09 වන පරිච්ඡේදය

311 33 10
                                    

Author's Note:
මාස තුනකට පමණ පසු මෙය පළ කරන බැවින් 08 වන පරිච්ජේදයෙහි අවසානය නැවත වරක් කියවා පැමිණෙන්න!

----
"හ්ම්ම්.....මන් යන්නම් එහෙනම්.ඔයා නිදාගන්න.."

"හරි...ගුඩ් නයිට්..පරිස්සමට යන්න.."

ආද්විනු නැගිටලා එළියට ගියා.මන් ආපහු බිත්තිය පැත්ත හැරුනේ එවෙලෙවත් මට එයාට ආදරෙයි කියන්න හිතිලත් නොකියපු නිසායි.ඔයා හිත හදාගනිවී ආදී.අපි අන්තිමට හම්බෙන දවසත් ඉක්මනට එවී!

ටිකක් වෙලා ඉදලා මන් සේපාලිකා ගහ ලගට යන්න හිතාගෙන එළියට බැස්සා.ඒත් එළියේ කාමරේ පැත්තෙන් ඇහුනේ කවුරු හරි අඩන සද්දයක්.ආද්විනු ගිහින් නැද්ද? ඒ එයාද?
ආපහු මගේ ඇස් වලින් කදුලු එන්න ගත්තේ මොන දේ උනත් ඒ මන් ආදරේ කරන එකා කියලා මතක් වෙද්දි.සාධාරණ හේතු නෑ කියන්න බෑ මට.ඒත් එකපාරක් හරි ඌව නිවෙන්න කතා කරන්න තිබ්බා මට.

මන් හෙමිහිට ගිහින් බලද්දි එතන හිටියෙ ආද්විනු තමා.බිම ඉදගෙන කකුල් දෙක අස්සෙ මූණ හංගගෙන අඩනවා.මට ලගට යන්න පුලුවන්කමක් තිබ්බේ නැහැ.මන් යන්නේ කොහොමද? හැමදේටම පස්සෙ එයා හිත හදාගනී කියලා මට හිතෙනවා.නිකන් බොරුවට ප්‍රශ්න ඇතිකරගන්න උවමනා නෑ මට.කොහොමත් අවසානෙදි අපිට වෙන්නේ වෙන් වෙන්න විතරයි.

එත් හිතේ තව පැත්තක් කිව්වෙම අතාරින්න එපා කියලා.එයා ළගට යන්න කියලා.මොනා කරන්නද නොකරන්නද කියලා කල්පනා කරලා වැඩක් ඇත්තේ නැහැ.දෙපැත්තට වැනි වැනි ඉන්නෙ නැතුව මන් තීරණයක් ගන්න ඕන.ආරො අම්මගෙ පවුල ගැන හිතලා මගේ ආදරේ නැතිකරගන්නෙ ඇයි මම? එයා ආත්මාර්තකාමි උනා වගේ මට වෙන්න බැරිද? අනේ එයාට ඕන මගුලක් වෙච්චාවෙ...මන් ආදරේ කරේ එයාගෙ දෙවෙනි කසාදෙ දරුවට නෙමෙයි මම දැකපු,මට දැනුනු ආද්විනුට!

මෙච්චරකල් ආරෝ අම්මා දුක්වෙයි කියලා හිතලා,එයාලගේ පවුලේ බැදීම පළුදු වෙයි කියලා හිතලයි මන් මේවගෙ පාඩුවේ හිටියේ.තවත් නම් මොකටද ඇත්තට? මෙච්චර කාලයක් මන් ආදරේ කරපු කොල්ලා මන් වෙනුවෙන් අඩද්දි මාව අවුරුදු ගාණකට කලින් දාලා ගියපු කෙනෙක් නිසා ඇයි මන් එයාවත් නැතිකරගන්නේ?

අස්ථාවර-❕Where stories live. Discover now