Part 3

26 5 0
                                    

Tae POV

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


Tae POV

"ටේයා අපි යනවා එහෙනම්.. පරිස්සමින් දොරවල් ජනෙල් වහගෙන නිදාගන්න.."

හවස් වරුවේ ආපු අපේ හ්‍යුන්ග්ලා දැන් මේ යන්න ලෑස්ති වෙද්දි වෙලාව රෑ 11ත් පහු.. පැය ගනන් හිනාවෙවී හොදට විනෝද වෙන ගමන් ආගිය තොරතුරු කතා කරාට පස්සේ කට්ටිය හොදට සප්පායම් වෙන්න ගත්තේ එයාලා ගෙනාපු සෝජු බෝතල් වලින්.. කොහොමත් කට්ටිය සෝජු බෝතල් හතකට වඩා ගෙනත් තිබුණා.. රෑ දහය වෙද්දි ඔක්කොම සෝජු බෝතල් ටික එක එක්කෙනා අතින් හිස් උනාම අපේ මිනිහනම් හිටියේ සෝජු බෝතල් දෙකක්ම හිස් කරලා තුන්වෙනි බෝතලේ එක්ක ලව් කරන ගමන්.. ඒකියන්නේ ජන්ග්කුක් තාම කඩලාවත් නැති අලුත්ම සෝජු බෝතලයක් අරන් ඒකට කිස් දිදි බෝතලේ මූන අතුල්ල අතුල්ල හිටියේ..

අවසානයේ කට්ටිය තමතමන්ගේ ගෙවල් වලට යන්න සූදානම් වෙද්දි බෝතල් දෙකක් හිස් කරලා හිටපු යුන්ගි හ්‍යුන්ග්ව අමාරුවෙන් වාරු කරගන්න ගමන් ජිමිනි එහෙම කිව්වේ මයෙ මනුස්සයාට දොරවල් වහගන්නවත් පනක් නොතිබ්බ හින්දා..

"ජන්ග්කුක්ව පොඩ්ඩක් බලන්න ටේ.. මිනිහට හොදටම වැඩී.."

ඒ නම්ජූන් හ්‍යුන්ග්.. ජන්ග්කුක්ව බලාගන්න කියලා හ්‍යුන්ග්ලා පස් දෙනාම එතනින් ගියහම මම එයාලටත් අත වනලා දොර වහලා කී එක ටේබල් එක උඩින් තියන ගමන් ආවේ ලිවින් රූම් එකට..

ලිවින් රූම් එකේ තැන තැන හිස් සෝජු බෝතල් තියෙද්දි මන් නළල කස කස හුස්මක් පාත දැම්මේ සෝෆා එකේ පතබෑවිලා බෝතලයක් බදන් ඉන්න ජන්ග්කුක්ව දැක්කම...

ජන්ග්කුකුයි යුන්ගි හ්‍යුන්ග්නුයි ඔට්ටුවකට වැඩියෙන්ම බොන්න පුලුවන් කාටද කියලා තරඟ කලේ මමයි ජිමිනියි එපා කියලා බෙරිහන් දෙද්දි.. ඒත් මොන..! අපිව කනකට ගත්තේ නැති මේ මෝඩ ජෝඩුව අවසානේ හොදටම වෙරි වෙලා තමයි නැවතුනේ..

You've reached the end of published parts.

⏰ Last updated: Mar 04 ⏰

Add this story to your Library to get notified about new parts!

Taekook Fanart Stories 💚💜️ ( ONHOLD )Where stories live. Discover now