දිනෙන් දින ගෙවී ගොස් මා නිවසට යාමට සූදානම් වූයේ අයියා ශෝකයෙන් මා සමග අමනාප වී කතා නොකර සිටින විටයි.මා ඇදුම් බෑගය සූදානම් කර අයියාගේ කාමරයට ගියේ ඔහු දවස පුරාම මාව මග අරිමින් සිටි නිසා එයට හේතුව දැන ගැනීමටයි.
මා යන විට අයියා ඇදේ මුනින් අතට වැටී සිටියේ කොට්ටයේ මුහුණ හොවා ගෙනයි.මා ඔහුට අසනීපයක් යැයි සිතා ඉක්මනින් එතනට ගොස් " අයියේ ඇයි මේ අසා ඔලුව හැරවා ගත් විට අය්යාගේ ඇස් රතුවී ඉදිමී තිබූ බැවින් මා අයියේ ....අයියේ නැගිටින්නකෝ ඇයි මේ....නැගිටින්....මා හට වාක්ය සම්පුර්ණ කිරීමටවත් නොහැකි විය.අයියා එක්වරම මා යට කරගෙන මගේ උඩට ආවේ මට සිතා ගැනීමටත් පෙරය. මා ඔහුගේ දෙනෙත් දෙස බලා සිටියේ ආදරයෙනි. ඔහුද එසේ ආදරය පුරවා ගත් දෑසින් මා දෙස බලා සිටියේ මා ඉහලට එසවී අයියාගේ දෙතොල් අල්ලා ගන්නා විටයි. අනපේක්ෂිත නිසාවෙන් මදක් තිගැස්සී ගියත් අයියාගේ දෙනෙත් පියවී ගියේ දෙතොල් පහස දරා ගැනීමට මෙනි.වෙනදා බොහෝ සියුම්ව සිප ගත්තත් අද අප දෙදෙනාම වේගයෙන් ආවේගශීලීව සිපගත්තේ වෙන් වී යන ශෝකයෙන් මෙනි. සිප ගන්නා අතරේදීම සෙමෙන් අයියාගේ දෙතොල් මාගේ ගෙල කරා පැමිණියේ මගේ සියලු හැගීම් දරාගත නොහැකි මට්ටමකට ලගා වෙමිනි. මා කෙදිරියකින් මෙන් අයියේ කී විට අයියා මා දෙස බැලුවේ ඇයි අසන්නට මෙනි. මා ලැජ්ජාවෙන් මට ඕනි කීවේ අයියා මොනවද ඕනි යුවී මැණික අසන විටයි. මට මට ඒක කරන්න ඕනි කියා දැමුවේ ලැජ්ජාව පසෙකලමිනි. අයියා මාගේ දෙතොල් මතට ආදරණීය හාදුවක් තබා අපි ඉවසමු නේද බබා....තව ටික දවසකින් එන්ගේජ් වෙනකල්....කීවේ මගේ මුහුණ අදුරු කරමිනි. මා දුකෙන් මෙන් හ්ම්ම්ම් කී විට අයියා ඇයි වස්තුව .....යනුවෙන් ඇසුවේ මා මොනවත් නෑ කියා යාමට සූදානම් වන විටය . අයියා එක්වරම කෝ එන්න මැණික කියා මාව තුරුල් කරගත්තේ මා තදින් ඔහුට තුරුල් වන විටයි. මාව තුරුලු කරගෙන අහන්නකෝ පැටියෝ....ඔයාට විතරක් නෙවෙයි මටත් ඕනී...ඔයාටත් වඩා මට ඔයාව ඕනි තරම් ඔයා දන්නෙවත් නෑ...ඒත් ඔයා දැන් ගෙදර යන්නෙ කොහොමද අමාරුවෙන්...ඒ නිසා අපි ඉවසමු නේද කී විට මා හිස සැලුවේ ලැජ්ජාවෙනි.
*******************************අපගේ විවාහ ගිවිසගැනීමෙන් පසු අප දෙදෙනාම අයියාගේ නිවසේ නැවතීමට ආවේ එහි තිබූ නිදහස් පරිසරය නිසාවෙනි.කෙසේ හෝ අපගේ ජීවිත නොසිතූ සිදුවූ දේවල් සතුටුම සිදුවීම් නිසා මා සිටියේ සතුටින් මෙන්ම සැහැල්ලුවෙනි.අපගේ ජීවිත කෙසේ විසදුනත් ඒවා ට මුහුණ දීමට මා හට ආදරණීය සැමියෙකු සහ ආදරණීය පවුලක් ඇති නිසා මා සතුටිනි.
නිමි.
සොරී....කතාව පරක්කු උනාට....ලෙක්චර්ස් නිසා ලමයි..... අදින් කතාව ඉවරයි.....මේක ශෝට් ස්ටෝරි එකක් නිසා මෙච්චර ලියන්න හිතුවෙත් නෑ...තෑන්ක්ස් ඔයාලගෙ කමෙන්ට්ස් වලට💖💜️❤️
YOU ARE READING
Wanna Be Mine Or Not💜️(completed)
Short Storyසද එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැසනොයන් මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්❤️