19 කොටස

907 148 15
                                    

"මැණික් අද වහින්නැති හින්දා මේ ටේබල් එකත් එක්ක පුටු තුනක් එලියෙන් තියල ගමු...."

රකිත් අයියා ගිහින් දැන් ටිකක් වෙලා....කීවත් වගේ අයියා හිතලම පරක්කු වෙනවද මන්දා....අපි කාලා භාජන අස් නොකර තිබ්බා....රකිත් අයියා ඇවිත් ආයෙ කයිනෙ....බඩගින්නෙනෙ හිටියෙ....මහත්තයා ගෙදර තිබුණු පොඩි මේසෙ එලියෙන් තියමු කීවම මම එයා දිහා පොඩ්ඩක් වෙලා බලා හිටියා....එයා බීලා ඉන්නවා මේ මාස ගාන ඇතුලෙදි මම කවදාවත් දැකල නෑ....එයා තියා රකිත් අයියාවත්....

"මහත්තයා....ඔයා බොනවද...."

"ම්ම්...පොඩ්ඩක්....පාටියකදි වගේ තමයි මැණික්....නැත්තන් නෑ...ඇයි එහෙම ඇහුවෙ...."

"මං මහත්තයා බීලා ඉන්නවා දැකලම නෑනෙ ඒකයි....අර අතනින් තියමුද මහත්තයා මේසෙ....එතන හොඳයිනෙ..."

මං මේසෙ කොනක් අල්ලන් තියන්න තැනක් බලද්දි මේසෙ අතඇරපු මහත්තයා මගෙ අතකින් අල්ලගත්තා....

"ඇයි මහත්තයා...."

"මැණික් අකමැතිද බොනවට....බොන අයට...."

රන්දුණු මහත්තයාගෙ මූණෙ විහිලු කරන පෙනුමක් නොවෙද්දි මේසෙ අතඇරපු මමත් එයාගෙ දිහාවට හැරුනා....

"මං අකමැති නෙවේ මහත්තයා....මට ඒක නුපුරුදුයි....අපෙ අප්පච්චි කවදාවත් බීපු කෙනෙක් නෙවේ....මං බීපු කෙනෙක්ට දැකල තියෙන්නෙ ගමේ හිටපු ආරියපාල මාමා විතරයි....එයා නම් බීවම මහ එපාකරපු මනුස්සයෙක්....මහත්තයාල එහෙම නෑනෙ නේද...."

මං මට හිතුණු දේ කීවම රන්දුණු මහත්තයා හිනා වුණා....හිනා වෙන්න දෙයක් යැ මම ඇත්තනෙ කීවෙ....සුද්දියි මායි අහම්බෙන් හරි හවසක ආරියපාල මාමා ගේ ගාවින් යනවා දැක්කත් ගෙට යනවා එලියෙවත් ඉන්නැතුව ඒ දවස්වල.....ඇයි අනේ කුණුහරුප විමානයයි....මං කෙසේවෙතත් සුද්දිව මං ගෙට පන්නනවා....අත්තම්ම නම් එලියෙ හිටියොත් අරියපාලට බනිනවා කටවහගෙන පලයන් ගෙවල්වල ළමයි ඉන්නවා කියල....ඒ අපි ටිකක් පොඩි කාලෙ....දැනට අදුරුදු දෙක්කට විතර කලින් මනුස්සයා මැරුණා වකුගඩු නරක් වෙලාම....

"මැණික් බොනවා කියන එක හරියට නොදන්න එකේ අද අපි එක්ක බීලා බලන්නකො...."

සියපත්Hikayelerin yaşadığı yer. Şimdi keşfedin