නුවර යන්න කතා කරගන ගෙවල්වල අයටත් කියලා කට්ටියම යන්න ලෑස්ති වුනා. සත්රූ සිතුම් ආයු යෙනුජ යෙහාන් ඉවේන් වගේම අකිල , යොවිදු දෙන්නත් මේ ගමනට ලෑස්ති වුනා. උදේ හයට යන්න කතා කරගන හිටියට මොකද තාම යන වාහනේනන් පේනමානෙකවත් නෑ. හය හමාරයි. කීවෙනන් කොහොමද පාරට එන්න ඕන්නෑ අපි එන්නන් කියලා ඒත් තාම නෑ. කැබ් එකේ යන හින්දා හොදයි ඉතින් නැත්තන් පිස්සු හැදෙයි.
හතයි , තවත් නෑ. හතරදෙනාට නින්දක් නිදාගනත් ඇහැරෙන්න වෙලාව තිබ්බා. නෑ කියන්න ඕන්නෑනෙ. මං හිතන්නෙ සිතුම් දෙවනි පාරත් කෑවද මංදා. කුසුමා නැන්දා පස්සෙන් කුනු කුනු ගගා කුස්සියටම ගිහින් දෙවනිපාරටත් කෑමවලට සාධාරණයක් කරා. හත පහුවෙලා විනාඩි දහයක් විතර යනකොට කලුපාට කැබ් එකක් ඇවිල්ලා ගෙදර ඉස්සරහ නතර කරා. කුසුමා නැන්දට වැන්ද හතරදෙනා ගෙදරින් එලියට බැහැල කැබ් එකට නැංගා. ආයුටනන් ඉස්සරහ පැසේන්ජර් සීට් එක ඉඩ තියලයි තිබ්බෙ. සත්රූ යෙහාන්ට එහාපැත්තෙ යෙනුජ සිතුම් දෙන්නත් සත්රූලට පිටිපස්සෙ සීට් එකේ ඉදගත්තා. ඊට පිටිපස්සෙ හිටියෙ ඉවේන්ගෙ මිත්‍ර පරාන දෙක.
ඉවේන්ගෙ ඩ්‍රයිවින්වලට පින්සිද්ද වෙන්න පැය බ්තුනකින් විතර වගේ කට්ටිය නුවරට ලං වෙලයි හිටියෙ. ඩ්‍රයිවින් සීට් එකේ යන කෙනයි , පැසේන්ජර් සීට් එකේ යන කෙනයි ඇරුනම අනිත් ඔක්කොම කට්ටිය කට කපලා නිදි. බොරු කියන්න ඕන්නෑනෙ සමහර අය කටවලුත් ඇරගන.
" ලමයි නැගිටින්න. අපි මාලිගාව ලගට ආවා "
" ඔහොම කියලනන් හරියන් නැතිවෙයි අයියෙ "
ඉවේන් ඇහැරවන විදිහට නෙම්නෙ ආයු කට්ටියව ඇහැරවන්නෙ. ඒක තමා කියන්න ඇත්තෙ ඔහොම කරලා හැරියන්නෑ කියලා.
" ආ නෑ නෑ අපි නැගිටලා "
ආයු කියලා ඉවර වෙනවත් එක්කම උත්තර දුන්නෙ වෙන කවුරුත් නෙමේ සිතුම්. මොකද එයාට බානෙ හැමෝම ඉස්සරහ ගුටි කන්න. ඉස්කෝලෙ ඩිපියුටි හෙඩ් බෝයිගෙ නම්බුවට මොකද වෙන්නෙ ඒම ගැව්වම. ඒක කුඩුවෙලා යනවනෙ නේද.
" හරි කට්ටිය බහින්න කලින් කියන්නකො අපි යන්නෙ කොයි කොයි තැන්වලටද කියලා "
BẠN ĐANG ĐỌC
ආයු ( Non fiction )
Phi Hư Cấu" ඔයාට ආදරේ කියන්නෙ අකුරු හතරක් වුනාට.... මට ඒක අකුරු කරගන්න්න බැරි හැගීමක්. මම ආදරේට හරි ලෝබයි අයියෙ " - ජානුල් ඒනාශ් ( ආයු ) " රසකරලා කියන්න අනිත් අයට වගේ ලස්සන ස්ටෝරියක්නන් මට නෑ මල්ලි ඒත් උඹ දකිනකොට මගෙ හිතට එන හැගීම අවංකයි " - එනුක ඉවේන්