54 කොටස

669 110 32
                                    

මං දන්නෑ මේ වෙන්නෙ මොනවද කියල....හැබැයි දැන් මම ඉන්නෙ පහන් අයියා එක්ක එයාගෙ වාහනේ....පුතා මගෙ අතේ නිදි....

එකපාරට කඩා පැනපු පහන් අයියා මට එයා එක්ක එන්න කිවම මම බෑ කිව්වා....කෑගහලා ගෙදරින් යන්න කීවා....මම කියපු කිසි දෙයක් සතපහකට ගනන් නොගත්ත පහන් අයියා කිව්වෙ එකම එක දෙයයි....ආවෙ නැත්තන් බලෙන් හරි අරන් යනවා කියනෙක විතරයි....ඒ දේ වෙන්න නොදී ඕනි දේවල් අරන් ලෑස්ති වෙන්න කීවා....

ගැලවීමක් නෑ කියල දැනෙද්දි රෑ සීතල හින්දම පුතාවත් හොඳට කවර් වෙන්න ඔතපු මං ඕනිම කරන දේවල් අරන් වාහනේට නැග්ගා....කොහෙ යනවද මොකට යනවද මන්දන්නෙ නෑ....හැබැයි මේ යන ගමනෙන් මටවත් දරුවටවත් අනතුරක් වෙන්නෑ කියල මට විශ්වාසයි....නැත්තන් මම කීයටවත් නගින්නෑ වාහනේට....

අච්චර උදවු කරපු යසවතී නැන්දට මුදලාලි මාමට එහෙම නොකියම යන්න එක ගැන මට දුකයි....පණිවිඩයක් දෙන්න පුලුවන්කම තිබ්බනම් නොදී යන්නෙ නෑ....ඒ උනත් මේ පහන් අයියා ෆෝන් එකත් පොලේ ගැහුවා මදිවට කාටවත් කතා කරන්න දුන්නෙත් නෑ.....මුදලාලි මාමගෙ කඩේ ගාවිනුත් වෙඩිල්ල වගේ වාහනේ අරන් ආවා....මැරෙන්න යනවද මන්දා....

පැය ගානක් තිස්සෙ මහ රෑ වාහනේ ගිහිල්ලම මට ඇති වෙද්දි මෙච්චර වෙලා පාඩුවෙ හිටපු මං කට ඇරියා....

"පහන් අයියෙ මොකද්ද මේකෙ තේරුම....අඩුගානෙ මාව එක්කයන්නෙ කොහෙද මොකටද කියලවත් කියනවද...."

මොනවා ඇහුවත් පහන් අයියා අන්ධයෙක් බීරෙක් වගේ වාහනේ අරන් යද්දි වෙන අහන්න කෙනෙකුත් නැති කොට මං පුතාව තුරුල් කරගෙනම ශීට් එකට ඔලුව ගහගෙන ඇස් පියාගත්තා....පහන් අයියා එක්ක ආව අනිත් මිනිහා නම් ගොලුද කොහෙද....වචනයක් කතා කරන්නෙ තනිකර නමක් ගමක් නොදන්න බුම්මැට්ටෙක්....

"සියපත් මල්ලි නැගිටපන් අපි ආවා..."

එහෙමම නින්ද ගිහින් ඉඳපු මට ආයෙ ඇහැරුනේ පහන් අයියා කතා කරනකොට....නිදිමරගාතෙම ඉන්නෙ කොහෙද කියල හිතාගන්න බැරිවෙද්දි මම පහන් අයියගෙන් මුලින්ම ඇහුවෙ ඒක....

"කොහෙද අයියෙ මේ...."

"එයාර්පෝට් එක..."

"එයාර්පෝට් එක...!"

සියපත්Onde as histórias ganham vida. Descobre agora