13

2.1K 313 5
                                    

Jungkook pov

ටේහ්යුන් අපේ ඉස්කෝලෙ ළමයෙක් අතේ එවලා තිබුණු සපත්තුවත් දාන් වොෂ් රූම් එකටත් ගිහින් මන් ආවෙ අපේ කණ්ඩායමේ අනිත් ගෑණු ළමයි ටික හිටිය තැනට.  මොකද මෙහෙ ආපු වැඩේවත් හරියට කර ගන්න ඕන නිසා.

" ජන්කුක් ඔප්පා. ඔයාට අසනීපයක්ද. "

" නෑ මුකුත් නෑ. "

" ඔයාට අපේ ටේ ඔප්පව මුණ ගැහුණද. "

" නෑ. "

" ආහ් මන් මේ නිකම් ඇහුවෙ. "

ප්‍රැක්ටිකල් ටිකත් කරන්නන් වාලෙ ඔහේ කරලා දැම්මෙ ටේහ්යුන්ගෙ වචන නිසා හිත හොඳටම රිදිලා තිබුණ නිසා. කන් ඇතුළෙ ආපහු ආපහු දෝංකාර දුන්නෙම ටේහ්යුන්ගේ ඒ වචන.

තමුසෙ දකින එක මට පුදුම වදයක්.

දකින එකත් වදයක්ලු. එහෙනම් මොන එකකටද එදා කෑම උස්සන් අපේ ගෙදර ආවෙ. ඇවිත් කොණ්ඩෙත් පිහිදාලා මගේ තව කොණ්ඩෙ සුවඳත් බලලා දැන් කියනවා අපි අඩුම තරමෙ යාළුවො වත් නෙමේලු. මහ පුදුම මිනිහෙක්. මට මුණ ගැහෙන හැමෝම මෙහෙමයි. ටික කාලයක් ළඟින් ඉඳලා එයාලගෙ හොඳ පෙන්නලා මාව රවට්ටලා පස්සෙ මාව දාලා යනවා අඳුරන්නැති ගානට. මන් එච්චරටම කාලකණ්ණිද හැමෝම මාව දාලා යන්න තරම්.

ප්‍රැක්ටිකල් ටික ඉවර වෙලා ගෙදර යන්න කිට්ටු වෙද්දිම වගේ අතේ ෆයිල් වගයකුත් තියන් මන් ළඟට දුවන් ආවෙ සුසී.

" ජන්කුක් ඔප්පා. ඔයාට පුළුවන්ද මේ ෆයිල් එක 7 C රූම් එකෙන් තියලා එන්න. අර අපි අන්තිම ප්‍රැක්ටිකල් එක කරපු ක්ලාස් රූම් එකට එහා පැත්තෙ රූම් එක. "

මේකිට කිසිම ලැජ්ජාවක් නැති හැටි. මේකි නිසා අච්චර දෙයක් වෙලත් තව මගෙන් උදව් ඉල්ලන් හැටි.

" ඇයි තමුසෙට අත පය නැද්ද එතනට යන්න. "

" අනේ ඔප්පා.... අපේ ඩෑඩ් ගේට් එක ගාව මන් එනකන් බලන් ඉන්නවා. මන් පරක්කු වුණොත් එයාට තරහ යයි. ප්ලීස්. "

එහෙම කිව්ව සුසී එතනින් පැනලා දිව්වෙ එයාගෙ අතේ තිබ්බ ෆයිල් එක මගේ ඇඟේ බලෙන්ම වගේ ගහලා. මොනා කරන්නද කියලා මාත් ගියේ 7 C රූම් එක. ඒ රූම් එක ඇතුළට ගියාට පස්සෙ තමයි දැක්කෙ ඒක ක්ලීනින් ස්ටෆ් දාන පොඩි කාමරයක් කියලා.

" මේ ගෑණිට පිස්සුද මන්දා මේ කොසු ඉඳල් තියන මගුලක් අස්සට මාව එව්වෙ. "

මන් එ​හෙම හිත හිත ආපහු එන්න හැදුවත් එක පාරටම ඇහුණෙ දොර ලොක් වෙන සද්දෙ. දොර ළඟට ගිහින් දෙතුන් පාරක් දොරේ හැන්ඩ්ල් එක කැරකෙව්වත් නිකමටවත් ඇරුණෙ දොර නෙමේ. හරිනෙ ජන්කුක් ඔය කර ගත්තෙ. යස වැඩේ උඹට හැම එකාටම උදව් කරන්න යනවට. මන් පුළුවන් තරම් හයියෙන් කෑ ගැහුවෙ කාටහරි මාව ඇහෙයි කියලා. ෆෝන් එකෙන් යුන්ගිට කෝල් කරන්න ගත්තත් එහා පැත්තෙන් ඇහුණෙ ඔබේ ගිණුමේ ශේෂය ප්‍රමාණවත් මදි කියලා කියනවා. ශිට් මේ උලව්වෙත් දැන්ම සල්ලි ඉවර වෙන්න ඕන වුණානේ.

මන් ඒත් එක්කම පොඩ්ඩක් කාමරේ බලද්දි තමා මේක කොච්චර කළුවරද කියලා තේරුණේ. ඒ වගේම ඒ කාමරේ හරිම පොඩියි. ටිකෙන් ටික දැනුණෙ මට හුස්ම ගන්න අමාරු වෙනවා. ඔව් මට මේ වගේ තැන් වලදි හුස්ම ගන්න අමාරු වෙනවා. මොකද මන් මේ වගේ තැන් වලට බය නිසා.


මුළු ඇගෙන්ම දාඩිය බේරෙද්දි මන් එහෙම්ම දොර ගාව වාඩි වුණේ සිහියත් අසිහියත් අතර මාව දෝලනය වෙද්දි. මට ලාවට වගේ ෆෝන් එක රින්ග් වෙනවා දැනෙද්දි කවුද කතා කරේවත් බලන්නැතුව ෆෝන් එක ආන්සර් කරද්දි ඇහුණෙ ඒ කටහඬ. ඔව් ඒ කටහඬ මරියානා ආගාධයටවත් වඩා ගැඹුරුයි. ඒ ටේහ්යුන්.....
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
ටිකෙන් ටික ඇස් අරිද්දි මන් හිටියෙ මගේ ඇඳ උඩ.

" ජන්කුකා... උඹට කොහොමද බන්. "

යුන්ගි ඇවිත් මගේ ඔළුවත් අත ගාලා අහද්දි මන් දැක්කෙ ඇඳ ගාව බිම වැටිලා නිදන් ඉන්න හෝසොක්ව.

" දැන් හොඳයි. මොකක්ද වුණේ  මට. "

" මොකක්ද වුණේ අහන්නෙ උඹ අර හිච්චිකිතර කාමරයක් ඇතුළෙ මොන ඇටිමඟුලක්ද කරේ. තව ටිකෙන් උඹේ මිනිය තමා හොයා ගන්න වෙන්නෙ. "

" අර සුසී මාව ඒකට යැව්වෙ. "

" ඉඳාම්කො ඕකි හම්බෙනකන්. ඕකිගෙ අර දිග කොණ්ඩෙ ගලවලා අතට දෙනවා බල බල ඉන්න. "

යුන්ගිගෙ කතාවට මට හිනා ගියේ තිබ්බ ඇඟේ පතේ අමාරුත් අමතක වෙලා යද්දි. ඒත් එක්කම වගේ මගේ කාමරේ වොෂ් රූම් එකේ ඉඳන් එළියට ආවෙ මන් කීයටවත් බලාපොරොත්තු නොවුණු රූපයක්. ඒ හිටියෙ ටේහ්යුන්.


අද චූටි කොටසක් කියලා බනින්න එහෙම එපා හරිතේ..... 😬

සමහරවිට ඊළඟ චැප්ටර් එකෙන් කතාව ඉවර වෙයි.

එහෙනම් ඊළඟ කොටසෙන් හමු වෙමු.

#දේදුනු
23/05/01

𝐄𝐧𝐞𝐦𝐢𝐞𝐬 ||Taekook|| CompleteWhere stories live. Discover now