chapter 2🥀

94 15 1
                                    

කෝලේජ් එකේ මැද තියෙන cherry ගසේ රෝස පාට මල් වලින් පිරිලා ගිහින් .....
හමාගෙන එන සිහිල් සුලගට මල් පෙති හරි ලස්සනට බිමට වැටෙනවා....
එයා ඒ මල් වැස්සට තෙමෙමින් හරි ආඩම්බර කමකින් ඇය දෙසට ඇවිදන් යනවා....

-"බේබී...."

-"ඔහ් කුකී..."

ලොකු සිනහවකින් ඔහුට සංග්‍රහ කරපු ඇය දුවගෙන ගිහිල්ලා ඒ අත් අතර සිර වුනා....

-"මොකද කරන්නේ ම්ම්ම්.."

-"මන් ඔයා එනකන්මයි බලන් හිටියේ..ඔයා දැන් ආවනේ...කචා.."

හුරතල් විදියට ඇය ඔහුගේ අත් අතර ගුලි වෙලා....

-"මගේ මැට්ටී"

ඔවුන් දෙදෙනා කෙමෙන් කෙමෙන් මගේ දැහැනෙන් නොපෙනෙන තරමට ඈතට ගිහිල්ලා......
පොත් ටිකත් පපුවට තද කරන් ඔවුන් ගිය දිශාවට විරුද්ද පැත්තට මන් යන්න සැරසුනා.....

ඒ හැගීම මොනතරම් ලස්සනද...
ඒත් ඒ හැගීමටම පුලුවන් වෙලා තියෙනවා මනුස්සයෙක්ව පුච්ච් පුච්ච ජීවත් කරවන්න...
මොකද ඒ හැගීම හෑගීමක්ම විතරක් වුනු නිසා....

හැමදාමත් වගේ අදත් ආදරෙයි මහා ගොඩක් මන් ඔබට.......

My Frist Love 🥀Where stories live. Discover now