9 කොටස

14 4 3
                                    

මං උදේ නැගිටලා බලද්දිත් රෑ හිටපු විදියටම මං එයාගෙ පපුවට තුරුල් වෙලා නිදාගෙන ඉද්දි මං එයාව ඇහැරෙන්නෙ නැති වෙන්න හිමින් එයාගෙ අත්වලින් අයින් වෙලා එයාගෙ මූණ දිහා බලාගෙන හිටියා...

මං එයාගෙ මූණ දිහා බලාගෙන ඉද්දි එයා එකපාරටම මගෙ ඉණ වටෙන් අත දාලා මාව එයාගෙ ඇඟට තද කරගත්තා..

"තව ටිකක් නිදාගන්න සුදූ.."

මට තව ටිකක් නිදාගන්න කියපු එයා ආයෙම මාව කිටි කිටියට තුරුල් කරගෙන නිදාගද්දි මං එයාගෙ පපුවට ඔලුව තියාගත්තා.. එයා ළඟ ආදරේ තියෙනවා නොසෑහෙන්න.. එයා කරන්නෙ එක පාරම හිතේ තියෙන මුළු ආදරේම මට නොදී ටිකෙන් ටික ආදරේ දෙන එක.. ඒකෙන් වෙන්නෙ දවසින් දවස අපි දෙන්නගෙම හිත්වල තියෙන ආදරේ වැඩි වෙන එක.. එයා ගැන මට තාමත් තේරුම්ගන්න අමාරුයි මොකද දැන් මාත් එක්ක හුරතල් වෙන කෙන ටිකකින් ආයෙම මූඩ් ගහලා කල්පනාවට වැටෙනවා.. ආයෙම ටිකකින් තරහා ගන්නවා.. ආයෙම මොනාත් නොවුන ගානට මාත් එක්ක ආදරෙන් ඉන්නවා.. මොනා වුනත් මේ මනුස්සයා ගැන මගෙ හිතේ තියෙන ආදරේ එන්න එන්නම වැඩි වෙනවා මිසක් අඩු වෙන්නෙනම් නෑ..


ආදරේ නොසෑහෙන්න තියෙන හිත් ගාව ගෑනු වගේම පිරිමි අපේ හිතත් මෙල්ල වෙනවා....

මං එහෙම ටික වෙලාවක් ඉද්දි කවුරුහරි රූම් එකේ දොරට තට්ටු කරනවා ඇහුන නිසා මං හිමීට නැගිටලා ගිහින් දොර ඇරලා බලද්දි සුනෙත් අපිටත් එක්ක කෑම අරගෙන ඇවිල්ලා...

"යෝහ්... තාම නිදිද කොල්ලෝ.. ඊයෙ රෑ යම් කිසි සිදුවීමක්වත් සිද්ද වුනාත👉👈"

මේකගෙ කටනම්....

'මොනා වෙන්නද බන්.. නිවාඩු දවසෙවත් ටිකක් දවල් වෙනකම් නිදාගන්න නැත්තම් වැඩක් තියෙනවද.. හැබැයි උඹලා අතරනම් ඊයෙ රෑ යම් කිසිවක් සිදු වෙලා වgay...'

උගෙ බෙල්ලෙ රතු වෙලා තිබුන තැන දිහා බලාගෙන මම එහෙම කියද්දි මේකා ගෑනු ලමිස්සියෙක් වගේ මූනත් රතු කරගෙන මට කෑම එක දීලා එයාලගෙ රූම් එකට දිව්වා.. හිතෙන විදියට නම් යම් කිසි දෙයක් සිදු වෙලාම තමයි.. මං හොයාගන්නම්කො..එක්කෝ මට මොකටද ඕවා නේද.. සුනෙත් ගැන කල්පනා කර කර විනාඩි පහළවක් විතරම මම දොර ගාවට වෙලා හිටගෙන ඉඳලා කියලා මම දැනගත්තෙ දෙව්නිත් අයියා නැගිටලා මට කතා කරාට පස්සෙයි.. මං ඊට පස්සෙ දොරත් වහගෙන ඇතුළට ගිහින් කෑම එක ඇඳ ළඟ තිබුන ස්ටූල් එක උඩින් තියලා එයාගෙ කම්මුලට හාදුවක් තිබ්බා.. ඊට පස්සෙ දෙන්නත් එක්කම ගිහින් මූණ හෝදගෙන ඇවිත් කැම කාලා ටික වෙලාවක් ඇඳට වෙලා ඉද්දි අල්ලපු කාමරේ හිටපු ගෝතයො දෙන්නා එක පාරටම කාමරේ ඇතුළට කඩා පැනලා රොමෑන්ටික් මුමෙන්ට් එක සම්පූර්ණයෙන් කෑවා...

නුඹේ සිනා ළඟ💜️(sope)Opowieści tętniące życiem. Odkryj je teraz