09

209 11 2
                                    

"නෙතූ... නැගිටිනවා..."
"අනේ බබා තව චුට්ටක් නිදාගමුකෝ"
"නෑ නෑ දැන් වෙලාව 9යි. ආය චුට්ටවල් නෑ දැන් චුට්ට චුට්ට කිය කිය කොච්චර වෙලාවක් නිදාගත්ත්ද"
"අනේ බන් නිදාගන්න දීපන්කෝ අද සෙනසුරාදා නේ"
"නැගිටපන් මිනිහෝ..."
"මොන මගුලක්ද බන්😒 ඔහොමද බෝයිෆ්‍රෙන්ඩ් ට සලකන්නේ"
"නැගිටපන් මගෙන් මුකුත් නාහා. පෙන්නනව මම සලකන විදිහ"
"හරි හරි මගෙ සුදූ... මම වොශ් දාන් එන්නම් ඒනම්. තරහ නැතුව මගෙ ශීට් එක නමනවද" මම ආදිගෙන් නිදිමතේ අහන් නිදි කඩ කඩ මූන සෝදන් එන්න ගියා.
මූනත් සෝදන් එද්දි එයා කාමරේ පිලිවෙලට හදල කර්ටන් එක ඇරල බැල්කනි එකේ හිටන් ඉන්න්වා. එයා සුරදූතයෙක් වගේ. මගෙ වගේ ලොකුවට ඇග නැතත් ගානට තියන ඇග , කැලල් නැති සුදුත් නැති කහ පාට හුරු දිලිසෙන හම, ගානට කපපු කොන්ඩෙ, ලොකු කලු බෝල ඇස් දෙක, මේ ඔක්කොම එක්ක එයා සුරදූතයෙක් වගේම ඉර එලියට නිරාවරනය වෙලා ඉන්නවා. අනේ දෙයියනේ මගෙ කොල්ලගෙ ලස්සන. කෙල්ලො කීයක් ඉන්නවද ලග පාත බාලිකා වල ආදි අයියගේ කෙල්ල වෙන්න. ඒ වගේ තමා මටත් නෙතුක අයියගෙ කෙල්ල වෙන්නත් ගොඩක් අය පොරකනව තමා සගෝ. ගැම්මක් තමා. කෝමද උන් දැනගත්තොත් උන්ගෙ සිහින කුමාරයෝ දෙන්න සෙට් වෙලා ඉන්නෙ කියල. පව් ඉතිම් කෙල්ලො ටික. කෝමහරි මම ගිහින් මගෙ සුර දූතයාව පිටිපස්සෙන් ගිහින් බදාගත්තා.
"සන් බාතින්ද මගෙ මැනික... ම්ම්ම්ම්"
" ඕ විටමින් ඩී වලට හොදයි නේ"
" හොදයි හැබැයි මගෙ මැනික දන් නැද්ද 9න් පස්සෙ ඉර එලිය සැරයි කියල "
"හරි අනේ ටික වෙලාවයි ඉන්නේ"
" දැන් යමු නේ.නැත්තන් ඔයා කලු වෙයි. එහෙම උනොත් මට තමා වදේ. අනේ නෙතූ මම කලු වෙලා කැතයිද අනේ මම කැත වෙලානෙ අප්පා කිය කිය කියවන්න ගියාම.."
"ආආඅ දැන් මාහත්තයට වදෙ නේ මම කියවන්න ආවහම ඉන්නවකෝ අර ශෙහාන් එක්ක ගිහින් මම කියවනව"
"ආ යනවකෝ බලන්න මාත් යනව පිනිදු එක්ක කතාවට"
" බලමුකෝ ඕකා ලගට තමුසෙ යන හැටි"
" ඇයි බෑ කියලද හිතන්නේ"
" නෑ නෑ පුලුවන් ... ඒක වැඩක් නෑ කමුකෝ ගිහින් බඩගිනී මට..."
" යමු මටත් බඩගිනී මෙතන ඉදියොත් උබව කයි මම"
" ඔව් මේ උරහිස ඉවරයි රතුත් වෙලා"  ආදි කීවෙ උරහිස්ට හෙමින් පාරක් ගහන ගමන්..

අපි කෑම කාලා ආය උඩට ඇවිත් අපෙ හව්ස් එකේ ප්ලෑන් එක හැදුවා. බජට් එකයි ඩියුටි ලිස්ට් අරව මේව ඔක්කොම හදල ඉවරවෙද්දි රෑ 8යි. දවල්ටත් සශී අම්මා ඇවිත් දෙන්නටම කවලා ගියා.

පතමි ඔබ❤️ On viuen les histories. Descobreix ara