Neha's pov_
ඔප්පා නැති වෙලා අදට සතියක්. මේ ටික කාලෙට මං මැරි මැරි ජීවත් උනා. මට මගේ පණ වගේ වටින කෙනෙක් අද මාව දාලා ගිහින්, එහෙන් ඔප්පාගේ suicide case එක නිසා ඔම්මයි අප්පයි කියන්නෙම proposal වලින් එකක් තෝරගන්න කියලා. මං දන්නවා ඒගොල්ලො එහෙම කියන්නේ මගේම හොදට කියලා. මොකද ඉස්සර මාව බලාගත්තේ මගේ ඔප්පා. ඉතින් ඒගොල්ලො කියන්නේ ඔප්පා වගේම මාව ඉස්සරහටත් බලාගන්න කෙනෙක් ඕනේ කියලා. ඒත්, ඒත් මට බෑ ඔප්පා මාව දාලා ගිය ගමන්ම තවත් කෙනෙක් එක්ක අලුත් ජීවිතයක් පටන් ගන්න. මං කොහොමද මගේ ඔප්පව අමතක කරන්නේ? මං වෙන කෙනෙක් එක්ක ගියොත් ඔප්පා හිතයි මං කසාද බදින්න එයා මැරෙනකන් හිටියා කියලා. එයා මට සාප කරයි. මං මොකක්ද දෙයියනේ කරන්නේ.
මං තීරණය කරා මේ හැමදේම අමතක වෙන්නත් එක්ක යුනි ගිහින් lecturer කෙනෙක් විදිහට වැඩ කරන්න. මම badge top හිටපු කෙනෙක් නිසා මට ඔය යෝජනාව යුනි එකෙන් ආවේ මං අවුට් උන ගමන්මයි. ඒත් මං බෑ කිව්වේ අප්පා namjoon ඔප්පාගේ secretary විදිහට මාව එවන්න කිම් අන්කල්ට පොරොන්දු වෙලා තිබ්බ නිසා. ඒත් මං namjoon ඔප්පගේ secretary job එකෙන් resigned උනේ ඊයෙමයි.
One month later_
මං දැන් යුනි එකේ lecturer කෙනෙක්. මට ගොඩක් සතුටුයි. ඒ ආයි අපි ඉස්සර සතුටින්ම කාලය ගෙව්ව තැනට එන්න ලැබුණ එකට. ඒත් මට ඔප්පා ගැනවත් proposals ගැනවත් හිතන එක නවත්තන්න බැරි උනා. ඒ නිසා මං තීරණය කලා හිත හැදෙන්න හැදෙන්නවත් කවි ලියන්න. මං කවි ලියන්න ආස කෙනෙක් ඉස්සර ඉදලම. ඉතින් මං එහෙම හරි මගේ හිත හදාගන්න හිතුවා.
මං එහෙම ලියපු මගේ කවිය දැම්මේ uni එකේ notice bord එකට. ඒත් ඒ කවි ලිව්වේ මං කියලා හොයාගන්න බැරි විදිහට.
රෑ අන්ධකාරේ ලෝකයම වෙලාගත්
එය නසන්නට පෑ එක් පුන් සඳක්
ඊට තනි රැකුමට ආ එක් පුන් සඳක්
කෙසේනම් සඳ තෝරගන්නද එක් තරු හදක්බැරිද සඳ තනියෙන් සිටින්න
නොකර එක් තෝරාගැනීමක්
කුමක්නම් සඳ සිදු කරන්නද
වේදනා පමණමයි සදහටHidden rose 🥀
කවුරුත් නැති වෙනකන් ඉදලා මං මේක ගිහින් දැම්මේ notice board එකට. මගේ හිත පොඩ්ඩක් සැහැල්ලු උනා වගේ දැනුණා. ඒ දාලා මං ගියේ ගෙදර. මං දැන් ඉන්නේ ඔම්මා අප්පා එක්ක නෙවෙයි. තනියෙන් apartment එකක.
YOU ARE READING
《♡ Future Husband ♡》
Fanfictionඑකම කෙල්ලට එක පාරට විවාහ යෝජනා 7 ක් ආවොත් මොනා වෙයිද🙄 කෙල්ල මේ හත් දෙනාගෙන් කාව තෝරගනී ද?🤔 නැත්තන් මේ හතම නැතුව වෙනම එකක් චොයිස් කරයිද?🙂