04

246 31 16
                                    

ඇහැරුනේ උදේ.......

වෙලාව බලද්දි 8.25යි. ඉතිම් අද ස්කූල් යන්න වෙන් නෑ. ඔලුවත් රිදෙනව. ආදිත් තව නිදි. ඉතිම් මම නැගිටල වොශ් දාගෙන පහලට ගියා අම්මිව හොයාගෙන. අම්මිත් අද පරක්කු වෙලා නැගිටලද කොහෙදෝ තාම උයනව.. මම අම්මිට කිස් එකකුත් දීල පුටුවෙන් ඉදගත්තා...

"ආ මගෙ පැටිය ඇහැරුනාද... උදේ මම ඇහැරවන්න යද්දි ආදි පුතා කීව අද දෙන්නම ස්කූල් යන් නැ කියල.. ඒ නිසා මම ආය කතා කරේ නෑ දෙන්නටම.. ඇයි නෙතූ අද ගියෙ නැත්තේ..." අම්ම ඇහුව.

"එහෙම විශේශයක් නැ අම්මා. මගෙ ඔලුව ටිකක් රිදෙනව. ඊයෙ දවසම වගේ අපි දෙන්නම හිටගෙන නේ. අම්මි දන්නවනේ ඩියුටි කරන විදිහ අපි..."

"අනේ සුදු පුතේ ඉන්නකෝ මම අද කෑමක් හැදුව ඒක කාල පෙන්ඩෝල් එකක් බොන්නකෝ හරිද."

"හරි අම්මී ඉතිම් මොනාද හැදුවෙ ඔයා..".

"කාලම බලන්නකෝ. ආදි පුතටත් කතා කරල එන්නම් මම.."

"අම්ම කතා කරන්න ඕනි නෑ අනේ අර එන්නෙ අම්මගෙ චූටි පුතා"

"අනේ පලයම් බන් යන්න. උබෙ පෑලියාව ඔය "
" ආ මම මොකටද උබට ඉරිසියා කරන්නෙ"
" ඇයි ඉතිම් නදීකා අම්මගෙ චූටි පුතා මම නේ" 
" උබ චූටි පුතා උනාට මම නේ ලොකු පුතා"
" යැයි යැයි තමා"
ආදි ආවෙ විරිත්තගෙනම දෙන්න හිතෙනව මේකට....
ඇයි යකෝ මගෙ ගෙදර ඉදගෙනම මගෙ අම්මිවත් එකතු කරගෙන මේකා මටම විරිත්තනව නේ අම්මපා..

"හා හා දෙන්නම යන්නකෝ කන්න මූන සෝදලා නේ ඉන්නෙ දෙන්නම " අම්මි ඇහුවෙ ඇහිබැමකුත් උස්සලා

"මම නම් හේදුව අම්මි හැබැයි අම්මගෙ චූටි පුතානම් හේදුවද දන් නෑ" මම කීවෙ ආදි දිහයි අම්මි දිහයි බල බල

"අනේ නදීක අම්මෙ මම හේදුව මේන් මේ උනහපුලුව තමා හේදුවද කියල ශුවර් නැත්තෙ. අම්ම දන්නවනේ මම හරි පිරිසිදුවට ඉන්නව කියල"

" හරි හරි අප්පා දෙන්නම මූනත් සෝදලා නම් ඉන්නෙ දැන් කන්නකෝ වෙනදට මේ වෙලාවට කාල නේ ඔයාල"

" වාව් අම්මී පෑන් කේක්  යම් යම්ම්..... ඔයා තමා මේ ලෝකෙ හොදම අම්මා..." මම කීවෙ අම්මිට ලොකූ හග් එකක් දෙන ගමන්.

පතමි ඔබ❤️ Where stories live. Discover now