Part 2

36 4 0
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අද හ්‍යුන්ග්ලා අපේ ගෙදර එනවා කිව්ව නිසා හවස් වෙලා ඇඟපත හෝදගෙන මමයි කූයි ලෑස්ති වෙලා සුප'මාර්කට් එකට ගියේ රෑට මොන මොනාහරි විශේශ කැම ටිකක් හදලා තියන්න.. මොකද අද එනවයි කිව්වට කට්ටිය කරන්නේ ඇවිල්ලා හොදට කාලා වැටෙන්නම බොන එකනේ...

කාර් කී එක අතට ගත්තු මම කූට පැසේන්ජර් ශීට් එකේ ඩෝ එක ඇරලා දීලා අනිත් පැත්තෙන් ඇවිත් වාහනේට නැගලා කාර් එක ස්ටාට් කලා. ගේට් එකෙන් කාර් එක එලියට යනවත් එක්කම මගේ ඔඩොක්කුව උඩ තිබුණ කූගේ අත මගේ එක අතකට ගුලිකරන් ඒ උඩින් හාදුවක් තවරන ගමන් අපි සුප මාර්කට් එකට යන්න පිටත් උනා.

ඉස්සරහම බලාගෙන ඩ්‍රයිව් කලාට මොකෝ මට ඇස් කොනෙන් පේනවා මේ තඩි හාවා සැරෙන් සැරේ මගේ දිහා බලන විදිහ...

Kookie Pov

අපි දෙන්නා සුප මාකට් එකට එන්න පිටත් වෙද්දි හවස් වෙලා තිබුණ නිසා සමහර ශොප්ස් වල දිලිසෙන එක එක ජාතියේ ලයිට්ස් මේ වෙද්දිත් ඔන් වෙලා තිබුන..ඊටත් වඩා අද අහස හරිම ලස්සනයි.. ඒත් ඒ කිසිදෙයකට මගේ ඇස් වල අයිතිය හිමි නොවෙදි හැමදාම වගේ අදත් මගේ ඇස් වල අයිතිය හිමි උනේ ඒ අඹාපු රූපයට.. එහෙමත් නැත්තන් මගේම සුදුමහත්තයාට විතරයි..

එක අතකින් මගේ අතක් අලලගෙන නහර පිරුනු අනික් අතෙන් වාහනේ සුක්කානම පාලනේ කරන ගමන් විටින් වට මගේ අතට හාදු තියෙන මටම කියලා දෙවියෝ මවාපු  මගේ සුසුදුමහත්තය දැක්කහම මගේනේ කියන හැගීමෙන් හිත පුරවගත්තු මං ආඩම්බර හිනාවක් මූනේ රදවගත්තා..

"මොකො හිනාවෙන්නේ.."

"ඔයා ඉතින් මගේනේ.."

මං හිනා උන එක දැකලද කොහෙද ටේ එහෙම ඇහුවම ඔයා ඉතින් මගෙනේ කියපු මම මං හිටිය ශීට් එකෙන් නැගිටලා ටේගේ බෙල්ලට පැන්නම එයත් මාව එයාට තුරුල් කරගත්තා..

විනාඩි විස්සක වගේ ගමනකින් පස්සේ සුප මාකට් එක ආපු අපි දෙන්නා මාස්ක් දෙකක් දාගෙනම කා එකෙන් එලියට බැස්සේ මිනිස්සු මැද්දේ මේ විදිහට ගැවසෙන එක අපි දෙන්නට ඒතරම් හොද නැති නිසයි..

මං ගිහින් කාට් එකක් අරන් ආවම ටේ අවශ්‍ය කරන බඩු සේරම අරන් තව ගෙදරට ඕන කරලා තිබුන අමතර බඩු ටිකකුත් ගත්තා..

"කූ මේ.. චොක්ලට් එකක් ගමු...?? අනේ...??"

"ආ.. ගන්න ගන්න ඉතින්.."

ටේ මගේ අතේ එල්ලීගෙන චොක්ලට් ගමුයි කිව්වම මම එයාගේ ඔලුව අතගාලා ගන්න කියලා කිව්වා.. හැබැයි අන්තිමට උනේ චොක්ලට් එකකට නෙමේ, චොක්ලට් මල්ලකටයි,ස්ට්‍රෝබෙරි මල්ලකටයි, මිල්ක්ශේක් වලටයු අර ගත්තු බඩු වලටයි ඔක්කොටම පේ කරන්න..

කොහොම කොහොම හරි අපි දෙන්නම ගෙදර ඇවිත් බඩු ඔක්කොම ගෙදරට අර ගියා.. එද්දි කා එක ඩ්‍රයිව් කලේ මම වෙද්දි මගේ එක අතක් සුක්කානමටත්, අනික් අත ටේගේ කලවයක් මතත් නතර වෙලා තිබුණා..

අවසානෙදි හ්‍යුන්ග්ලා අපේ ගෙදර එද්දි හවස හත වගේ උනා.. මමත් පුලුවන් විදිහට ටේට උදව් කල නිසා එයාටත් කෑම ටික ඉක්මනෛන් හදාගන්න පුලුවන් උනා.. මං අනුමාන කරපු එක හරි.. හ්‍යුන්ග්ලා ඇවුත් හිටියෙර් හිස් අතින් නෙමෙ..

එක එක ජාතියේ බ්‍රෑන්ඩඩ් මත්පැන් ජාති පොදි බැදගෙනයි එයාලා අද ඇවිත් තිබුනේ..

අද නම් බොන්න පුලුවන් වෙයි හොදට.. ඒත් ටේනම් වැඩිය කැමති නෑඅ මං බ්නවට.. විශේශෙන් අනික් අය එක්ක බොනවට.. කොල්ලා ක්මති මං එයත් එක්ක බොනවට.. ඒකට හේතුව තමා මම බිව්වට පස්සේ කියන කරන දේවල් අනික් අය දැක්කොත් එහෙම ඒ අයට පොලොව පලන් යන්න හිතෙනව කියලයි ටේනම් කියන්නේ..

බලමුකෝ....

'''°To be continued...'''


👉👈

~Ipu_IJ ✍🏻

Taekook Fanart Stories 💚💜️ ( ONHOLD )Where stories live. Discover now