02✨

316 58 78
                                    


                 "අම්මා..!!!"

                  දෙවකගේ නිදන කාමරයේ වැහුනු දොරට එපිටින් ඇසුනු එක්නැලිගොඩ මහ මැණිකෙගේ තේජවන්ත කටහඬ හමුවේ දේවක සිහිලැල්ව අතහරින්නටත් පෙර කිරිවීදුරුවත් දෝතින්ම ගුලි කරන් සිහිලැල් දේවකගේ පපුවෙන් පසෙකට පැනගත්තේ ය. වරදක් කර හසුවූ පුන්චි මුව පැටියෙකු මෙන් ඔහු බිය වී ඇති අයුරු නෙත ගැටුණු දේවක සියල්ලටම පෙර බාලයාගේ හිස අතගෑවේ මුවින් නොපැවසුවත් ඒ ස්පර්ශයෙන් පමණක් සිහිලැල්ව මදක් හෝ සන්සුන් කරමිනි.

               තවමත් වැසී ඇති දොර දෙස බලා නැවතත් සිහිලැල් හමුවේ මෘදු මොලොක් බැල්මක් තැබූ දේවක ගෙවුන ඊලඟ තත්පරය තුල ඔහුගේ උගුරේ රැල් බුරුල් හැරගත්තේ ය..

                "අහම්.. දොර ඇරලා තියෙන්නෙ අම්මා" ඉදින් බලාපොරොත්තු වූ ලෙසම දොර අගුල කරකවාගෙන කාමරය තුලට ඇතුල් වූයේ සැලකිය යුතු රාත්තල් ප්‍රමාණයක් බර ඇති ඔසරියක් ගත දවටාගත් ගෙලටත් වඩා බරැති මාලයක් පැලඳි, ඉනේ බැඳි හවඩියකින් සහ පරම්පරාවට අනුකූල ලෙස ගෙල පාමුලින් ගැටගැසූ කොන්ඩ ගුලියකින් සම්පූර්ණ වූ එක්නැලිගොඩ මැණිකේය.

                 උදෑසනම ඒ මුහුණ අදුරුව ගොස්‍ ය.. නමුත් ඒ මුහුණ මත සිනහවක් මතු වූ දිනයක්ද කිසිවෙකුට මතක නැතුවාට සැක නැත.. ඇය ස්වභාවයෙන්ම දුටුවන් බිය කරවන අයුරේ බැල්මක් ඇති තැනැත්තියකි.. ඇයට අනුව නම් එය, 'පරම්පරාවේ තේජස' යි.

                නමුත්, දේවකගේ නිදන කාමරයේ ඔහුගේම කිරි වීදුරුවත් දෝතින් බදාගෙන බිම බලා හිඳිනා කුඩා කපටියා දුටු විට කවදත් අඳුරු ඇගේ මුහුණට හෙන හතක් ගැසුවා ය..

                 "දෙයි හාමුදුරුවනේ උඹ මොකද්ද මේ උදේ පාන්දර පොඩි හාමු මහත්තයගෙ කාමරේ අස්සට වෙලා කොරන්නේ.. ඒකත් ඔය බදාගෙන ඉන්නෙ හාමු මහත්තයගෙ කිරි එක නේද බොල.. කසපාර දෙන්ඩ ඉස්සර තියාපිය ඕක බිමින්!" එක්නැලිගොඩ මැණිකේ එසේ ගුගුලාය..

                  ඉන් සිදු වූයේ සිහිලැල් තවත් බිය වීමයි. වරදක් නොකල විටෙක නම් සිහිලැල් මැණිකෙට නොව මැණිකෙගේ බල්ලාටවත් මෙලෙස බිය නොවුනත්, වලව්වේ එකම පුත්‍ර රත්නයේ තුරුලට වී හුන් පසු සිහිලැල්ගේ සිතේ තමන් වරදක් කල බවත්, එය හසු වුවහොත් තමාට සිදුවිය හැකි දරුණුම දේවල් පිළිබඳවත් ඒ කුඩා සිත බිය වන්නට විය.. නමුදු මැණිකෙගේ දරුණු වාග් විලාසය හමුවේ දේවක තම ආදරය ඔහුගේ කර පසුපසට කරගනිමින් සිහිලැල් ඉදිරියෙන් සිටගත්තේ නැවතත් අර කිරි වීදුරුව සිහිලැල් අතින් තමා සුරතට ගනිමිනි.

සිහිලැල්Where stories live. Discover now