2 කොටස

35 7 2
                                    

දෙව්නිත් අයියා එතනින් ගිහින් ටික වෙලාවකින් මාත් එතන අස් කරලා දාලා එළියට ගියා.මං කෙලින්ම ගියෙ ලයිබ්‍රි එකට සුනෙත්ව හොයාගෙන..මට උගෙන් අහන්න ඕනෙ මේ දේවල් ගැන..ඌ මොනාම හරි දන්නවා..ඌ ටික දවසක ඉඳන් මට දෙව්නිත් අයියා ගැන දේවල් කියනවා, ඒ නම කියලා මට විහිළු කරනවා..මට ඇත්ත දැනගන්න ඕනෙ...මං ලයිබ්‍රියට යද්දිත් සුනෙත් ඉන්නවා සවිඳු අයියා එක්ක කියව කියව..උන් දෙන්නගෙ සම්බන්දෙට දැන් මාස දෙකක් විතර..

"බබා ඔයා කියන්නෙ අපිට චතුන්‍යව කැමති කරගන්න පුලුවන් වෙයි කියලද.. ඒත් මං හිතන්නෙ නෑ.....ආහ් චතුන්‍ය මල්ලි...මොකෝ ඔතන කරන්නෙ...?"

මං ඇවිත් ඉන්නවා දැකපු සවිඳු අයියා ඉක්මනට කතාව නැවැත්තුවා..

'ඔයාලා ඔය මොනවා ගැනද කතා කර කර හිටියෙ...මොකටද මං කැමති වෙන්න ඕනෙ..අනික මොකද්ද අර දෙව්නිත් අයියා කිව්ව කතාව..මං එයාව තේරුම් ගන්නෙ නෑලු..තව කොච්චර කල් ඉවසන්න ඕනෙද අහනවා..අනේ බං මට පිස්සු හදවන්නැතුව කියපල්ලකො මොනවද මේ කියලා...'

බැරිම තැන මං කියවගෙන කියවගෙන ගියා..මොකද ඔහොම කොහෙ හරි තැනක මං මාතෘකාව වෙද්දි මට ඒක කුතුහලයක්...


"මල්ලි කලබල නොවී ඉන්න..කෝ දෙව්නිත්..."

'එයා කොහෙ ගියාද මං දන්නෙ නෑ..අනේ අයියෙ මට කියන්නකො මොනාද මෙතන වෙන්නෙ කියලා...'

"හරි මල්ලි කලබල නොවී ඉන්න..මං හැමදේම කියන්නම්..."

සවිඳු අයියා එහෙම කියලා ලොකු හුස්මක් අරන් සුනෙත් දිහා බැලුවා... සුනෙතුත් කියලා දාන්න වගේ බැල්මකින් සවිඳු අයියා දිහා බලාගෙන හිටියා.ඒත් එක්කම සවිඳු අයියා කතා කරන්න පටන් ගත්තා.

"මේකයි මල්ලි, අපේ දෙව්නිත් මල්ලිට කැමතියි...කැමතියි කියන්නෙ ඌ මල්ලිට ආදරෙයි..රෑ තිස්සෙ නිදි නෑ.. අපෙන් හැමතිස්සෙම අහන්නෙ අනේ බන් එයා මට කැමති වෙයිද කියන එක විතරයි..ඌ ඔය හිටියට මෙලෝ සිහියකින් නෙමෙයි ඉන්නෙ.. වෙලාවකට කල්පනා කර කර පිස්සෙක් වගේ කරන වැඩේ නෙමෙයි කරන්නෙ.. අපිට මල්ලිට මොනවත් කියන්න බෑනෙ.. මල්ලි කල්පනා කරලා බලන්න..."

නුඹේ සිනා ළඟ💜️(sope)Where stories live. Discover now