19

97 19 8
                                    

යූන්ගි හදිසියේම කරපු දේට ජිමින් එකපාරටම කලබල වුණත් එයාට යූන්ගිගෙන් ඈත්වෙන්න හිත දුන්නෙ නෑ.

එයාට දැනුණේ මුළු ලෝකෙම එකපාරට නතර වුණා වගේ.

ඒ එක්කම බඩේ සමනල්ලු රෑනක් පියාඹගෙන යනකොට වගේ දැනුණු අමුතු හැඟීමත් එක්ක ජිමින්ට දැනුණේ එයාගෙ කකුල් පණ නැතුව යනවා වගේ.

ඒ හැඟීමත් එක්ක ජිමින් හාදුවේ රස විඳින ගමන්ම යූන්ගිගේ ඇඟට බර වුණේ ඇසුත් පියා ගන්න ගමන්....

ජිමින්ට එයාගෙයි යූන්ගිගෙයි හැම මතකයක්ම මැවිලා පෙනුණා එයාගෙ ඇස් ඉස්සරහම...

මේ වෙලාවේ ජිමින්ගේ ලෝකෙ හිටියේ යූන්ගි විතරයි.

යූන්ගිම විතරයි....

ජිමින්ට දැනුණා එයා යූන්ගිට බර වෙද්දි යූන්ගිගේ අතක් ජිමින්ගෙ ඉණෙන් අල්ලගත්තු හැටි... පරිස්සමට....

එයාට දැනුණා යූන්ගි එයාව වට්ටන්නෙ නැති බව...

එයාට දැනුණා එයා මෙච්චර කාලයක් හොයපු ඒ ආදරේ... ඒ ආරක්ෂාව.....

හාදුවෙන් පස්සේ හෙමිහිට එයාගෙ ඇස් ඇරපු ජිමින්ට පෙනුණේ යූන්ගිගේ කඳුලු පිරුණු ඇස් දෙක...

"සාරන්හේ උරි ජිමිනා...." යූන්ගි එහෙම කියන ගමන් ජිමින්ව එයාට තුරුල් කරගත්තේ ජිමින් යූන්ගිගේ උණුසුමට තව තවත් තුරුල් වෙද්දි.

නත්තලත් ළඟ එන නිසා හැමතැනම පැතිරිලා තිබුණු ඒ හීතල ජිමින්ට පොඩ්ඩක්වත් නොදැනෙන්න වගේ යූන්ගි ජිමින්ව තව තවත් එයාට තුරුල් කර ගත්තා.

ඒ උණුසුම් වැළඳගැනීමෙන් පස්සේ ජිමින් යූන්ගිගෙන් ඈත්වුණේ මූණෙ පිරුණු ලොකු හිනාවකුත් එක්ක... ජිමින්ට දැනුණා එයාගෙ ඇස්වලින් එයාටත් නොදැනිම වැටෙන කඳුලු බිංදු.

"ඇයි මේ අඬන්නේ.... ම්ම්ම්? ඔහොම අඬනකොට හරි කැතයි ඔයා...."

යූන්ගි එහෙම කියන ගමන් ජිමින්ගේ කඳුලු එයාගෙ ඇඟිල්ලකින් පිහදැම්මා.

"ආ දැන් එහෙමද කියන්නේ? මම කැතයි නේ... එහෙනම් ඇයි මාව කිස් කළේ... දුෂ්ට පූසා"

ජිමින් එහෙම කියන ගමන් යූන්ගිට එරෙව්වේ යූන්ගිගේ හිනාව තව ලොකු වෙද්දි.

"මං ඔයාට ආදරෙයි කොටෝ"

යූන්ගි එහෙම කියන ගමන්ම ජිමින්ව බැක්හග් කළා.

"මාත් ආදරෙයි මගේ නපුරු පූසට"

යූන්ගිට හේත්තු වෙන ගමන්ම ජිමින් එහෙම කිව්වේ ඈත තරු පිරුණු අහස දිහාම බලාගෙන.











.




ඔන්න දෙන්නා සෙට් 😌 මං හොඳයි නේහ්?

එච්චර ලස්සනට ලියාගන්නනම් බැරි වුණා ☹️ සමාවෙන්න ඕනි ඒකට 🤧

හෙට අන්තිම චැප්ටර් එක 😌💜️

Nuuni_Nim

Shorty (YoonMin- Completed) 😾🐥 Where stories live. Discover now