ඒත් මගෙ හිත නම් මගෙ කොල්ලගෙ හිත තරම් බෝසත් නෑ... කලින් මං අම්මා එක්ක කිව්වා වගේම ඒකි නිසා මගෙ කොල්ලට මොනවහරි උනානම් මං අද එකීව මරාගෙන මැරෙනවා ....*
*
*"ලොකු පුතේ...... ! ලොකු පුතේ........!"
මං ගැස්සිලා ඇහැරුනෙ අම්මගෙ දොරට තට්ටු කර කර මට කතා කරන සද්දෙට.... මගෙ පපුව ඉන්න කොල්ලව හෙමීට කොට්ටෙ උඩින් තියලා එයාට හොදට පොරවලා ගිහින් මං දොර ඇරියා....
"ඇයි අම්මේ...? මොකෝ මේ පාන්දරම...? අප්පච්.............."
"අර මාමා ඇවිත් ඉන්නවා පුතේ.... එළියෙ අලිපේර ගහ යට.... ගෙට එන්න කිව්වට එන්නෙත් නැ.... "
"ඒ මොකෝ අම්මේ.....?"
"දන්නෑ පුතෙ...ගෙට ඇවිත් කතා කරන්න බෑලු අප්පච්චිට ඇහෙයි කියලා.... මගෙනුත් නොසෑහෙන්න සමාව ඉල්ලුවා කෙල්ල කරපු දේ නිසා එකීව අහක දාන්න එපා කියලා.... පුතාට පොඩ්ඩක් එළියට එන්න කියන්නලු........"
ඒක ඇත්ත...හැමදේම ගේ ඇතුලෙ හෙමීට කතා කරන්න අමාරුයි.... අම්මයි චූටියි උනත් ඊයෙ සිද්ධ උන දේ අප්පච්චිට අගවලා නෑ.... ගේ ඇතුලෙ අපි ඒ ගැන කතා උනෙත් හරි පරිස්සමට....
"හරි මං එන්නම් අම්මෙ...."
මං ආයෙත් ඉක්මනට කාමරේ ඇතුලට ඇවිත් එයාගෙ ඇගට තව බ්ලැන්කට් එකක් පොරවලා කොට්ට දෙකතුනකුත් ඇගට ලන් කරේ තව උණුසුම් වෙන්නයි.... මගෙ වස්තුව....එයා දිහා ටික වෙලාවක් බලන් ඉදලා එයාගෙ නලලින් හාදුවක් තියලා ශර්ට් එකක් ඇද ගත්තා.... කොණ්ඩෙ ටිකක් අතින් හදනගමන් දොරත් අඩවන් කරගෙන මං එළියට ආවෙ අප්පච්චිගෙ කාමරෙත් ඔළුව ටිකක් දාලා අප්පච්චි නිදිද බලාගෙනයි..... අම්මා කුස්සියෙ උයනවා සද්දෙ ඇහෙනවා....
මං එළියට යද්දි මාමා අලිපේර ගහ යට කළුවරේම ලෑලි බංකුවෙ වාඩි වෙලා ඈත බලන් කල්පනා කරනවා....වෙලාව බලන්නත් බැරි උනා....තාම පාන්දර හතරටවත් නැතුව ඇති....
"මාමේ....."
"අහ් ලොකු පුතේ.... ලගට එනකන් දැක්කෙ නැ..... අමාරුවෙන් ඉන්න වෙලාවෙ පුතාට මං නිසා නිදාගන්නත් නෑ නේද...."
මං කතා කරද්දි මාමා ගැස්සිලා මං දිහා බැලුවත් ආයෙ ඉක්මනට අහක බලාගත්තා...
KAMU SEDANG MEMBACA
මගේ හිතුවක්කාරයා (Zhanyi) Completed
Fiksi Penggemarඔබේ සිනා ලග නෙත නැවතුන දා...... ඔබේ කතා ලග සිත නැවතුන දා..... ප්‍රේමය හැදින්නෙමි.....❤️💚 🔞 Zhanyi