_08_

501 69 71
                                    

" මල්ලි ඔය ගහෙන් උබලට මල් කඩන්න බෑ ඕනනම් අර මැත්ස් එක ගාව තියෙන ගහෙන් කඩාගනින්. තව විනාඩි පහකින් එසෙම්බ්ලි එක කඩගාන්න මලක් කඩාගෙන ඉක්මනට ග්‍රවුන්ඩ් එකට දුවපන් "

ග්‍රවුන්ඩ් එකෙ ඉදන් ආර්ට් එක පැත්තට එද්දි බිල්ඩිම ඉස්සරහම තිබුණු වතුසුදු ගහ ගාව වට වෙලා හිටිය කොට කලිසම් ඇදගත්ත පොඩි කොල්ලො සෙට් එක එතනින් එලවලා දාලා පසිදු පඩිපෙල නැගන් උඩට ගියෙ සාක්කුවෙන් ගත්ත ප්‍රිෆෙක්ට් බැජ් එක ටීෂර්ට් එක කොනේ ගහගන්න ගමන්.
පරක්කු වෙලා ආව ලමයි දෙතුන් දෙනෙක් ඇරුනම ආර්ට් එකෙ අනිත් උන් ඔක්කොම දැනටමත් පහලට බැහැලා වගේ. කොහොමත් එසෙම්බ්ලි එක තියෙන දවසට ඒලෙවෙල් සෙක්ෂන් වල උන්ව පහලට බස්සන්න ඩිපියුටි හෙඩා ආව ම ඇති ඔක්කොම උන් ටික කෙලින්ම නවතින්නෙ ග්‍රවුන්ඩ් එකෙ. දහතුන එම් කියලා ලා නිල් පාට බෝඩ් එකක් එල්ලලා තිබුන ක්ලාස් එක ඇතුලට ගියපු පසිදු එන තැනම නැවතුනෙ පන්තිය ඇතුලෙ අන්තිම පේලියට කලින් පේලියෙ වාඩිවෙලා ඉන්න කෙනාව දැකලා.
ළමයින්ගෙන් හිස් වෙලා තිබුණු පන්ති කාමරය ඇතුලෙ මතීෂ හිටියෙ කකුල් දෙක පුටුවෙ දෙපැත්තට දාගෙන පුටුවෙ කකුල් දෙකකින් ඉස්සිලා පිටිපස්සෙ ඩෙස්ක් එකට පුටුවෙ ඇන්ද හේත්තු කරගෙන. හිනා පොදක් නැති ඒ මූන කෙලින්ම තිබ්බෙ බෑග් එක තනිකරට දාගෙන ක්ලාස් එකට එන තැනම නැවතුනු පසිදු දිහාවට හැරිලා.
මතීෂ දිහා නොබලම බෑග් එක ගලවල අතට ගත්ත පසිදු ඒ පේලිය පහුකරන් පිටිපස්සට යන්න හැදුවත් මතීෂ කකුලක් ඒ මග හරස් කරලා එහා පැත්තෙ ඩෙස්ක් එක යට යකඩ පටිය උඩ තිව්වා.

" කොහෙද යන්නෙ.."

" යන්නෙ මන් ඉන්න තැනට කකුල එහාට ගනින්"

" උබ ඉන්නෙ අපි එක්ක නෙ.. ගිහින් මගෙන් එහා පැත්තෙ වාඩිවෙයන් "

" මොන මගුලක් ද "

" ම්ම් ඒක තමයි මාත් උබෙන් අහන්නෙ.. මොන මගුලක්ද උබට වෙලා තියෙන්නෙ දැන් "

" කකුල ගනින් මතීෂ.. උබට එසෙම්බ්ලි එකට නොයා ඉන්න පුලුවන් වුනාට මට ඩියුටි වලට යන්න ඕන "

" තව විනාඩි පහක් තියෙනවා ඒ නිසා නිකන් දගලන්නෙ නැතුව ඉදපන් "

නූබී.. ( BL )  Where stories live. Discover now