RadhithReyshan

- Let Them පාඩම -
          	
          	ඔයාලා අහලා තියෙනවා ද "Let Them" කියන අදහස/පාඩම ගැන? ඕකට සිංහලෙන් "එයාලාට ඉඩ දෙන්න" කියලා කියන්න පුළුවන්..
          	
          	මම ඔය පාඩම ඉගෙන ගත්තේ හරියටම කවදා ද කියලා කියන්න මට මතකයක් නෑ.. හැබැයි, වයසෙනුයි අත්දැකීම්වලිනුයි මුහුකුරා යන්න යන්න, මගේ ඔලුව ඇතුළේ නිදහස තියා ගන්න, මට ඔය "Let Them" පාඩම හරියට උදව් වුණා..
          	
          	මේ ළඟදී ඒ සම්බන්ධයෙන් මෙල් රොබින්ස් කියන ප්‍රසිද්ධ ලේඛිකාව එයාගේ සමාජ මාධ්‍යය පිටුවක දාලා තිබිච්ච පුංචි පෝස්ට් එකක් නිසා, ඒ පාඩම ගැන ඔයාලා එක්ක බෙදා ගත්තොත් හොඳයි කියලා හිතුණා..
          	
          	මම නම් ඒ පාඩම ඉගෙන ගත්තේ සෑහෙන අමාරුවෙන්.. එක පාරක් ඉගෙන ගත්තාට මොකද, ජීවිත කාලේ පුරාම, මට ඒ පාඩම ආයෙ ආයෙත් මතක් කර ගන්නත් සිද්ධ වෙනවා..
          	
          	හැබැයි, එහෙම අමතක වෙන වාරයක් ගාණේ මතක් කර කර හරි, අපිට ඒ පාඩම දිනපතා පාවිච්චි කරන්න පුළුවන්!
          	
          	මේකයි ඒ "Let Them" පාඩම..
          	
          	ඉස්සර මම මිනිස්සුන්ව නැති කර ගන්න තියෙන අකැමැත්තට, එයාලාව දරාගෙන හිටියා..
          	
          	"එයාලා ඇයි මට එහෙම කළේ?" කියලා විස්සෝප වුණා.. 
          	
          	එහෙම විස්සෝප වෙවී, එයාලාව තේරුම් ගන්න උත්සාහ කළා..
          	
          	කරන්න තියෙන වැඩ ඔක්කොමත් නතර කරගෙන, සති ගණන් කල්පනා කළා..
          	
          	හැබැයි, කාලෙත් එක්ක මම තේරුම් ගත්තා, මම මිනිස්සුන්ව ළඟින් ආශ්‍රය කළාට, ආදරේ කළාට, උදව්පදව් කළාට, මගේ කියලා හිතාගෙන හිටියාට, ඒ සමහරු, මම ගැන ආපස්සට එහෙම හිතන්නේ නෑ කියලා..
          	
          	එයාලා අපිට කිට්ටු වෙන්නේ, අපෙන් උදව්වක්, ප්‍රයෝජනයක් ගන්න විතරයි කියලා..
          	
          	ඉතිං, අර හැමවෙලේම හැමෝවම තේරුම් ගන්න උත්සාහ කරන, හැමෝගෙම අත් වැරදීම් ඉවසන කෙනාගේ චරිතය තව දුරටත් රඟපාන එක මම නතර කරලා දැම්මා.. 
          	
          	අම්මෝ... ඊට පස්සේ ඔලුවට දැනෙන සනීපේ!!
          	
          	මේ වෙනකල් ජීවිතේ ඉගෙනගෙන තියෙන වටිනම පාඩම මොකද්ද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත්, ඒ "Let Them" පාඩම බව කියන්න මම දෙපාරක් හිතන්නේ නෑ..
          	
          	මිනිස්සුන්ට, ඔයාව වරදවා තේරුම් ගන්න ඉඩ දෙන්න.
          	
          	ඔයාව විනිශ්චය කරන්න ඉඩ දෙන්න..
          	
          	ඔයා එක්ක අවුල් යන්න, හිත් රිද්දවා ගන්න ඉඩ දෙන්න.
          	
          	ඔයාව මග ඇරලා යන්න ඉඩ දෙන්න.. (ඕනේ ම නම්, එහෙම මග ඇරලා යන කෙනෙක් එක්ක බලෙන් ම පැනලා කතා කරලා, පොඩි ජොලියක් ගන්න..)
          	
          	ඔයාව සැක කරන්න ඉඩ දෙන්න..
          	
          	එයාලා හරි, ඔයා තමයි වැරදි කියලා කියන්න ඉඩ දෙන්න..
          	
          	ඔයා ගැන කතා පතුරවන්න ඉඩ දෙන්න..
          	
          	.....Continue in the comment section....

Gayathri_23

@RadhithReyshan මගේ අවුරුදු 24 ඇතුලේ සමාජෙට ආව අවුරුදු 5 පුරාවටම මට උනේ පාවිච්චි වෙන්න. සරලවමඅගේ අනුකම්පාවෙන්, මගේ හොඳ හිතෙන් වාසි අරන් මාව අයින් කරල දාන මිනිස්සු එක්ක එකට ඉන්න. ඒ බව දැන දැනම එහෙම ඉන්න එක මුල් කාලේ පට්ටම අමාරු උනා, කොටින්ම අඬ අඬා ඇයි මට මෙහෙම කරන්නෙ ගගා ඇහුවා. දැනුත් තාමත් මට එහෙම වෙනකොට රිදෙනවා. හැබැයි මම හේතු අහන එක නැවැත්තුවා, පස්සෙන් යන එක නැවැත්තුවා, අඬන එක නැවැත්තුවා.. කොටින්ම උබ එහෙම කරනවනම් කරපන් මට කමක් නෑ අදාළ නෑ කියල දැන් මම ඉන්නේ..
          	  
          	  It still hurts, but not like a hell..
          	  
          	  Yeah, Let Them!!
          	  
          	  Thank you ❤️
Reply

Nishbobo

@RadhithReyshan  Godak watina adahasak…♥️
Reply

RadhithReyshan

හැබැයි අපිට නැති වෙන්නේ, අපෙන් වාසි ගන්න බලාගෙන කිට්ටු වෙච්ච, අපේ කරෙන් ගොඩ ගියපු, වංක මනුස්සයෙක්! 
          	  එහෙමත් නැත්නම්, අපිත් නොදැනම අපිත් එක්ක තරග කරපු, අපිට ඊරිසියා කරපු කෙනෙක්!
          	  
          	  රිදිච්ච මිනිස්සු, අනුන්ටත් රිද්දනවා..
          	  නිවිච්ච මිනිස්සු, අනුන්වත් නිවනවා..
          	  
          	  රිදිච්ච මිනිස්සු නිසා, ඔයාගේ සතුට නැති කර ගන්න එපා..
          	  
          	  ආයෙත් මතක් කරනවා..
          	  
          	  ඔයාට ළං වෙන්න, ඔයාව ආශ්‍රය කරන්න ඉඩ දෙන එක වරප්‍රසාදයක්!
          	  
          	  කවුරුම හරි ඒ වරප්‍රසාදය අවභාවිතා කරන බව දැනෙනවා නම්, ඒ වරප්‍රසාදය දෙන එක එතැනින්ම නතර කරලා දාන්න.
          	  
          	  එතැනින් එහාටත්, එයාලා එක එක දේවල් කරයි.
          	  එක එක දේවල් කියයි..
          	  එක එක දේවල් හිතයි..
          	  
          	  ඉතිං, අපිට මොකෝ??
          	  
          	  Simply, Let Them.!

කොපි පෝස්ට් එකට සමහර අයට රිදිලලු සෑහෙන්න.... මම කිව්වේ මම කියවපු කතා දෙකක් ගැන.... සහ ඒ දෙක කියෙව්වට පස්සේ මට හිතුනු දේ...
          
          ෆ්බී එකෙන් ss එව්ව අයට, මැසේජ් කරපු, කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. මම ඒ අයට කිව්වෙත් ඒ ෆ්බී නටපු අය නම් මට අදාලම නැති මිනිස්සු. සෝ who cares.! And never send such useless things to me again please.
          
          මැග්නෝලියා හාදු එක සිංහලෙන් සිංහල රීඩර්සලට නොදෙන්න හේතුවත් ඔය වගේ වට්පෑඩ් එකේ දේවල් ෆ්බී ගෙනිහින් නටන අය තමයි. Bcz i know Magnolia Kisses can trigger solo fans. Specially 227 incident. But according to my plot, i have to include that. Weibo screenshots, links, clips etc (real evidences). As a part of that story, im translating "falling' from chinese to english as well. Like i said, literally it would be a time consuming big hard work. So it will be limited to non-toxic base.
          
          මැග්නෝලියා හාදු එක අලුත් අකවුන්ට් එකකින් english readers ලා  අතරට යයි. ඒ අකවුන්ට් එකට දැනුවත්ව සිංහල  රීඩර්සල ඇඩ් කරගන්න බලාපොරොත්තුවක් නෑ. 
          
          කතා කරපු අයට පොරොන්දු උනා වගේ එයාලා වෙනුවෙන් අලුත් කතාවක් දෙන්නම්. ඒත් අද හෙටම නෙවෙයි.

RadhithReyshan

කතා කොපි කිරීමේ ක්‍රම සහ විධි.
           
          1. කතාවක් ගෙඩි පිටින් කොපි කිරීම - මේකෙදි කරන්නේ ඔරිජිනල් ඕතර් ගේ කතාව එහෙමම අරන් අහු නොවෙයි කියල හිතාන යම් යම් වෙනස්කම් එක්ක / ඒ චරිත එක්ක තමන්ගේ කතාවක් වගේ දැමීම. ඔරිජිනල් ඕතර් ට තමන්ගේ කතාවකට මෙහෙම දෙයක් වෙනවග කිසිම අදහසක් නොමැති වීම.
          
          2. කතා දෙකක් හෝ තුනක් ගෙඩි පිටින් කොපි කර එක කතාවක් හැදීම - මේකට එකම ඕතර්ගේ හෝ වෙන වෙන ඕතර්ස්ලා දෙන්නෙක්, තුන් දෙනෙක් ගේ කතා අරන් එක කතාවක් නිර්මාණය කිරීම.
          
          3. Yizhan එකක් Zhanyi version එකෙන් නැවත ප්‍රතිනිර්මාණය කිරීම - මේකෙදි ඔරිජිනල් ඕතර් ලියලා තියෙන්නේ yizhan නම් කොපිය ලියනවා zhanyi වලින්.
          
          4. අලුත් ප්ලොට් එකකට වෙන කතාවක සිද්දි / අවස්තා / ඒ රචනා ශෛලිය / චරිත සහ චරිත වල නම් / චරිත වල ගති ස්වභාව රිංගවීම - මේක කොපියක් කියල ලේබල් එකෙන් ගැලවෙන්න හොයාගන තියන ලූප් හෝල් එකක්. තමන්ගේ ප්ලොට් එකකට 30% - 50% වගේ අනුන්ගේ කතා වල කෑලි රිංගවනවා.
          
          ඕතර් කෙනෙක් ප්ලොට් එකක් හදන්න පුදුම කට්ටක් කන්නේ... ඔය උඩ කිව්ව කොපි කරා කියන ලේබල් එක වදින හේතු වලින් බේරිලා අලුත් ප්ලොට් එක හිතලා ඩ්‍රාෆ්ට් කරලා දාහකුත් එකක් වැඩ අස්සේ වචන 3000 - 4000 සමහරු වචන 5000 - 7000 වගේ වෙන්න චැප්ටර්ස් ලියලා සමහර අමතර කරුනු වෙලාව අරන් හොයලා බලල දෙන්නේ තනිකරම ලියන්නෙක් වෙන්න තියන ආසාවට. එහෙම එකේ කතා ටිකක් දිගෑරගන අර උඩ කිව්ව ක්‍රම වලින් කොපි කරලා අලුත් කතාවක් ගොතලා ඒක දෙන්න මහ වෙලාවක් යන්නේ නෑ. අනික එහෙම කරන එකෙන් ඔයා කරන්නේ ඔයා ආසාවෙන් කියවපු කතාවක් ලියපු ඕතර් කෙනෙක්ගේ මහන්සියක් බල්ලට දාන එකයි.
          
          සමහරවිට වෙන අයගේ පොත් වල ආභාසය කොපි කිරීමේ අදහසින් නොකලත් නොදැනුවත්වම තමන්ගේ ලිවීමට එකතු වෙනවා කියලා හිතන අය ඉන්නවා නම් එයාලා වෙන අයගේ පොත් නොකියවා ඉන්න. තමන් දන්නවනේ එහෙම දෙයක් වෙනවද නැද්ද කියන්න. මොකද අනිවාර්යයෙන්ම පෲෆ් රීඩ් කරලා නෙහ් කතාව පබ්ලිශ් කරන්නේ.
          
          ඉතින්... මේ ටික කියන්න හිතුනේ කතා දෙකක් කියෙව්වා මේ දවස් ටිකේ. දෙකම ප්‍රසිද්ධ ඕතර්ස්ලා දෙන්නෙක්ගේ කතා වල කෑලි උස්සලා ලියපු කතා දෙකක් නිසයි. (4 වෙනි වර්ගයේ පොත් දෙකක්)
          
          කතා දෙක මොනාද අහන්න එපා. කාගෙවත් නම්/කතා ගෙස් කරන්නත් එපා. 
          
          ඒත් ඒ කතා ලියපු අය මේක දකිනවා නම් ඔව්.... තමන්ගේ හිත දන්නවා.... මේ ඔයාගේ පොත ගැන තමයි කියන්නේ කියල.....

le_meow7

@RadhithReyshan  mm its ok! Don't be down bro. Dark dogs සපා නොකයි කියලා අහල තියෙනවා නෙ . Actually wattpad Sinhala fiction ලියන boys ලා හරි අඩුයි මම හිතන්නෙ. I was suprised .....අරලිය තමා කියෝලා තියෙන්නේ ඔයාගෙ. මට ඒකෙන් හිතුනා බෝයි කෙනෙක් කියලා. සීරියස්ලි මම සප්‍රයිස් වුනා. Normally ඉතින් අපෙ කොල්ලො ඔය සයිඩ් වලට යන්නෙ නෑනෙ. So happy and proud of you bro. Hahhaa Iam talkative .....so sorry පල්හෑල්ලක් ලිව්වට. Tata & bye machn! All the best.
            New acc එක කියලා යන්න හොදේ :-)
Reply

RadhithReyshan

@le_meow7 බලමු ඩියර්... දැනට english එක ලියන්න තමයි ඉන්නේ. එකත් වෙන අකවුන්ට් එකකින්. ඒක ගොඩක් කල් ඉදන් ඔලුවෙ තිබ්බ ප්ලොට් එකක්.
Reply

le_meow7

@RadhithReyshan mm its good. But ඔයාගෙ ෆෑන්ස්ලා ? I mean එයාලා බලාගෙනනෙ ඉන්නෙ update දෙනකම් නෙහ්. I can understand your situation.බට් ආය sinhala story නොදීම ඉන්න එපානෙ. Really I also like your stories dear. Its your choice but think about your decision again ok? Anyway I wish to your new start. 
Reply

RadhithReyshan

අපි හැමෝම කැමතියි අපිව කවුරුන් හරි අගය කරනවට. අපේ එදිනෙදා ජීවිතේ සමහර අවස්ථා එනවා අපි කරන කැපකිරීම, කාර්‍යභාර්‍ය හා දරන වගකීම් වෙනුවෙන් කාගෙන් හෝ අගය කිරීමක් ඕනමයි හිතෙන, ඒත් ඒ ගැන අපේ අවට ඉන්න කිසිදු පුද්ගලයෙක්ට විශේෂ සැලකිල්ලක් නැති.
          
          ඒ වෙලාවට ටිකක් වෙලා අරගෙන හිතන්න.... අපි මේ හැමදේම කරන්නේ අරමුණක් වෙනුවෙන් වගේම මේ හැම මහන්සියකටම, ඒ වෙනුවෙන් අපි හෙලන හැම කදුලකටම අරුතක් ලැබෙන්නේ අපි කවදා හෝ ඒ අරමුණ ළගා කරගත්තොත්... ඉතින් ඒ යන ගමනේ තවත් කෙනෙක්ගේ ඇගයීමක් වෙනුවෙන් තැවෙනවට වඩා ඔයාම ඔයාගේ progress එක ගැන බලලා self appreciation  එකක් කරගන්න. ඒකෙන් ශක්තිය ගන්න තවත් ඉස්සරහට යන්න.
           
          මතක තියාගන්න....කවදා හරි දවසක ඔයාගේ මහන්සිය ගැන හැමෝම කතාකරාවි, ඒ ඔයා දිනපු දවස ආවම.

RadhithReyshan

ඔයාලත් කවදා හරි කාට හරි අවංකවම යාලුවෙක් විදිහට උපදෙස් දීලා නැද්ද?
          
          නෑහ්හ්හ්හ්හ්........?
          
          ස්ස්ස්ස්...... How saaaaadddddd......!
          
          දීලා බලන්න.... 
          
          ඒ උපදෙසුත් අරන් තැන තැන හින්ට් ගහනකොට ආසා හිතෙයි....! 

le_meow7

@RadhithReyshan  හිත හොද වැඩී බන් ඒකයි සේරටම මුල. ඇත්තටම හලො තමන්ගෙ පාඩුවෙ ඉන්න එක හරි සැහැල්ලුයි. ප්‍රශ්නත් නෑ !
Reply

RadhithReyshan

@le_meow7 මෝඩ මම තාම පාඩමක් ඉගනගන නෑනේ.! ඒක නිසා තාම කෙලෝගන්නවා අනුන්ට හොද කරන්න ගිහින්.
Reply

le_meow7

@RadhithReyshan  amor කෙළලා ඇරිය මිනිස්සු ඉන්නවා එහෙම. 
            මේකනෙ හලෝ අපි හොද කරනව වැඩි. මම නම් cupiri එකෙන් කෙළවන් ඉන්නෙ ඔහොම උන් නිසා. දැන් මම මගෙ පාඩුවෙ ඉන්නෙ . 
Reply

RadhithReyshan

ගිය දේ ගියාවේ....
          ඒ දේවල් ගැන දැන් හිතන්න එපා මගේ පුංචි කලබලකාරයෝ....
          ඕවා ඔහොම තමයි !
          ජීවිතේ කියන්නෙම දරා ගෙන ඉස්සරහට යන එක !
          ඉතිං 
          ඒකට කමක් නෑ ! 
          හැමදේම හරි යනවා ! ♥
          
          - Gumiho's Diary -

RadhithReyshan

@NilankaGunarathna පොඩි බ්‍රේක් එකක් ගන්න හිතුවෙ.... බලමු.... පුලුවන් ඉක්මනට එන්නම්. 
Reply

NilankaGunarathna

@RadhithReyshan අලුත් කතාවක් තාම නැද්ද ..
Reply

RadhithReyshan

"ඔයාගෙ වචන මගෙ හිත නිවනවා...."
          
          ලියන මනුස්සයෙක් තමන්ගෙ ජීවිත කාලය තුළ අහන්නම ඕන වචන ටිකක්.!
          
          ආදරෙයි මේ ආදරේට.❤

Rovenya_R123

@RadhithReyshan 
            සමහර වෙලාවට හිතෙන දෙයක්!
            සමහර කියන්නෙ ඉතිං බහුතරයක් වෙලාවට......
            සමහරු ඇත්තටම මේ වචන පේලියට සුදුසු ද?
            සංවාදය ට විවෘත නෑ 
            Just my thought 
Reply

RadhithReyshan

I believe that the most elite type of man is the emotionally intelligent, calm and gentle man.
          
          The golden retriever personality type. Men who don't yell or break things when they’re mad.
          
          Men who communicate in a gentle, low voice, telling you what made them mad or what you did wrong, but never blame you or make you feel bad about it and men who don’t disrespect you with their words or actions.❤❤❤
          
          I wanna tell ya.... Babe... Im blessed enough to have you in my life.... love you and have a blessed birthday.! ❤
          
Shan191093

@RadhithReyshan Apoooooo oka mokkda anee sorry kiynna one mn ne. Aye lassana kathawak aran enna hode
Reply

Shan191093

@RadhithReyshan not a bro though ha ha account eka hadaddi dakke na i akura wadila na kiyla kmk na ekath maru
Reply