🌸 Weekend Night

55 16 29
                                    

Riya : හුටා ! මේ මායා ?? අද නේද දවස??

maya : මොන??

Riya : අද...අද අපේ වීකෙන්ඩ් නයිට් එක !!!

maya : දෙයියනේහ් !! කොහොමද මට ඒක අමතක වුනේ ????

මෙයාලා මේ කතා වෙන්නෙ එයාලා හැම මාසෙකම වගේ වේකෙන්ඩ් එකක තියන වීකෙන්ඩ් නයිට් එක ගැන..එදා සෙනසුරාදාවක් නිසා මේ පාර පාටි එක දාගෙන තිබුනෙ එදාට..

maya : මාෂි ඔප්පලා දිහා නේද අද පාටි එක?

Riya : ඔව් ඔව් ! අලියට හැතැම්මක් නෑ වගේ ගියේ ඔය අපේ ඔප්පත් උදේම !

රියා ඒ කීවෙ එයාගෙ අයියා ගැන..

tae : හා..හාච්චුං !

maya : ටේ ! මෙහෙට එන්න..අද මොකෝ නිකන් කැද බීලා වගේ?? බ්‍රෙක්ෆස්ට් එක ගත්තෙ නැද්ද?

ටේ මෙච්චර වෙලා මීක් නැතුව පැත්තකට වෙලා හිටිය නිසා මායට ඕනි වුනා ටේව ටිකක් වෝම් අප් කරලා ගන්න..

tae : නෑ නූනා ! මං මේ වෙනදා වගේම ඉන්නෙ !!

Riya : ඔව් හැබැයි !

maya : එහෙනම් ඇයි මේ හච්චුං අරින්නෙ සැරින් සැරේට? ඔයා අසනීපෙන්ද??

මායා එහෙම කිය කිය ටේගෙ ඔළුව අතගාන්න පටන් ගත්තා...

tae : අහ් ! නෑ නූනා !! මම හොදින්..මං හිතන්නෙ කවුරු හරි එක දිගටම මාව මතක් කරනවද කොහෙද..

Riya : හී...අනේ ඉතින් අපිව මතක් කරන්න නෑනෙ කවුරුත් ඔහොම..

ඒකෙන් මේකෙන් එයාලටත් මාෂිහෝලගෙ ගෙදරට යන්න ලෑස්ති වෙන්න වුනේ අද නයිට් පාටි එකට අනිවාරෙන්ම යන්න ඕනි නිසා..

මේ අතරෙ කොල්ලො සෙට් එක හෝ හෝ ගාලා වැඩ...

@mashiho's house

minho : ආව් ! ගොන් බූරුවා !! තමුන්ට පේන්නැද්ද ඔය මගේ ඇගිල්ල කියලා..!!? තමුන්ට ඇණ ගහන්න කීවෙ බිත්තියට මිසක් මගේ ඇගිල්ලට නෙවෙයි !! ඌයි .........

මේ වෙලාවෙ මින්හොයි හනුයි එකතු වෙලා මාෂිගෙ ගෙදර එයාලගෙ ස්ටයිල් එකට ඩෙකරේට් කරන ගමන් හිටියෙ..

han : ඕහ් ! සොරි වස්තුවේ !! ඔය ඇගිල්ල මෙන්න මෙහෙම ඇරන් මේ විදියට මගේ කට අස්සට ඔබා ගත්තම රිදෙන එක අඩු වෙලා යයි..

Be With Me [ Brotherhood ] ☑Where stories live. Discover now