අවසාන කොටස

350 74 72
                                    

"උළුදු වඩේ කවරයක් දෙන්නකො.."

ටව්න් එක කෙලවර වන හරියේ පාර අයිනට වන්නට වාහනය නතර කල දේවක අසල තිබූ වඩේ කරත්තය වෙත ගොස් උලුඳු වඩේ තිබූ දෙස පෙන්වමින් එසේ කීවේ එහි උන් වැඩිහිටි ස්ත්‍රිය සමඟද සුහද සිනහවක් පාමිනි.

"දෙසීයයි මහත්තයෝ..."

සිහිලැල් ආසම කල වඩේ මල්ලත් අතට ගෙන රුපියල් සීයේ කොල දෙකක් අර ස්ත්‍රිය අත තැබූ හේ නැවතත් ඈ හා මද සිනහවක් පාමින් පැමින වාහනය පණ ගැන්වූවත් ඔහුගේ මුහුණේ සිනහව තවමත් එලෙසෙම විය.

ඉදිරිපස අනෙක් අසුනෙන් දැමූ පොලිතින් උරය ඇස් කොනට හසු වෙන හැමමොහොතකම සිහිලැල්ගේ සිහින් සිනහව දේවකට මැවී පෙනෙන්නට වූයෙන් ඔහු වාහනයේ වේගය තව මදක් වැඩි කලේය. ඔහුට අවැසි වූවේ හැකි විගස නිවසට ගොස් තම පෙම්වතාගේ මුහුන සිඹ දවසේ වෙහෙස නිවාගැනීමටයි.

අනෙක් කරුණ නම්, සිහිලැල් තමා එන තෙක් මඟ බලා ඉන්නා බව දන්නා දේවකට තම කුඩා පෙම්වතාව බොහෝ වෙලාවක් එසේ රස්තියාදු කරවීමට අවැසි නොවීමයි..

මිනිත්තු 45කට ආසන්න ගමන පුරාවටම දේවකගේ සිතට වද දුන් එකඳු හෝ කාරණයක් වේ නම්, ඒ ඊලඟ දිනයේ යා යුතු යැයි තම මෑණියන් විසින් පැවසූ ගමන පමණි.

නමුත් ඔහු ඔහුටම පොරොන්දුවක් වී තිබුනේ ය.. ඔහු සිහිලැල් හැර වෙනත් කවුරුන් හෝ විවාහ කරගන්නවා නම් ඒ සිහිලැල්ගේ නොව, තමාගේම මලමිනිය මතින් බව දේවක තම සිතටම එක හෙලා පැවසුවේ ය..

බැරිම වුවහොත් සිහිලැල් රැගෙන කොහේහෝ පැනයාමට ඔහු දැන්ම සිතාගෙන අහවරය.. වෙන විකල්පයක් නැත..

ඒ සා කරුණු කාරණා දහසක් කල්පනා කරමින් වාහනය පැදවූ දේවක අවසානයේ තම සිවික් රථයේ සුක්කානම වලව් ගේට්ටුවෙන් ඇතුලට කැරකැවූයේ එම කඩවසම් මුහුණේත් පැහැදිලි සිනහවක් ඇදගනිමිනි.. මන්ද යත් ඔහු වත්තට ඇතුල් වූ විටම ඔහුගේ දෑසට දර්ශනය වූයේ ඔහු මෙතෙක් දැකීමට පෙරුම් පුරමින් ආ ඒ පිංකාර රුව වීමයි..

බත් පිඟානක්ද අතැතිව ඉස්තෝප්පුවේ බිම වාඩි වී ආහාර ගනිමින් හුන් සිහිලැල් තම වාහනය දැක බිමින් නැගිටින අයුරු දුටු දේවක වාහනය මිදුලෙහිම නවතමින් වඩේ මල්ලද අතට ගෙන වාහනයෙන් බැස්සේ ය...

සිහිලැල්Where stories live. Discover now