ මගුලක් නෙවේ...අහනෝකො....අපේ සින්දුව කියන්නකො අනේ..."

"අපේ සින්දුව කිව්වෙ අර අරකද..."

"ඕ ඕ...ඒ ඒක තමා..."

"හරී...ඔන්න එහෙනම් කිව්වා..."

මම හොඳටම දන්නවා මේ කියන්න කියන සින්දුව මොකක්ද කියලා...එහෙමයි කියලා ඉතින් එකපාරට කිව්වම අගයක් නෑනෙ මෙයා...පොඩ්ඩක් අගේ කරන්නත් එපැයි...ඒ නිසාමයි මගෙ කට කනට ගිහින් කන ඇහේ ඇනිලා මම පොට්ට වුනේ...දැන් මම පොට්ට ශෙරෝ....කටේ රැල් බුරුල් ඇරලා මම ඉතින් පටන්ගත්තා සින්දුව.

තත් 🔞Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ