24.කොටස

2.2K 325 175
                                    

"අයියට මං බෙදන්නම්.... බෙදලා අද මං මගෙ අතින්ම කවනවා හොදෙ...."

*
*
*
*

වෙනුකි එහෙම කියද්දි මං එයාට කෑම බෙදන එකත් නවත්තලා හැරිලා බැලුවෙ වෙනුකි දිහා....

වෙනුකි

"මේ මොකද වෙනුකි කවදාවත් නැතුව

Hoppsan! Denna bild följer inte våra riktliner för innehåll. Försök att ta bort den eller ladda upp en annan bild för att fortsätta.

"මේ මොකද වෙනුකි කවදාවත් නැතුව...? "

"ඇයි අයියෙ එහෙම කියන්නෙ...? මීට කලිනුත් අයියා ලෙඩ උනාම මං කවලා තියෙනවනෙ...."

"ඒ ඉස්සර... ලෙඩ වෙලා අමාරුම උන දවසක මං එපා කියද්දි අම්මගෙ අතින් බත් එක උදුරන් කවපු එකද මේ කියන්නෙ.....?"

"අනේහ් ඉතින්... එහෙම හරි කවලා තියෙනවනෙ....මමත් තාම කාලා නැ...අයියා එනකන් බලන් හිටියනෙ.... දැන් ඔයාට කවනගමන් මාත් කන්නම්.... අනේ එපා කියන්න එපා අයියෙ...."

කෙල්ල දුකින් මුහුණ බෙරි කරන් එහෙම කියද්දි මං අම්මලා දිහා බැලුවා....මට මගෙ කොල්ලගෙ මුහුණ බලන්න අමාරුයි.... එයා ඔළුව පාත් කරන් ඉන්නවා මට පේනවා....

"නැන්දෙ..ඔයාලා හැමෝම කාලද....? "

"ඔව් ලොකු පුතෙ අපි කෑවා.... මේකි ඉතින් පුතා එනකන්ම හිටියනෙ.... මං දැන් දානෙ ගෙදරක උදව්වට යන්න හදන්නෙ... හවස මාමා එක්ක මේ පැත්තෙ එන්නම් කෙල්ලව එක්කන් යන්න.... මාමාටත් පුතා එක්ක ටිකක් කතා කරන්න ඕනෙ කිව්වා...."

"ම්ම්... හරි නැන්දෙ.... පරිස්සමින් ගිහින් එන්න....."

එහෙම කියාගෙන අම්මයි නැන්දයි එතනින් යනකොට චූටිත් පාඩම් කරන්න යනවා කියලා කාමරේට ගියා... හැම තැනකදිම අම්මලට චූටිට උනත් මේවට මැදිහත් වෙන්න බැ..... මේවා මගෙත් වැරදි....

කෙල්ලට මං වෙන විදිහකට බලාපොරොත්තු නොදුන්නත් පොඩි කාලෙ ඉදන්ම මගෙ නංගිනෙ කියන හැගීමෙන් මට ලන් වෙන්න ඉඩ දුන්නා... මගෙ මල්ලිට වගේම මං කෙල්ලටත් මගෙ අතින් කවලා පොවලා තියෙනවා.... මං හැමදාම හිතුවෙ ලොකු වෙද්දි කෙල්ලගෙ හිත වෙනස් වෙයි කියල....

මගේ හිතුවක්කාරයා (Zhanyi) CompletedDär berättelser lever. Upptäck nu