🌸 Party Party Yeah

42 12 14
                                    

Maya : ඔව් ! මාෂි ඔප්පා කීව එකට මමත් එකගයි..මොකද මට කෑම්ප් ගහන්න නම් එන්න වෙන්නෙ නෑ..මට කොහෙත්ම ටේව දාලා එන්න බෑ..හෙට අනිවාරෙන් එයා කොලේජ් යන්න ඕනි..

Dobby : සැක් ! කොහෙද මේ ටේ තමා හැමදාම අපේ ප්ලෑන් කඩා කප්පල් කරන්නෙ !! අනේ මේ මායා ! ටේ දැන් තොත්ත බබෙක් නෙවේනෙ !! ඔම්මා ඉන්නවනෙ අනික ගෙදර..

felix : ඒක තමා ! ඔච්චර හුරතල් කරන්න ටේ බෝනික්කෙක්‍ නෙවේනෙ !!

අන්න එතන තමා ඩොබීටයි ෆිකික්ස්ටයි වැරදුන තැන..

mashi : දෙන්නටම කට වහගන්න නේද කීවෙ !!? ඔයාලට මල්ලිලා නංගිලා නැති නිසා ඒ ගැන තේරෙන්නෙ නෑනෙ කොහොමත් ! මායට විතරක් එක එක ඒවා කියන් එන්න එපා මෙතන !!

මාෂි තමා එදා දවසේ වීරයා...ඒ වෙලාවෙ මායා මාෂි දිහා ඇස් පිල්ලම් නොහෙලා බලන් හිටියෙ මාෂිගෙ හොද ගතිගුණ නිසා...

han : අම්මෝ...ආංටිගෙ පිට්සා නම් එල ! මට නම් දැන් නැගිටින්නවත් බෑ..!!

minho : නැගිටින්න පුලුවන් වුනොත් ලොකු දෙයක් ! හොටු පෙර පෙර මදෑ පිට්සා හතර පහක්ම ගිල්ලා !!

mashi : එහෙනම් හැමෝම අද රෑ 7ට ට්‍රස් ලෑන්ඩ් එකේදි හම්බවෙමූ...

Maya : හරි !! ඩොබී ! ෆිලික්ස් ! හා නේද?

Dobby : හා හා ඉතින්..

felix : ඕනි එකක්..

අන්තිමට ඉතින් හැමෝම ඒකට එකග වුණා..කතාවුනා වගේම හරියටම රෑ හත වෙද්දි මේ සෙට් එකම ට්‍රස් ලෑන්ඩ් එක ළගටත් ආවා...

@truz land

ට්‍රස් ලෑන්ඩ් කියන්නෙ ලොකු පොඩි ඕනිම කෙනෙක්ට නිදහසේ සතුටින් කාලය ගත කරන්න පුලුවන් තැනක්..කතුරු ඔංචිලා,වීඩියෝ ගේම්ස්,චොකෝ ශොප්ස්,මූවීස්,හෝස් රයිඩින්ග්,බුක් ශොප්ස්,ෆැෂන් ශොප්ස් වගේ ගොඩක් දේවල් මේ ට්‍රස් ලෑන්ඩ් එකේ තිබුණා..

Riya : මායා !! මමත් ආවෝ...!!

කට්ටියම ගේට් එකෙන් ඇතුල් වෙන්න හදද්දිම රියත් කොහෙදෝ ඉදන් එතනට ආවෙ මායගෙ නම ට්‍රස් ලෑන්ඩ් එක වටේම ප්‍රචාරය කරගෙන..මොකද ඔය රියා බෙරිහන් දුන්නෙ ගේට් ළග ඉන්න සිකිවුරිටි ළගින් එද්දි..මේ සිකිවුරිටි අතේ කලු පාට මයික් එකක් තියෙනවා..මොකද එයා තමා මෙතනට එන අයට දැනුම්දීම් දෙන්න ඉන්නෙ..රියා මායට කතා කරද්දිත් ඒ සිකිවුරිටිගෙ මයික් එක ඔන් කරලයි තිබුනෙ..

Be With Me [ Brotherhood ] ☑Where stories live. Discover now