දඬු මොණරු 42

528 81 16
                                    

රුකී අයියලට වෙච්ච දේවල්,ඒ සිද්දිය ඉස්සරහට ගලා ගෙන යන්නේ කොහොමද කියලා හිතලම මගේ ඔළුවත් රිදෙන්න ගත්තා. රෑ වෙලා නිව්ස් වලට ඔය සිද්දිය යනකම් ඉවසන් ඉන්න එපැයි ඉතින්. ඒ උනාට නිව්ස් වලට වඩා වැඩි දෙයක් යශ් අයියගෙන් දැන ගන්න පුළුවන්.

ඒ අස්සෙන් මානවී අක්ක, දමිත් අයියා, අර කවිඳු මේ හැමෝම ගැනත් මතක් උනා. මානවී අක්කට ගමේ සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයිද දන්නෙ නෑ. මොකද දමිත් අයියගෙ සිද්දිය නිසා. එයා නිසා ඒ වගේ අපරාධයක් වෙලා තියෙද්දී එයාට පසුතැවීමක් වත් නැද්ද දන්නෙ නෑ. මිනිස්සු තමන්ගේ අතින් සිද්ධ වෙන වැරදි වලින් පාඩම් ඉගෙන ගන්නව. මානවී අක්කත් එයාගෙ වැරදි දැන් වත් තේරුම් ගත්තොත් හොඳයි. එක කොල්ලෙක්ට ආදරේ කරලා ඒ කොල්ලත් එක්ක ගියත් කමක් නැහැ මේ වගේ දෙතුන් දෙනෙක්ගෙ ජීවිත එක්ක සෙල්ලම් නොකර........

ජූඩ් අයියා මට මැසේජ් එකක් දාලා තිබ්බ රුකී අයියලාගේ හොටෙල් වලින් වැල්ල ලඟම තියෙන හොටෙල් එකේ පොඩි කලබලයක් ගිහින් බලලා එන්නම් කියලා.

ඒ මැසේජ් එක දැක්ක වෙලේ ඉඳන් මගේ කකුල් දෙක ගැහෙනවා.මගේ ආරක්ෂාවට
කරපු දෙයක් උනත් මං මිනී/මරු/වෙක්දෝ කියන හැඟීම මට වද දෙන්න ගත්ත. පොඩි මහත්තයා වගේම යශ් අයියත් කිව්වෙ රුකීට මුකුත් වෙලා නෑ කියල උනත් බෙල්ලෙන් ලේ විද්ද හැටියට මට ඒක විශ්වාස කරන්න බෑ.......



රෑට කාලා එහෙම ඉවර වෙලා මං බලන් හිටියේ යශ් අයියා එනකන්. ෆෝන් එකෙන් විස්තරේ දැන ගන්නත් හිතයි. ඒත් හිතට බයයි, යශ් අයියා ලඟ ඉද්දී නම් බය වෙන්න දෙයක් නෑනෙ.මල්ලිට නම් ඔය මුකුත් දැන ගන්න තියන්න හොඳ නෑ. ඒකා තාම පොඩියිනෙ. ඔය සිද්දිය දරා ගන්න බැරි වෙයි. ලේසි පාසු සිද්ධියක් නෙවෙයිනේ. අනික ඕවා මීඩියා වලින් එක දෙක කරලා කියද්දි මමත් ඔය සිද්ධියට සම්බන්ධ නිසා එයාගෙ හිතට ඕක දැනෙනවා වැඩියි. ඒ නිසා ඒ සිද්දිය ගැන එයා ඇහුවත් ඒක ශේප් කරලා අමතක කරවන්න ඕන........

වැල්ලේ සිද්ධ වෙන දේවල් ජූඩ් අයියා මට මැසේජ් කරලා හරි කෝල් කරලා හරි කියනව.කේශ් අයියලාගේ හොටෙල් එක පැත්තට ගියත් එයාට වැඩි විස්තර දැන ගන්න ලැබිලා නෑ. එයා දන්න එකම දේ කේශ් අය්යලාව හම්බ වෙන්න පොලිසියෙන් ඇවිත් ඊට පස්සේ එයාලත් කලබල වෙලා වාහනේ අරන් කොහෙද ගියා කියන එක විතරයි.

දඬු මොණරු Where stories live. Discover now