✿ 1st Rose ✿

231 55 43
                                    

_______________________________________________________________

Be careful in what you choose:
You may get it.

COLIN POWELL

_____________________________________________________________


තමන් ආපු කුලී රථයේ රියදුරාට මුදල් ගෙවපු තරුණයා කාර් එකේ දොර ඇරගෙන එළියට බැස්සේ ඔහුගේ බෑගයත් තුරුල් කරගන්න ගමන්.

ඒත් විශාල ගේට්ටුව ඉස්සරහ නතර වුනු ඔහුගේ දෙපා ගේට්ටුවෙන් ඇතුළට ගමන් කරනවා වෙනුවට එතන ම නතර වුණේ ඔහුගෙ මුවින් ලොකූ හුස්මක් පිටවෙද්දි.

තමන්ව ඒ ගේට්ටුව ගාව තනි කරලා දාලා ඈතට ඇදිලා යන කුලී රියේ හඩ ගැන අවධානයක් ඔහුට තිබුනේ නෑ.ඒ වෙනුවට ඔහුගේ චොකලට් පාට දෑස් යොමු වෙලා තිබුනේ සුදුපාට ගේට්ටුවට එපිටින් පේන විසල් මන්දිරයට.

ගේට්ටුවට පිටින් ඉදන් බලන ඕනිම කෙනෙක් ඒ මන්දිරය ඇතුළේ ජීවිතය එක දවසකට හරි විදලා බලන්න ආසයි කියලා ඒ තරුණයා දන්නවා.මොකද ලස්සන මල් පිරුණු උයනක් මැද්දේ සුදුපාටින් ම දිලිසෙන ඒ මන්දිරය ඇතුළේ ඉන්න අය ගෙවන ජීවිතයත් ඒ තරම්ම ලස්සනයි කියලයි ඒ දිහා පිටින් ඉදන් බලන මිනිස්සු හිතාගෙන හිටියේ.

ඒත් ඒ බිත්ති ඇතුළේ හැන්ගුනු රහස් දන්නේ ඒ බිත්ති අතරේ ජීවත් වෙන අය විතරයි.

ඒ නිසාමයි ඒ තරුණයාගේ විඩාබර දෑස්වල තමන් ජීවත් වෙන ගෙදර දැක්කම කිසිම වෙනසක් සිද්ද නොවුනේ.

ඔහුට ඕනි වුණා එතනින් දුවන්න..
ඒ ගේට්ටුවෙන් ඇතුළට නොයා හිස හැරුණු අතක යන්න..
ඒ බිත්ති අතරේ ආයේමත් තනි නොවී කොහේම හරි යන්න..

ඒත් ඔහුට ඒක කරන්න බෑ.

මොකද මොන දේ දාලා ගියත් ඔහුට තාමත් දාලා යන්න බැරි දෙයක් ඒ මන්දිරය අස්සේ තියනවා.

ඒ වෙනුවෙන් හැමදේම දරාගන්න එක මොන තරම් අමාරු වුණත් ඔහු සදහටම ඒ වේදනාව එක්ක ජීවත් වෙන්න හිත හදාගෙනමයි හිටියේ...ඉතින් ඒ නිසයි ලොකු හුස්මක් පිට කරපු තරුණයා අමාරුවෙන් වුණත් මූණට ලස්සන හිනාවක් නගාගෙන ගේට්ටුවෙන් ඇතුළට පියවර තිබ්බේ.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 18 ⏰

Add this story to your Library to get notified about new parts!

✿ ROSARIUM ✿  [ sope ] OnholdWhere stories live. Discover now