Chapter 02

66 14 0
                                    

හ්‍යුන් මාව විශ්වාස නැද්ද හ්‍යුන්..

  මට විශ්වාසයි ජන්ග්කුක් .. ඒත් මේ දරුවා කාගෙද කියලා අපි හොයා ගන්න ඔනි නැත්තම් ඔයාට මොන වගෙ ප්‍රශ්න වලට මූණ දෙන්න වෙයි ද දන්නෙ නෑ.. හ්‍යුන් කියනවත් එක්ක ම එක පාරට ම බබා අඩන්න ගත්තෙ හ්‍යුනුයි මමයි දෙන්න ම ගැස්සිලා යද්දි..

මං බබාව අතට අරන් නැලෙව්වත් අඩන එක නතර වුණේ ම නෑ.. මං හ්‍යුන් දිහා බලද්දි හ්‍යුන්..

මං හිතන්නෙ දරුවට බඩගිනි ඇති ජන්ග්කුක් ..

එ.. එතකොට ... එයාට කෙහෙල් කිරි එකක් දෙමු ද හ්‍යුන්..

ගොං හාවෝ.. මේ තාම පොඩි එකෙක්.. තමුන් වගෙ අලිපොඩි එකෙක් නෙවෙයි..

  ඉතිං හ්‍යුන් නැතුව වෙන මොනා ද දෙන්නේ..

  ඔහොම ඉදහන්.. මං ගිහින් බබා බොන කිරි එකක් හදාගෙන එන්නම්..

  හ්‍යුන් මාව කාමරේ තනි කරලා යන්න ගියා.. අමාරුවෙන් දගලලා දගලලා අඩන එක නවත්තන්න හැදුවත් අන්තිමට සිංදුවක් කියලා එයාව ශේප් කර ගන්න පුලුවන් වුණා.. මේක මගෙ ෆෑන් කෙනෙක් කරපු දෙයක් ද.. නෑ ඒත් ඇයි මට ම දීලා ගියේ.. මේක කවුරු හරි මා එක්ක තරහට කරපු දෙයක් ද.. ඒත් මේ තරම් චූටි බබෙක්..

  ජන්ග්කුක් ආ... කියන ගමන් ජින් හ්‍යුන් කාමරේ ට එද්දි මං බබාව හෙමින් ඇදෙන් තියද්දි හ්‍යුන් එයාගෙ කටින් කිරි බෝතලේ තිබ්බා..

  ඒ ලා රෝස මල් පෙති වගෙ චූටි තොල් වලින් කිරි උර උර බොද්දි මට සතුටක් දැනුනා.. එයා හරි ම ආසාවෙන් ඉක්මනට ඉක්මනට ඒ ටික බීලා ඉවර කරා..  එයාගෙ ඔම්මා මොනා නැත්තත් ලස්සන කෙනෙක් වෙන්න ඇති.. රෝස මලක් වගෙ ලස්සන චූටි ගෑණු ළමයෙක්..

  කිරි එක බීලා ඉවර වෙනවත් එක්ක ම ආයෙ ම අඩන්න පටන් ගත්තා..

කිරි මදි වෙලා ද හ්‍යුන්..

මං නම් හිතන්නෙ නෑ ජන්ග්කුක් .. චූටි බණ්ඩිය පිරිලා තියෙද්දි ඇයි මේ චූටි කෙල්ල අඩන්නෙ ආහ්.. ජින් හ්‍යුන් මූණ හෙමින් අත ගාන ගමන් අහද්දි බබා අඩන එක වැඩි කරා..

  ඇයි හ්‍යුන් මේ.. මං ඔලුව කසන ගමන් ඇහුවෙ බබාට අසනීපයක්වත් ද කියලා දන්නෙ නැති නිසා..

She Is My Treasure ( Complete )Where stories live. Discover now