තවත් සංසාර භවයක අපේ දෑස් එකිනෙක මුනගැහෙන්නට පොරොන්දු වූ නිසා තවමත් අප දෙදනා නාදුනන ආගන්තුකයින් වී එකිනෙකා පහුකරන් යන්නට ඇති. කෙලවරක් නැති සංසාරයක් ගැන අපි සිහින මැව්වට මේ ජිවිතේ හරි කෙටි!.... දෛවයේ අපිව මුණගැහෙන්නට ලියවිලා තියෙ නම්, උඹව මට උරුම නම් . මොන ලෝකෙක උඹ හිටියා උනත් මට ලැබෙනවා විශ්වාසයි....! උඹට කලින් ... මන් උඹව හොයාගෙන එනකල්, පුලුවන් නම් වෙන එකෙක්ට හිතෙ ඉඩක් නොදී ඉදපන්....! ආදරේ බව ඇත්ත නමුත් උඹ වෙන කෙනෙක් එක්ක ඉන්නවා දකින්න තරම් මේ හිත හයිය නැ. ~~~~~ ආවාරයකට ඇවිත් යළි ලං වෙන්න... සුළගක් වී නුඹෙ සුවද විදගන්න... ගොළු හදක ගැඹුරුම තැන් ස්පර්ශ කරන්නට... තවමත් මම බලාහිඳිමි නුඹ එනකල්...! - සංසාර ආවරේ