🌸 Truz Land

44 12 31
                                    

maya : අහ් ! ටේරේ ??

මායගෙ කාමරේ තියෙන්නෙ ටේගෙ කාමරේට එහා පැත්තෙ නිසා මායට ලාවට වගේ ටේගෙ කාමරේ බාගෙට ඇරිලා තිබුනු දොරෙන් ඇදේ නිදියන් ඉන්න ටේව පෙනුනා..

ඒක නිසාම මායා චේන්ජ් කරගන්න එක පස්සට දාලා එහෙමම ටේගෙ රූම් එකට ගියා..

maya : ටේ ! ටේ !

මායා දෙපාරක් ටේට තට්ටු කළා..

tae : අහ් ! ඔ..ඔම්මා ??

maya : ටේ පැටියෝ ? ආහ් !! ම්..මේ මොකද අතට වුනේ??මේ ලේ නේද?

ටේ ඒ වෙද්දි රෙදි කැල්ලකින් එයාගෙ තුවාලෙ ඔතාගෙනයි හිටියෙ..ලේ පැල්ලම් තියෙන රෙදි කෑල්ල දැකපු ගමන් මායා ගොඩක් කලබල වුණා..

maya : මොකද වුනේ? කෝ එන්න මං බෙහෙත් දාන්නම්..බලන්නකො ඔයත් කරගන්න වැඩ !

tae : මගෙ අතින් ඩොබී හ්‍යුන්ගෙ මිල්ක්ෂේක් එක වැටුණා..ඉතින් මං ඒක අස් කරන්න යද්දි වීදුරු කට්ටකට අත කැපුනා..

maya : අහ් ! ඔයා මොකටද ඒවා අස් කරන්න ගියේ?ඇයි සවන්ට්ස්ලා ඉන්නෙ !!

tae : නූනා ! මගේ ඔලුව රිදෙනවා !! හැමෝම ඇයි මටම බනින්නෙ??මට දැන් බැනුම් අහලා එපා වෙලා !! මට මගේ ඔම්මව ගෙනත් දෙන්න ප්ලීස් !!

ටේ ඉවසන්න බැරිම තැන මායට හැමදේම කියාගෙන කියාගෙන ගියේ ඇස් දෙකේම කදුලු පුරවන්..

maya : අහ් ! අනේ සොරි !! මම කලබල වුනා ඔයාට කරදරයක් වෙයි කියලා..ඒත් ඔයාට කව්ද ආයෙ බැන්නෙ?

tae : නෑ..කවුරුත් නෑ නූනා...

maya : බොරු කියන්න එපා ! මං නැති ටිකට මොනාම හරි වෙලා තියෙනවා..

tae : යොන්ජි ආංටි !! එයා හිතන් ඉන්නෙ මං එයාගෙ සවන්ට් කෙනෙක් කියලද දන්නෑ..එයා මට ගොඩක් කරදර කරනවා නූනා !! මට ගොඩක් පාලුයි..මට මගේ ඔම්මව බලන්න ඕනි..

ටේ එහෙම කියාගෙන මායව තදින් හග් කරන් අඩන්න පටන් ගත්තෙ මායගෙ හදවත ටිකකට නතර කරන ගමන්...

maya : ටේ ! මං කියන දේ අහන්නකො පැටියෝ...යොන්ජි ආංටි නපුරුයි කියලා මටත් තේරුනා..ඒත් ඔයා මගේ මල්ලිනෙ..ඔයාට මොකුත් කියන්න කරන්න කාටවත් අයිතියක් නෑ..ආයෙ එහෙම මේ වගේ දෙයක් වුනොත් නූනට කියන්න ඕනි හරිද?මං ආයෙ ඔයාව මේ ගෙදර මෙයාලා එන්න තනියම නම් දාලා යන්නෙ නෑ.ඉන්න මං ඕක අඩු වෙන්න ටැබ්ලට් එකක් දෙන්නම්..මේක බීලා නිදා ගන්න.අහ් ! ඊට කලින් මට කියන්න ඔයා කාලද ඉන්නෙ?

Be With Me [ Brotherhood ] ☑Where stories live. Discover now