EPISODE THREE

483 87 28
                                    

      " තාත්තේ"

යැයි පවසමින් එතනට පැමිණියේ නපුරාය.ඔහු බිම ඉදගන සිටින මා දුටුවේ නැත.
"තාත්තෙ,
යුවිදු කෝ"

යනුවෙන් වෙද මාමාගෙන් ඇසීය.මගේ ඇස් පුදුමයෙන් මහත් වීය.මා පේන්න සිටින සෑම විටම මා හට රවමින් සිටින ඔහු මාව විමසන්නෙ කුමටදැයි මා බලා සිටියෙමි .වෙද මාමාද

"මොකද දිමුත් කවදාවත් නැතුව මෙතෙන්ට ආවෙ පුතේ"

ඇසීය. එසේ නම් ඔහුගේ නම දිමුත් යැයි සිතමින් මමද ඔහුගේ පිලිතුර බලාපොරොත්තුවෙන් ඔහු දෙස බැලීමි. ඔහු හිස කසමින් ලැජ්ජාවෙන් මෙන්

" නිකන් ඇහුවෙ තාත්තා ,,ආපු ගමන් හුරතල් කරන්න කවුරුත් නැති නිසා පැනලා ගියාද දන්නෙ නෑනෙ...."

කීවේය.වෙද මාමා සිනාව තද කරගෙන

" හුරතල් කරන්න නම් අම්මා ඉන්නෙ....තව කාට හරිත් හුරතල් කරන්න උවමනයි වගේ මට පේනවා"

යැයි කියා උස් හඩින් සිනාසීය.
       මේ මොහොතේ මට නපුරාගේ මූණ සමතලා කිරීමට තරම් සිත්වී තිබියදී වෙද මාමා කී දේ සිතා ගැනීමට නොහැකිව මා දෙලොවක් අතර අතරමං වී සිටියෙමි.
වෙද මාමා මා සිටි දෙස පෙන්වූ විට දිමුත් අයියා එක්වරම කලබල වී

" දුල්මිණට  උත්තර බදින්න එපැයි තමුන්ට මොනවා හරි උනොත්...ඒකයි...වැඩිය හිතට ගන්නැතුව ඉන්නවා"

යැයි පවසා ඉක්මනින් එතැනින් ඉවත් විය.වෙද මාමා මහ හඩින් සිනාසි

" ඕක හිතන්න එපා පුතා, මං දැක්කමයි ඔහොම වෙන කෙනෙක් ගැන වද වෙනවා "

යැයි කීය.මමනෙ දන්නෙ එයාගෙ වද වීමෙ තරම යැයි සිතමින් මම මදක් සිනාසී නැවත බෙහෙත් වෙන් කිරීම ඇරඹුවෙමි.
        **************************
    එදින නිමා වන විට වෙද මාමා මා සමග ඉතා කුලුපග වී සිටි අතර අම්මා මට දහ වතාවක් පමණ විවිධ ආහාර වර්ග කැවීමට උත්සුක වූවාය.අයියා විවිධ හේතු කියමින් දෙවතාවක් පමණ මට බැන වැදී ගිය අතර....මට සිතා ගැනීමට නොහැකි ව ඇත්තේ මාගේ අහිංසක මුහුණ දෙස බලාගෙන බැනීමට හැකිද යන්නයි🤭. කෙසේ වුවත් අයිය JOB එකක් කරන්නෙ නැද්ද යැයි මා විමසූ විට වෙද මාමා පැවසූවේ අයියා WILD PHOTOGRAPHY කරන බවයි. රසායන විද්‍යා උපාධියක් ඇති නිසා ඔහු එවන් දෙයක් කරන බව මා හීනෙකිනුදු නොසිතුවෙමි. එමෙන්ම ඔහුට එවන් සංයමයක් ඇති බවද මා කිසි විටෙකත් සිතුවේ නැත.ඒ නිසා තමයි එහෙනම් ගෙදරටම වෙලා ඉන්නෙ සිතා මා වෙද මාමා මට කුඩු කිරීමට දුන් මුල් කැබැල්ලක් කොටමින් සිටියෙමි.කෙසේ වුවත් මා මගේ ජීවිතයේ සිදු වූ වෙනසට ඉතාමත් කැමති වීමි.
            පිරිසිදු වීමෙන් අනතුරුව අම්මා චූටි මැණික යැයි අඩගසන හඩ ඇසුණෙන් මා ඒ දෙසට දුවගෙන ගියත් එක්වරම පැමිණි අයියාගේ ඇගේ වැදී බිත්තියේද වැදී මා බිමට වැටුණි. සිදුවූ   දේ මටද සිතා ගැනීමට නොහැකි විය; අයියාටද නොහැකි විය . බිත්තියේ හිස වැදීම නිසා මගේ දෙනෙතේ කදුලු පිරුණත් අයියා බැන වදී යැයි සිතා ඉක්මනින්

Wanna Be Mine Or Not💜️(completed)Where stories live. Discover now