08

195 22 6
                                    

බලද්දි දැක්කෙ අම්මියි අප්පච්චියි ආදිගේ අම්මියි අප්පචියිත් කපල් ගෝලස් ගහල කියල.. පුංචි පව්ල රත්තරං .. අනේ මට මාර සතුටුයි. කෝමහරි අපි කට්ටියම ගියා රෙස්ටුරන්ට් එකකට. එතනට තමා සාමාන්‍යයෙන් අපි වෙනදට එන්නෙ. ඒත් අද වෙනස් ඉතිම්. අද ඩේට් එකක් නේ. එතන මාර ලස්සනයි. ආදි හරි කැමතියි එතනට. නුවර වීව් පොයින්ට් එක ලග. මුලු නුවරම පේනව. රෑ ලයිට්ස් දාල මාරම ලස්සන වීව් එකක් එතන තියෙන්නෙ. ඔක්කොටම වඩා මගෙ සුද්දා ලස්සනයි . දුබුරු පාට කලිසමට සුදු ටී එක ඇදලා නිල් ශර්ට් එක උඩින් ඇදල. ආදිගේ කොන්ඩේ දිගයි ටිකක්. ඒ ටික නලලට වැටෙන්න දාලා දගකාර පෙනුමක් ඇවිත් තිබ්බා. මම හෙමීට අතක් අල්ලගත්තා එයාගෙ. මගෙ දිහා බැලුවෙ නෑ එ උනාට රතු වීගෙන යනව මගෙ සුද්දා. එයා සුදු නිසා රතු උන ගමන් ඉක්මනට පෙනවා . හපල දාන්න හිතෙනවා අනේ. කෝමහරි කට්ටිය හිනාවෙවී කතා කර කර කෑම කාලා ගෙදර ආවා. ආදිලා ගියා එයාලගෙ ගෙදර. අපි අපේ ගෙදර ආවා. යන්න කලින් අම්මලාට පේන්නෙ නැති වෙන්න මම කිස් එකකුත් දුන්නා නලලට. ආයෙත් රතු වෙනවා අප්පා. කියුට් අනේ එතකොට. කෝමහරි ගෙදර ඇවිත් පොඩි මනෝ පාරක් ගහල පාඩම් කරලා හෙට ඉස්කෝලෙ යන්නත් ඕනි නිසා පොත් ටිකයි ඇදුම් ටිකයි ලෑස්ති කරලා නිදාගත්තා.

ඊලග සතියෙම නම් එච්චර දෙයක් උනේ නෑ සිකුරාදා මම ආදිලාගෙ ගෙදර ගියා ස්පෝර්ට්මීට් පටන් ගන්න නිසා ඒකෙ ප්ලෑන් එක හදන්නයි ස්කෝලෙ අසයින්මන්ට් එකක් කරන්නයි පාඩම් කරන්නයි ඔක්කොටම. ඉතිම් ගිහින් වොශ් දාලා ශෝටක් ඇදල දාඩිය නිසා ටීශර්ට් එකක් අදින් නැතුව ආදි වොශ් දාන් එනකල් ෆෝන් එක බල බල හිටියා. ටිකකින් බාත් රූම් එකේ දොර ඇරගෙන ආදි ආවා. එයා මාව දැක්ක ගමන් රතුවීගෙන යනව කන් දෙකේ ඉදල. මම බැලුව ඇයි කියල. එකපාරටම මොකෝ කියල.

"මොකෝ මේ ම්ම්ම් මගෙ කොල්ල බ්ලශ් වෙන්නේ මාව දැක්ක ගමන් "
මම ලගට ගිහින් ඇහුව. ආදි මගෙ ඇස් දෙක මගඇරල ගිහින් ටී එකක් අරන් මගෙ මූනට දමල ගැහුවා. මට දැන් ලාවට තේරෙනවා මොකෝ මේ රතු වෙන්නෙ කියල.
"මේක මොකටද බන් "
"ඇදගන්කෝ ඕක සීතල වදින්න හොද නෑ පපුවට" ආදි රවල කියනව.
"දැන් සීතලක් නෑනෙ ඒයි"
"උබ ඕක ඇදගන්කෝ. අම්මිවත් ආවොත් එහෙම."
"ඉතිම් සෂී අම්ම මාව දැකල තියේ නේ මෙහෙම. හැබැයි මට නම් හිතෙන්නේ එක්කෙනෙක්ට බලන් ඉන්න බැරි තරමට මම ටූ හොට් ද කොහෙදෝ" මම හිනා වෙවී කීවා.
" අනේ මේ මට නම් හොට් නෑ උබ. මගෙ කොල්ල නේ ලෙඩ උනොත් මට නේ දුක. ඒකයි කීවෙ."
"අනේ මේකා කියන බොරු" ආය රවනව.
"හරි හරි බබා ඔච්චර රවන්න එපා අනේ මාව හෝර්නි වෙනව අප්පා.. ඔයා හරිම සෙක්සි ඔහොම රවද්දි.." මේකා ආය රතු වෙනව. ජම්බු ගෙඩිය වගේ.
"අනේ නෙතූ ඉන්නකෝ අප්පා. පාඩම් කරන්න එනව මෝඩයා."
එහෙම කියල ගස්සගෙන ගිහින් මේසෙ ලග පුටුවෙ ඉදගත්තා. මාත් අනිත් පුටුවේ වාඩි වෙලා ආදිව ලගට අරන් තොල් වල පෙක් එකක් තිබ්බා. ආදි පුදුම වෙලා බලන් ඉදලා උන දේ ප්‍රොසෙස් උනාට පස්සේ ආය රතු වීගෙන ආව. අනේ මූ රතු වෙන රතුවිල්ල. ආදරේ හිතෙනව. කෝමහරි දෙන්න පාඩම් කරල අසයිමන්ට් එකත් කරල නිදාගන්න ගියා. මම ඇදට ආවට පස්සේ ආදි මගේ පැත්තට හැරිලා මොකක්ද මන්ද කියන්න කට හදනව.

පතමි ඔබ❤️ Där berättelser lever. Upptäck nu