දොලොස්වෙනි වර්ෂාව

295 43 2
                                    

❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

___________________________________________

"ගුඩ් මෝනින් හැමෝටම...
මගේ පුංචි මැණික් කැට ටික...
මගේ ෂප්තලම් වස්තු ටික...
දැන් නැගිටිනවලාආආආආආආආආඅ...."

                               
                                 උදේ පාන්දරම ජ්‍යාත්‍යන්තරව පවා ප්‍රසිද්ධ මගේ ටකේ හොල්ලලා මං සුද්ද කර කර හිටිය ලූණු ගෙඩිය ආයෙ අතට ගත්තා..  මං දන්නවනෙ ඉතිම් ඔය සද්දෙට අහක ඉන්න බල්ලොත් ඇහැරෙනවා කියලා.. එක්කො මට තිබ්බේ මේ කසාදේ කටු ගාලා අලාර්ම් හදන කොම්පැනියක අලාර්ම් එකට වොයිස් දෙන්න යන්න... හැකියාවට රැකියාවක් කියලා කීයක් හරි හොයාගන්න තිබ්බා... මර නින්දේ ඉන්න එකාව කොහොම හරි ඇහැරවගන්නන්නෙ ඕනේ...
ඒක මට සෝයි එකට කරන්න පුලාන්..
අනික මගේ කිංකිණි මධුර මනෝහර නාදය මේ හිමිදිරි උදේ සැපට කණ කපලා දොයියගෙන ඉන්න මිනිස්සුන්ගේ හීන ලෝක කුඩු කරලා දානකොට කාටද ආඩම්බර..
තනිකරම අර ගෝට ඩබලටනේ යකු.. ඒ දෙන්නාගේ කම්මැලිකාරකම නිර්මානය කරපු අපූරු වස්තුවක්නේ මං...
හෙ හෙ..
අනික මං විතරක් ඇහැරන් ඉද්දි මේ මිනිස්සු නිදාගෙන හරියනවද.. නෑනෙ... නෑනෙ..
නරකද ඔය ලොකූට පහලට ඇවිත් මට පොල් ටිකක් ගාලා දුන්නනම්.. නරකද යෙවිසට ලමයි දෙන්නා ඇහැරවලා වොෂ් දැම්මෙව්වනම්..
ඒත් නෑ..
මංම කරනකම්... මංම හැමදේම කරනකම් ඕහේ ඉන්නවා ජෝඩුව එක්ක... ඇයි මං මෙතන දසමහා යෝධයගේ බාල කුඩප්පච්චිගේ නෑනගේ පුතා කියලනේ හිතන් ඉන්නෙ.. මට වෙද පප්පාගේ අරිෂ්ඨේවත් තිබ්බනන් ඔන්න කමක් නෑ හුහ්...

"අම්මා.."

                                 මොඩ හබියෝ දෙන්නව හිතේ හැටියට පට්ට පතුරු ගහනකොට කිචන් එකට එබුනේ පොඩි අප්පුහාමි..  මගේ බුබ්බා කොටේ... හනේ සුටි පැටියගේ මූණවත් ඩිංගක් සෝදලා නෑ දෙයියනේ.. හුම්ම්...
නින්දෙන් ඇහැරුණු ගමන් කබ කඩ කඩ ලා නිල් පාට පිජාමා එක පිටින්ම ඇවිදන් ආව කොල්ලව උස්සල මං කවුන්ටර් ටොප් එක උඩින් තිව්වා.. මගේ ෂුංකුලුවා..

"අම්මා... අද මාත් සියා අප්පච්චි එක්ක කන්දේ යන්නම්ද...?"

ගුම්මෝනින් වත් කියන්නෙ නැතුව, මගෙන් ප්‍රශ්නයක් අහලා ඒ පිටටම ඈනුම් යවන කොල්ලගේ සිනිදු මූණේ මං වතුර සුට්ටක් ගෑවා.. තාම නිදි මතේද මන්දා මේකා..  ඒත් වැඩේ කියන්නේ ලමයා ඇහැරිලා ආවත් අර අප්පොච්චිලා දෙන්නා නැගිට්ටෙ නැති එකනේ.. හිටපංකෝ තව ටිකක් බලන් ඉදලා ගිහින් හලනවා වතුර එකක් ඔලුවේ... ඕ යෙස්... අම්මපා

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now