Chapter 14

17 6 37
                                    

*Knock Knock*

"කවුද ඇවිල්ලා ඉන්නෙ" නිකි පුදුමෙන් වගෙ හීසන්ග් ගෙන් ඇහුවා.

"මම දන්නෙ කොහොමද ඒක. මට හෙලි පවර්ස් නැ." හීසන්ග් කිව්වා.

"ඉතින් ගිහින් බලන්න හ්‍යුන්. මේ ඔයාගෙ කාමරෙ" නිකි කිව්වා.

"යැයි යැයි...මම ගිහින් බලන්නම්"
හීසන්ග් ගිහින් දොර ඇරියා.

එතන හිටියෙ රාජකීය පාලිකාවක්.

"අන්‍යොහසෙයො කුමරුනි" පාලිකාව ආචාර කලා.

හීසන්ග් ත් හිනා වෙලා ලාවට ඔලුව වනලා පාලිකාවට ඇතුලට එන්න ඉඩ දීලා දොර ලගින් අයින් උනා.

හීසන්ග් ගෙ ඇඳ උඩ හිටිය නිකි දැකලා පාලිකාව එක පාරට පුදුම උනා.
(මේ පාලිකාවට හාර්ට් ඇටෑක් හැදෙන්න ළගයි.)

"සමාවෙන්න කුමරුනි, නිෂිමුරා කුමරුනි ඔබතුමාව ඔබගේ පාලිකාවන් සොයනු ලැබූවා." ඇවිල්ලා හිටිය පාලිකාව යටහත් පහත් ලෙස කිව්වා.

"නිෂිමුරා කුමරුනි දැන් පිට උනා නම් හොදයි නේද. අපිට පසුව හමුවිය හැකියි." හීසන්ග් හිස්ටොරිකල් වර්ෂන් එකෙන් නිකි ට කිව්වා.

නිකිට බොහොම අමාරුවෙන් හිනාව නවත්ත ගෙන "එසේය ඊතන් කුමරුනි" කියලා කාමරෙන් එළියට ගියා.

"කුමරුනි, සවස් යාමයේ පවත්වනු ලබන සාදය සදහා ඔබතුමන් ගෙ ඇදුම් සූදානම්. සාදය ආරම්භ වීමට තව හෝරා දෙකක් පමණ තියෙනවා." රාජකීය පාලිකාව හීසන්ග් ට කිව්වා.

"එසේද. ඔබට පිට විය හැකියි." හීසන්ග් කිව්වා. එයාට තාම මේ විදිහට කතා කරලා හුරු නැති නිසා රාජකීය පාලිකාවො එක්ක කතා කරන්නෙ ගොඩක් අඩුවෙන්.

"එසේය කුමරුනි." පාලිකාව ආචාර කරලා කාමරයෙන් පිට උනා.

°°°°

කොහොම හරි හවස හය විතර වෙන කොට කුමාරවරු ටික සාදයට යන්න ලෑස්ති වෙලා කාමර වලට වෙලා හිටියා. ආවට ගියාට මේවා වලට යන්න බෑනෙ.

නිකි ට ඉවසිල්ලක් නැතුව හිටියෙ. ඒ වගේම පැය දෙහෙක විතර ඉදන් විශාල කාමරේක තනියම ඉන්න ගියාම පිස්සු හැදෙනව නෙ. හ්‍යුන්ල නැතුව එයා හරිම පාලුවෙන් හිටියෙ.

The Crown  (Ongoing)Where stories live. Discover now