" පොඩී....."
මං පොඩි අයියත් එක්ක කතා කරන්න ගන්නකොටම...පොඩී එකපාරට
"මොකද චූටි බටර් ගාන්නෙ....මොනවද ඕනි.".
කියල ඇහුවෙ මං වචනයක්වත් කියන්නත් කලින්ම.....මං පොඩ්ඩක් පුදුම උනත් පොඩි අයියා තමයි අයියලගෙන් මාව හොදටම තේරුම් ගත්ත කෙනා නිසා ඒක වෙන්න පුලුවන් දෙයක්.....
"අයියේ අහනෝකෝ....අර ඔයාගෙ යාලුවා හොදයිද????"
මං අහිංසක ලීලාවෙන් අයියගෙන් ඇහුවේ පොඩීගෙ සද්දයක් නැති වෙනකොට.....ටික වෙලාවකින්
"ඇයි එහෙම අහන්නෙ....ඌ උබට මොනවා හරි කිව්වද චූටි "
කියලා ඇහුවා...මං කිව්වා
නෑ නෑ අයියේ....නිකන්
.කියලා....පොඩී ඒක විශ්වාස කරපු බවක් පෙනුනෙ නැති නිසා මං තීරණය කරා පොඩීට ඇත්ත කියන්න..
"අහනෝකො පොඩී....මට ඔයාගෙ යාලුවා දකිනකොට අමුතුයි වගේ...නිකන් මං එයා එක්ක ඉන්න කැමතී වගේ...එයා ගොඩක් සැරයිනෙ...මට බැන්නත් එක්ක...ඒත් මට එයා එක්ක ඉන්න ඕනි වගේ...එයා අද දවසම හිටියෙ නෑ....මට ගොඩක් පාලුයි වගේ...අනේ මන්දා..
..කියලා මං පොඩීට කිව්වාම පොඩී
" චූටි ඔයාට විශ්වාසද ඔයාට ඔහොම හිතෙනවා කියලා...වෙන කෙනෙක් ගැන හිතුනෙ නැති විදිහට???"
කියල මගෙන් ඇහුවාම මං
ඔව්
කියල කිව්වා.....අහන්නකො චූටි....මගෙ හොද මල්ලි වගේ....මට තේරෙන විදිහට ඔයා අශ්වින්ට ආදරේ කරනවා....ඒත් අපිට ඒක එකපාරට තීරණය කරන්න අමාරුයිනෙ චූටි....අපි තව පොඩ්ඩක් බලමු හොදද පැටියෝ....
කියා පැවසූ විට මා හට බියක් දැනුනේ මා පිරිමි ළමයෙකුට ආදරය කිරීම ඔවුන් කෙසේ බාරගනීදැයි නොදන්නා නිසාවෙනි.එසේම මා හට එතරම් ආදරය කරන අම්මා සහ වෙද මාමා කෙසේ ප්‍රතිචාර දක්වයිද යන වග.....මේ සියල්ලටම වඩා අශ්වින් අයියාට පෙම්වතියක් සිටී යන සැකය....මේ සියල්ලම නිසා මගේ සිත මහත් බරකින් පෙලෙන්නට විය.
"පොඩී, ඔයාලට ප්‍රශ්නයක් නැද්ද මං කොල්ලෙක්ට කැමති එක ගැන???"
YOU ARE READING
Wanna Be Mine Or Not💜️(completed)
Short Storyසද එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැසනොයන් මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්❤️