Baby dont leave me

19 5 4
                                    

4 episode

#𝒮𝒶𝒹𝒶_𝓋𝒾𝓇𝒶𝓂𝒶_𝒶𝒷𝒽𝒾

දෙයියනේ ... යශෝ හිටියේ ගැහෙමින්
ඇය බිය තම මුහුණෙන් පෙනේවී දෝ යන්න බියක් තිබුනා....

ඇයට මතක් වුනේ එදා දවසක් ...
එය රහසක් චේතනා අසිතහෙන් එලියට නොගිය.. ප්‍රේම ප්‍රාර්ථනා ‍රහසක් !

පාසලේ අවසන්,වී දවස් 10 යන්නට පෙර හොඳම යාළුවෝ දෙන්නා හම්බ වුනේ එකිනෙකාව දැක ගන්නට උවමනාවෙන්..
ඒ සඳ රූ සහ යශෝධරාවී

විශෙශ්ෂයෙන් සඳරූට දැඩියෙන් උවමනා වී තිබුනා ඒ රෝසමලව බලන්න ...

කලබලෙන් වටපිට බලලා කලබලෙන්

"මගේ යශෝ මම ඔයාට ආදරේයි ඔයා මට කැමතියිද"

යශෝධරාවීගේ හොඳම මිතුරා සඳරූ නීර්භිතව
යශෝධරාවීගෙන් ඇහුවේ

ඇයත් සමඟ තනි වුනු දවසක...  ඒ ගංගාරාම, බේරෙ වැව මත වූ සීමාමාලකය...
දෙස බලාගෙන ගල් බංකුවක ඉදගෙන...

"කියන්න මැණිකේ ආදරේයිද "
කලබලෙන් වුනත් දෙවැනි වාරයේදී අසද්දි

ඒ ස්වරයේහී පුදුමාකාර සන්සුන් බවක් තිබ්බා
හැබැයි ඒහී සැඟවී තිබ්බ ප්‍රේම වටහාගන්න

යශෝධරාට ඉක්මනින් පුලුවන් වුනත් මේ බැල්ම
ඇයට නුහුරුයී  ඇය දන්න කියන දඟකාර බැල්ම නෙවෙයි මේ !...

කිසිවක් නොකියු යශෝධරා ඒ ඇස් දෙක දිහා බලාගෙන හඬන්න, පටන් ගන්නකොට කොල්ලා හොඳටම බය වුනා.....

"හෙයි ඇයි "

මුහුණ වසාගෙන අඬන්න පටන් ගත්ත හින්දා ..

ඔවුන්ගේ වෙලාවටද මන්දා ජනකීර්ණ මාවතත් වුනත් එදා නම් සෙඟ උන්නේ අතේ ඇඟිලි ගානට අඩුවෙන්..

"මගේ තාත්තා මගේ අම්මාට ද්‍රෝහී වෙලා එයාලා කැම්පස්  එකේ ආදරේ,කරපු අය නේද සඳ ...දැන් ගෙදර එකම යුද්ධයක් සඳ
ඔයාට ආදරේයිද අහනවා මම ඔව් කිව්වොත් මාව කවදාහරි දාලා යාවී මුරණ්ඩු වෙලා මට බයයි...සඳ මං මැරේවී සඳ  "

උතුරාපිටාර ගලන තාරූණ්‍ය මුල උන් දෙදෙනාම
ඔවුන්ගේ ආදර හැඟීම් අතර උපරිම තිබ්බා ..

"ඔයා මුරණ්ඩු වේවී සඳ මට අම්මාට වගේ එහෙම වේදනාවක් දරා ගනන් බෑ සඳ කවදාවත් බෑ සඳ "

𝚜𝚊𝚍𝚊 𝚟𝚒𝚛𝚊𝚖𝚊 | non ff | Boy and girl |Where stories live. Discover now