01

1.1K 53 14
                                    

"මැනික... ඇයි ඔයා මාව තනිකලේ...දාල යනව නම් ඇයි මට බලාපොරොත්තු දුන්නෙ "

මම අහසේ හද නැතිව ඉන්න තනි තරුව දිහා බලාගෙන ඇහුවේ එයාට ඇහෙයි කියල. එයාමයි කීවෙ දවසක එයා නැති උනොත් තරුව දිහා බලාන තරුවට කතා කරන්න කියල..ඒක හරි බොලදයිද.. ඒත් වෙන කරන්නම දෙයක්නැති තැන මම ඒකත් කරා..

කදුලු බිංදු සට සට ගාලා වැටෙද්දි මගේ සාරාව තුරුල් කරගෙන තනි තරුවට කතා කරද්දි මගේ මතකය ගියේ
එයා මගෙ උන දවසට...
වසරකට පෙර..

මම යන්නේ නුවර ප්‍රධාන පෙලේ බාලක පාසලකට. ඒක මම එක වසරෙ ඉදල ඉගෙන ගත්ත පාසල. ඉතිම් මගෙන් සේවයක් සලකන්න ඕනි නිසා ශිෂ්‍ය නායක පදවිය ට ඉල්ලුවා. කෝමහරි හම්බුනා මට. මම හොදට බාහිර වැඩ කරපු එල කොල්ලෙක් නිසා මට නිවාස නායක තනතුරම හම්බුනා. අපේ ඉස්කෝලේ ප්‍රිෆෙක්ට්කම දෙන්නේ නිවාස අනුව. ඉතිම් නිවාස 4න් 10 ගානෙ තෝරනව. මම තමා අපේ නිවාසෙ හෙඩ්. ගැම්මක් තමා. ඒ වගේම වගකීම් ගොඩයි. ඉතිම් කෝමහරි අපේ වයස අලුතෙන් AL වලට එන ලමයි බාරගන්න ඕනි නේ. අපි ඉතිම් පොඩි උත්සවයකුත් ලෑස්ති කරා. මම තමා අපේ හවුස් එකේ කොල්ලො ටිකව පිලිගන්න ඕනි.. දැන් බ්ලේසර් එහෙම දාල හිටිය හිටගෙන. කට්ටිය ගේට් එක ලග හිටගෙන හිටියා. සිකුරිටි එකෙන් ඊට පස්සෙ කට්ටියව ඇතුලට ගත්තා. හවුස් පිලිවෙලට ආව කට්ටිය. මම ඒ එන එන එක්කනාට ෆයිල් එකයි පොඩි කීටැග් එකකුයි ගානෙ දුන්න. ඒ ගමන් ලස්සනට හිනා උනා. මොනා උනත් අපෙ වයස දැන් ඉදල අපේ එවුන් නේ.ඔහොම යද්දි අන්තිමේට හිටියා සුදු කෙට්ටුත් නැති මහතත් නැති අහින්සක ඇස් දෙකක් තියෙන කොල්ලෙක්. එයා ඔලුවවත් උස්සන්නෑ. පොර බයවෙලාද කොහෙදෝ.. පවු අනේ .
ඒතෙහෙම හරියන්නෑනෙ. මම උගුර පෑදුවා. ඒ ගමන් එයා ඔලුව උස්සල බැලුවා. අවුලක්නෑ ලස්සනයි එයා. මම දුන්න ෆයිල් එකත් අරන් ගියා මේන් හෝල් එකට. මමත් වැඩ ඉවර වෙලා අපේ සෙට් එකත් එක්කගියා.
උත්සවේ කොහොමහරි ගියා හොදට.. අපිව ඩියුටි දාලා තිබ්බෙ මොකද කට්ටිය දන්නෑනෙ ඉස්කෝලෙ ගැන. එයාලට උදවු කරන්න.

මාත් එක්ක හිටියේ මගේ බොක්ක ආදිත්‍ය.. මගේ සහෝදරය ඌ. අපි දෙන්න හෝල් එකේ දොර ලග හිටගෙන උට ලස්සන කොල්ලෙක් හොය හොය.. ඔවු ඔවු ඌ ගේ එකෙක්..

පතමි ඔබ❤️ Waar verhalen tot leven komen. Ontdek het nu