My Happy Pill ( i)

266 16 6
                                    


" මට සමාවෙයන් මැණික , මට සමාවෙයන් උබ මගේ ඉස්සරහ පණ අදිද්දීත් මට බැරි වුණා උබව බේරගන්න. මට සමාවෙයන් මැණික. "

හැමදාමත් වගේ මම එයාගේ සොහොන ඉස්සරහා දණ ගහගෙන ඉද්දි මගේ ලේ කඳුළු එයාගෙ සොහොන තෙමලා තිබුණා.

" උබ දන්නවද මැණික , මට දැන් හරි මහන්සියි. ඇයි මැණික උඹ අන්තිම මොහොතේ මගෙන් ඒ වගේ පොරොන්දුවක් ගත්තේ ? ඒ පොරොන්දුව නොවෙන්න මම දැනටමත් උඹ ලඟට ඇවිල්ල මැණික "

මගේ ලේ කඳුළු ආයෙත් අලුත් වෙද්දි හැමදාම එකම හෑල්ල කියව කියව එයාගේ සොහොන ලඟට ඇවිල්ලා අඬන්න මම පුරුදු වෙලා හිටියා.

කවුරු හරි හිතන්න පුළුවන් ඒ මොන මූසල කමක්ද කියලා , ඒත් තමන්ගේ ආදරේ , තමන්ගේ ආත්මයම වෙච්ච කෙනා හුස්ම එකතු කරගන්න බැරුව ගැහි ගැහි දඟලද්දිත් මොකුත් කරගන්න බැරුව අසරණ වුනා නම් තමන්ටත් තේරෙයි ඒ වේදනාව යවාගන්න මුළු දවසම ඇඬුවත් මදි කියලා.

සොහොනෙ ඇඳල තිබුණු පින්තූරෙ එයා ලස්සනට හිනා වෙලා හිටියා. මේ අවුරුදු ගානටම මට එයාව මතක තිබුනේ ඔය පින්තූරෙන් විතරයි. මොකද එයා මාව දාල ගිහින් සතියක් යනකොට මම එයාගේ මතක ඔක්කොම විනාශ කරලා දැම්මා.

 මොකද එයා මාව දාල ගිහින් සතියක් යනකොට මම එයාගේ මතක ඔක්කොම විනාශ කරලා දැම්මා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jiang Yanli
Princess of Jiang (Human) Kingdom

ලොකු හුස්මක් අත ඇරපු මම එයාගෙ සොහොන ළඟින් නැගිට්ටේ ඉර එළිය වැටෙන්න කලින් මෙතනින් යන්න ඕන නිසා. වටපිට ලාවට එළිය වෙලා තිබුනත් රෝයල් සෙමෙට්‍රි එක තිබුනෙ කඳු වළල්ලක් මැද නිසා මේ හරියට අව්ව වැටෙන්න ටිකක් පරක්කු වුණා.

" මුන්ව මුරට තිව්වට වඩා හොඳයි කෙහෙල් කඳන් දෙකක් ගෙනල්ලා තියෙනවා"

Happy Pill [ Zhanyi short ff ]Where stories live. Discover now