07

2.1K 323 18
                                    

Jungkook pov

ඇස් දෙක නිකන් ලාටු ගාලා අලවලා වගේ. ඒ මදිවට ඔළුව පුපුරන්න තරම් රිදෙනවා. මන් බොහොම අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි හිටියෙ වෙනදා උදේට නැගිට්ටම ඉන්න මගේ කාමරේ නෙමෙයි. වටපිට බලද්දි දැක්කෙ තැන් තැන් වල වැටිලා ඉන්න අනිත් සෙට් එක.

මට එහා පැත්තෙන්ම වගේ ඇඳේ හිටියෙ හෝසොක්. ඇඳ ගාව බිම හිටියෙ යුන්ගි. එතකොට යුන්ගිව බදා ගෙන හිටියෙ ජිමින්. සෝෆා එකේ කොට්ටෙකුත් බදාගෙන හිටියෙ ටේහ්යුන්. අනේ ඉතින් මේ අර කොයි වෙලෙත් මල අතේ තියන් ඉන්න නපුරු මිනිහා නේද කොට්ටෙකුත් බදන් හුරතලේට නිදන් ඉන්නෙ.

කට්ටිය නිකන් මැරිලා වගේ නිදි. මේ දසුනම ඇති සංසාරෙ කලකිරෙන්නත්. එක පාරටම කාමරේ දොර ඇරන් කවුද මන්දා සුදු උස අයියා කෙනෙක්. ආපු ගමන් ටේහ්යුන්ගෙ කොට්ටෙ ඇදලා අරන් පස්සට එකක් ගහද්දි ටේහ්යුන් සෝෆා එකෙන් බිම වැටුණෙ කෑ ගහගෙනමයි.

" අනේ ජින් හ්යුන්... ඔයා හදන්නෙ මගේ ඉතුරු ඇට කටු ටිකත් කඩලා දාන්නද. "

වැටිච්ච පාරට නම් අනිවා තව ඇටකට්ටක් බිදෙන්නම ඇති. ඒ අයියා ටේහ්යුන්ගෙ ඔළුවත් අත ගාලා කෙළින්ම ආවෙ මන් දිහාවට. ඇවිත් මගේ ඔළුවටයි බෙල්ලටයි අත තියලා උණ බලද්දි මන් පුදුමෙන් බලන් හිටියෙ මේ මොකද වෙන්නෙ කියලා.

" දැන් ඔයාට කොහොමද මල්ලී. "

මම එයා අහපු එකට උත්තර නොදී ටේහ්යුන්ගෙ මූණ දිහා බැලුවේ මේ කවුද කියලා අහන්න වගේ. ආපහු කතා කරන්න ගත්තෙ ඒ සුදු උස අයියා.

" ආ කියන්න අමතක වුණානේ. මම ටේගෙ ලොකු අයියා කිම් සොක්ජින්. මම ඩොක්ටර් කෙනෙක්. ඊයෙ රෑ ඔයාට හොඳටම උණ ගත්තා. ඒකයි උණ බැහැලද කියලා බැලුවෙ. මන් පොඩ්ඩක් ඔයාව චෙක් කරාට අවුලක් නෑ නේද. "

" ආ ආ කමක් නෑ. "

මන් එහෙම කියද්දි එයා මගේ ඇඟට අත තියලා උණ බලලා කිව්වෙ මගේ උණ බැහැලා කියලා. ඒත් එක්කම වගේ කාමරේට ආවෙ ටේහ්යුන්ගෙ අම්මා කියලා හිතන්න පුළුවන් තරම් වයසෙ ලස්සන ගෑණු කෙනෙක්. එයාටත් තිබුණෙ ටේහියුන්ගෙ වගේම ලස්සන කෝපි ඇස්.

𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| CompleteWhere stories live. Discover now