04 කොටස

289 60 73
                                    

"සිහිලැල්.. මොකද දරුවෝ කරන්නේ.. මම දැන් හුඟ වෙලාවක ඉදලා බලාගෙන. මොනාද ඔය හැටි කල්පනා කරන්නේ...?" පිටුපස මිදුලේ වූ රූස්ස අඹ ගසෙන් සෙවන කර සාදා තිබූ කුඩා ලී බංකුවට වී කල්පනාවක හුන් සිහිලැල් ගැස්සී ගියේ ය.

පැමිණ ඇත්තේ එක්නැලිගොඩ මැණිකේ යැයි සිතූ සිහිලැල් විගසින් තමා හුන් තැනින් නැගිටගත්තත්, ඇත්තෙන්ම නම් ඒ පැමිණ සිටියේ දේවකීය. ඇගේ සිනහබර මුව දුටු සිහිලැල් කුඩා සිනහවක් ඔහුගේද දෙතොලතර ඇද ගනිමින් නැවතත් බංකුවේ වාඩි වූවේ ය.

"මොකක්ද සුදු මැණිකේ ඇහුවේ...?" සිනහවකින්ම හේ නැවතත් අසත්ම,

"මම කිව්වේ මම කිව්වේ... සිහිලැල් ඉන්නෙ වෙන ලෝකෙක උදේ ඉදන්.. ඔය දැන් මම අහපු එකවත් ඇහිලා නෑනේ මේ කොල්ලට!"

දේවකී සිහිලැල් හට නෝක්කාඩු කීවා ය. කියමින්ම ඈ ඔහු අසලින් ඉදගැනීමටද අමතක කලේ නැත.

"අනේ... මම මොනවා කල්පනා කරන්නද සුදු මැණිකේ.. සුදු මැණිකෙට විකාර..!"

"විකාර වෙන්න තිබුනා.. මෙන්න මෙච්චරක් කාලෙ ඉදලම සිහිලැල්ව හැදුවේ මම නොවුනා නම්.." යැයි පැවසූ දේවකී ඇගේ දෑත් අඩියක පමණ පරතරයක් සිටින සේ ලං කරගනිමින් සිහිලැල්ට පෙන්වූවා ය.. ඔහු ඒවා දෙස බලා නැවතත් මද සිනහවක් පාමින් අඹ ගසේ රූස්ස අතු දෙසට තම දෑස් යොමාගත්තේ, තමාව අතුදරුවෙකු කාලයේ සිටම උස්මහත් කලේ දේවකී බව ඔහු හොඳින්ම දැන් උන් නිසාවෙනි.

"පුතේ... උඹ ඔච්චර කල්පනා කරන්නේ සුදු මල්ලිගෙ කසාදේ ගැන නේද දරුවෝ...!"

තවත් බලාහිඳිනු නොහැකිම තැන දේවකී ඒ අසමින්ම සිහිලැල්ගේ උරහිසක් මත තම තම සුරත තබමින් ඒ සෙමින් පිරිමදින්නට ගත්තා ය.. දේවකී හට සැඟවීමට තරම් දෙයක් සිහිලැල් හා දේවක අතර නොමැත.. තරුණයන් දෙදෙනාගේම සිත්වල ආලවන්ත හැඟීම් මුල් බැස ගන්නා කාලයේ පටන්ම දේවකී මේ ගැන දැනුවත් ය. වැඩිමනත්, සිහිලැල්ගේ සිතෙහි දේවක පිලිබඳ වූ වෙනස් හැඟීම් සියල්ල දේවකටත් පෙර දැනගත්තේ ද ඇය ය.. ඒ වනතෙක්ම දේවක දිවි ගෙවූයේ ඒකපාර්ශ්වික පෙම්වතෙකු සේ සිතින් පමණක් සිහිලැල්ට පෙම් කරමිනි.

සිහිලැල්Where stories live. Discover now