02. මූසල බෝනික්කි

67 14 18
                                    

"ඔය ළැමයි තුන්දෙනා වලව්වට ගොඩ වෙන්ට කලියෙන් කහ වතුරෙන් අත පය සොදගන්ඩලා...... ඔය තුන්දෙනාගෙන් එකෙක් මැරිලා ගියානම් උබලැයි පවුලට මීට වඩා සෑහෙන්ට හරි යනොවා. තුන කියන්නෙ හෙන නපුරු ඉලක්කම්ක් නොවැ චුට්ටි නිලමෙ."

එළ කිරි පාට ඔසරියෙ ගල් අල්ලපු කැටයම් කපපු නෙරිය, ඝන කාලවර්ණ ඈස, ලා රත ගැහුන ලවන්, යන්තමට රැලි වැටුනත් පැහැපත් බවින් අඩු නැති වත, තැනින් තැන ඉදුන ඉසකෙ පවා එ රූපෙ තව තවත් ඝාම්භීර කරන්න සමත් උනා. රලපනාව පොඩි මැණිකෙ කියන්නෙ රුස්සන්නෙම නැති චරිතයක් උනත් අපිට බැරි උනා එ අනට අවනත නොවෙන්න.

ඔන්න අපෙ හිතුවක්කාරිට නම් නොසෑහෙනට මල පැන්නා වගෙ.... එකි කොමත් හැම තත්පරෙම ඉන්නෙ දුම්මල වරම පශ්චාත භාගයෙ මැද්දට වෙන්න ගහගෙන වගෙ නෙ.

මෙතැක් කියලා ගනින්න දන්නෙ නැති තරම් දිග ඉතිහාසයක් තියෙනවැයි කියලා පුරාජෙරු ගහන , මහත ගල් කණු උඩින් තට්ටු දෙක්කටම නැංවුන, නුවරත් නුවර එළියත් මැද කන්දක් උඩ මීදුමෙන් වැහුන, පුවක් ගස් වලින් බෙරුන මිදුලක මැද්දෑවට වෙන්න, පඩි දහයකින් ඉස්සුන රලපනාව වලව්ව අපි දිහා බලාන ඉන්නෙ සෑහෙන උද්ධච්වකමකින්. කලුවර ලීයෙන් කැටයම් මවපු පියන් දෙකෙ දොර පහු කරගෙන අපි තුන්දෙනා ඇතුලට යනකොට අප්පච්චිත් පොඩ්ඩිව වඩාගෙන ඇතුලට ගෑටුවෙ පොඩි මැණිකෙගෙ පස්සෙන්.

"මලෙ..... මම මෙ උබලව දෑහට දකිනකල් පපුවෙ ගින්දරෙන් උන්නෙ."

අප්පච්චිගෙ ලොකු අක්කා වෙච්චි අපෙ ලොකු නැන්දම්මා වෙච්චි ලා කොල පාට ඔසරියකින් හැඩ උන , ඇසුත් කලු හිසත් කලු, වත තලෙලු ලොකු කුමාරිහාමිගෙන් මට දැනුනෙ දයාබර ගතියක්.

"මොකදෑ මේ වෙලා තියෙන්නෙ ? මූණුත් එක්ක ඇදිලා ගිහිල්ලා.... හාමත් වෙලා වගෙ..... වරෙල්ලා තෙ උගුරක් බීලා ටිකක් උණුහුම් වෙන්ඩ...."

කොට කලිසමකට බැගී ටී ෂර්ට් එකක් දාගෙන උන්නු අපෙ හිතුවක්කාරි උන යොෂී අපර්නා රලපනාව , උරහිසෙ ගෑවෙන තරම් දිගට කොණ්ඩෙ වවාපු මම උන යෂ් ආර්යන්, බෙල්ල දිගට ටැටූ එකක් ගහපු අපෙ පොඩි එකා උන යෙෂ් අරුන්දිත් , අපි තුන්දෙනාම මෙ වලව්වට කොහෙත්ම ගැලපෙන්නෙ නැති උදවිය.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

Night Has Come Where stories live. Discover now