Chapter 11

16 5 19
                                    

"ආහ්...ආව් මගෙ ඔලුව..." හීසන්ග් ඔලුවත් අල්ල ගෙන නැගිට්ටා. මොකද්ද ඒ මම දැක්කෙ. කාගෙ ද ඒ කට හඩ. හීනයක් උනාට ඇත්තටම කතා කලා වගෙ නෙ දැනුනෙ.

හීසන්ග් නලල අත ගාන ගමන් එහෙම හිත හිත ඉන්න කොට නිකි ත් ඔලුව අල්ලන් කෑ ගහගෙන නැගිට්ටා.

හීසන්ග් ඉක්මනට නිකි ලගට ගිහින් එයාව හග් කර ගත්තා.

"හී...හීසන්ග් හ...හ්‍යුන් මට කෙනෙක් ගෙ කට හඩක් ඇහුනා. ඒ...ඒක හරි අමුතුයි. මට බයයි හ්‍යුන්" නිකි කදුලු බේරන ගමන් හීසන්ග් ට එයා දැක්ක හීනෙ ගැන කිව්වා.

ඒකෙන් හීසන්ග් දැන ගත්තා එයාට විතරක් නෙවෙ මේ හීනෙ පෙනිලා තියෙන්නෙ නිකි ත් ඒක දැකලා කියලා.

"හරි නිකි, හ්‍යුන් ලග ඉන්නවා. බය වෙන්න එපා හරිද. ඒක හීනයක් විතරයි නෙ. දැන් නිදා ගන්න. මමත් ඔයා එක්ක නිදා ගන්න ද" හීසන්ග් එහෙම අහන කොට නිකි ඔලුව වැනුවා. "හරි දැන් නිදා ගමු. හෙට උදේට අපි කතා කරමු හොද ද" හීසන්ග් නිකිවත් හග් කර ගෙන නිදා ගත්තා.

°°°°

*

Next day*

හැමෝම උදෙන් නැගිටලා බ්‍රෙක්ෆස්ට් එක ගන්න හොටෙල් එකෙ රෙස්ටුරන්ට් එකට ආවා. ඊයෙ රෑ දැක්ක හීනෙන් පස්සෙ හීසන්ග් ට හරියට නින්ද ගිහින් තිබ්බෙ නෑ. ඒක හින්දම ද කොහෙද එයාගෙ මූන හොදටම සුදුමැලි වෙලා.

"හීසන්ග් හ්‍යුන් ඔයත් ඒක දැක්කද" සන්ග්හූන් අල කෑල්ලකට ගෑරුප්පුවෙන් අනින ගමන් ඇහුවා.

"මො...මොකද්ද" හීසන්ග් පුදුම වෙලා ඇහුවා.

"ඊයෙ රෑ අමුතු හීනයක් දැක්කා. කෙනෙක් ඇවිල්ලා කාර්නේශන් මල රැක ගන්න කියනවා" සන්ග්හූන් කිව්වා. "මටයි සෝනුට යි ජේ ට යි ඒකෙන් පස්සෙ හරියට නින්ද ගියෙත් නැ."

"අපිටත් ඕක පෙනුනා. නේ ද ජන්ග්වොන්" ජේක් කිව්වා.

"ඔව් හීසන්ග් හ්‍යුන් අපිටත් ඒකෙන් පස්සෙ හරියට නින්ද ගියෙ නෑ. එයා කියපු එක අපිට තේරුන එකනෙ පුදුමෙ" ජන්ග්වොන් කිව්වා.

"හ්ම්ම් ඔයාලා හැමෝම ඒක දැකලා නේ ද?" එයා ඔයාලට කතා කලෙ කොහොම?" හීසන්ග් පාන් කෑල්ලක් කඩන ගමන් ඇහුවා.

The Crown  (Ongoing)Where stories live. Discover now