AUTHOR 'S POV
අශ්වින් යුවිදු ගෙ නිකටින් උස්සලා ගන්නකොට යුවිදු ගෙ ඇස් දෙකේ තාමත් කදුලු පිරිලා තිබුන වගේම කියාගන්න බැරි තරම් හුරතල් පාටකුත් තිබුනා කියලා අශ්වින්ට තේරුනා.තවත් එයාව නවත්තගන්න අශ්වින් ට උවමනාවක් නොවෙද්දි එයා යුවිදු ගෙ නලලට බර සිපුමක් තිබ්බෙ හිතේ තියන ආදරේ යුවිදු ට දැනෙන්න වගේ....එහෙම තියලා සිහින් කෙදිරියකින් වගේ"මං ආදරෙයි යුවී,.....දැක්ක වෙලාවෙ ඉදන්ම ගොඩක් ආදරෙයි"
කියල කිව්වෙ තවත් එයාගෙ ආදරේ හංගන්න උවමනාවක් නොවෙද්දි....
යුවිදු බය වෙලා වගේ ටික වෙලාවක් බලගෙන හිටියෙ එයා මේ දේ විශ්වාස කරන්න ඕනිද නැද්ද කියලා හිතාගන්න බැරි නිසා....එහෙම ඉදලා තවත් ටික වෙලාවකින් එයා අශ්වින්ගෙ ඇස් දෙක දිහාම බලලා ඇහුවෙ" හැමදාටම මට ආදරෙයිද අයියේ...මොන දේ උනත් මාව ගනන් නොගෙන ඉන්නෙ නෑ නේද???"
කියලා.යුවීගේ අහිංසක ඇස් දිහා බලපු අශ්වින්
"මං කොහොමද මං මෙච්චර ආදරේ කරන මගෙ වස්තුව ගනන් නොගෙන ඉන්නෙ???"
කියලා කිව්වෙ ආයෙත් පාරක් යුවී ගෙ නලලත සිපුමක් තියලා.යුවී එක පාරට අශ්වින්ව වැලදගන
"මාත් ගොඩක් ආදරෙයි අශ්"
කියලා කිව්වෙ අශ්වින්ව මේ ලෝකෙ ඉන්න සතුටුම කෙනා බවට පත් කරලා.ටික වෙලාවක් දෙන්නම වැලදගන හිටියත් අශ්වින්ට යුවී ව සිපගන්න තදින්ම ඕනි උනත් යුවී තාම ඒකට සුදානම්ද නැද්ද කියන එක අශ්වින්ට හිතාගන්න බැරි උනා....ඒ නිසා එයා යුවීව තුරුල්ලෙන් ඈත් කරනකොටම යුවී
" අයියේ....."කියමින් අශ්වින් දිහා බලගෙන හිටියත් අශ්වින් යුවීගෙ දෙතොල් දිහා නොබලා ඉන්න උත්සාහ කරේ එයාට එයාව පාලනය කරගන්න බැරි වෙයි කියලා....යුවී ඒ ටිකට ඇස් වල කදුලු පුරවගන්නකොට අශ්වින් කලබලයෙන්
" ඇයි බබෝ මේ"
කියලා ඇහුවෙ යුවී
"ඔයාට මට කිස් එකක්වත් දෙන්න හිතෙන්නේ නැද්ද අයියේ "
කියලා නහය ඇද ඇද අහනකොට....අශ්වින්ට තව හිත හිත ඉන්න දෙයක් නොතිබුනේ ඒක යුවී අහපු හුරතල් විදිහටම එයාගෙ ඉවසීම ඉවර උන නිසා....
"මං කොච්චර අමරුවෙන්ද ඉවසගෙන හිටියෙ කියල දන්නෙ මංම තමයි මගේ යුවී මැණික."
...කියලා කෙදිරියකින් වගේ කියපු අශ්වින් යුවීගෙ දෙතොල් සිපගත්තෙ යුවී එයාගෙ අත් දෙක අශ්වින්ගෙ බෙල්ල වටේ දාගන්න ගමන්.....විනාඩි කිහිපයක් තමන්ගේම ලෝකයේ තනි වී සිටි දෙදෙනාටම ශෙනූ ගේ කකුල සිහි වූයේ ඒ මොහොතේය....යුවී
" අයියේ ඔයාගෙ යාලුවාගෙ කකුල "
කී විට අශ්වින්
"අඩේ මට අමතකත් උනා"
කියමින් නැවතත් යුවීගෙ නලල සිපගෙන බෙහෙත් ටිකත් රැගෙන එලියට ගියේ යුවිදු ලැජ්ජාවෙන් මූණ රතු කරගෙන අශ්වින්ගෙ පසුපසින් එන විටය.
ඒ වන විටත් වෙදමාමා තෙල් ගා පත්තුවක් බැද තිබූ අතර අශ්වින් තාත්තා දෙස බැලුවේ වරදකාරී හැගීමකිනි.නමුත් වෙද මාමා දෙදෙනා දෙස බලා සිනාසි" මොකෝ...මගෙ බෑනා පොඩ්ඩ කැමති උනාද???"
යැයි ඇසුවේ යුවී ගේ මෙන්ම අශ්වින්ගෙ ද ඇස් පුදුමයෙන් මහත් කරමිනි.
" තාත්තේ...කොහොමද ????"
අශ්වින් ට කතා කිරිමට වදන් පවා නොවිණ. එවිටම අම්මාද පැමිණ
"මගේ චූටි මැණිකට රිද්දලා හරි අඩවලා හරි තිබ්බොත් බලාගන්නම් නපුරු කොල්ලා"
යැයි කීවේ අශ්වින්ගෙ මූණ බෙරි කරමිනි...
"මං අම්මගෙ පුතා"
යනුවෙන් කීවත් අශ්වින් සිටින්නෙ මහත් සතුටින් බව සියල්ලන්ටම හොඳින් වැටහුණි..එමෙන්ම යුවී සිටින්නේ කිසිවක් සිතා ගැනීමට නොහැකි ලෙසය...අම්මා පැමිණ
"මගේ චූටි මැණික"
කියා ඔහුව වැලදගත්තාය....යුවී සතුටින් ඉපිල ගියේ හිතේ තිබූ ලොකූ බරක් නිදහස්ව ගිය බැවිනි....
නමුත් .....TO BE CONTINUED....
YOU ARE READING
Wanna Be Mine Or Not💜️(completed)
Short Storyසද එළිය වගේ ඇවිදින් හද නොපැතු දිනක රහසින් බැසනොයන් මසිත් අහසින් අත පොවනු නොහැකි දුරකින්❤️