Prologue

337 79 251
                                    

විවර වෙලා තිබුනු ජනෙල් රෙදි අතරින් ගලාගෙන ආපු ඉර එළිය මුහුණට වැටෙද්දි විසල් සයනයේ නිදාගෙන උන්නු තරුණයා හෙමින් නෙත් විවර කළේ නිදිබර දෑස් අතැගිලිවලින් පොඩි කරමින්.

ඇගට උඩින් යන්තමින් වැටිලා තිබුනු සේද පොරවනය පැත්තකට කරපු ඔහු නළලට වැටිලා තිබුනු කෙස් රොදක් පසෙකට කරන ගමන් බැලුවේ ඔහු උන්නු විසල් ඇදේ අනෙත් කෙළවර දිහා.

හැමදාමත් වගේ අදත් ඇදේ ඒ පැත්ත හිස්...

ඉහ ඉද්දරින් තිබුනු කොට්ටය වගේම ඇදේ ඒ පැත්තේ ඇද ඇතිරිල්ල පවා එක රැල්ලක්වත් නැතිව පිළිවෙලට තිබුනේ ඒ සයනයට වෙන කවුරුත් ආවේ නැති බවට ඔහුට සාක්ශි දෙමින්.

තමන්ගේ පැත්තකින් තියන හිස් ඉඩ දිහා බලපු තරුණයා ඔහුගේ එක අතක් ඒ සීතල ඇතිරිල්ල උඩින් තිබ්බේ පුරුද්දට.ඒත් ඉස්සර වගේ ඒ සීතල ඔහුට අරුමයක් වුනේ නෑ.අවුරුද්දක් තිස්සේ ඔහුගේ හැම උදෑසනක්ම ඇරඹුනේ මේ විදිහට.

කොච්චර බලාගෙන හිටියත් ඒ සයනයේ අනිත් හිමිකරුවාගේ උණුහුම හැමදාමත් තිබුනේ ඔහුට අහිමි ලැයිස්තුවේ.

කොලයකට විතරක් සීමා වුනු බැදීමක උන්නු ඔහුගේ හැම දවසක්ම ගෙවුනේ තනිකමින්.

ඔහුගේ මූණට වේදනාත්මක හිනාවක් ආවේ ඉබේටමයි.

"ඔයා එන්නේ නෑ කියලා හිත කොච්චර දන්නවා වුනත් මං තවම ඇස් අරින්නේ අදවත් මගෙ ඉස්සරහ ඔයා ඉදියි කියලා හිතාගෙන.."

ඒ හිනාවෙන්ම දුහුල් පෙරවනය අයින් කරලා ඇදෙන් බැහැපු ඔහු නාන කාමරයට වැදිලා දොර වහගත්තේ ඇද ලගම වුනු කුඩා මේසය මත තිබුනු රාමු කළ ඡායාරූපය දිහා නොබලන්න පරිස්සම් වෙන ගමන්.

මොකද ඒ ඡායාරූපය දකින වතාවක් ගානේ ඒ දවස ගැන සතුටු වෙනවද දුක් වෙනවද කියලා හිතාගන්න බැරිව තමන් අතරමන් වෙනවා කියලා ඔහු දන්නවා..

නාන කාමරයේ වූ විශාල කණ්නාඩිය ඉදිරියට ගිය ඔහු ඒකෙන් පේන තමන්ගෙම ඡායාව දිහා බලාගෙන හිටියේ කිසිම හැගීමක් නැති මුහුණකින්.

"ඔයාගේ එක බැල්මක්වත් නොලැබෙන්න තරම් මොකක්ද මගේ තියන අඩුව..?"

✿ ROSARIUM ✿  [ sope ] OnholdWhere stories live. Discover now