දහහතරවෙනි වර්ෂාව

284 39 1
                                    


❣️💕
අසීමාන්තික ප්‍රේමය මට දුන්,
නුඹේ උතුම් දෙව් ආත්මයට මං
පේවිලා හිදිමි....
❣️💕

___________________________________________

වසර හතරකට පසු..

ඇම්ස්ටර්ඩෑම්....

****************************************

"දැන් සුවර්ද එයා ඉන්නෙ මෙහෙයි කියලා..."

"හොව්... "

"ඒත් මල්ලී උබට මතක ඒ මනුස්සයගේ මූණ විතරයිනේ... කොහෙන් කියලා හොයාගන්නද??"

"අනේ මේ අයියේ.. කටවහගෙන එනවකෝ... ටවුසෙගෙත් පුදුම ප්‍රස්න තොගයක්නේ ඕයි තියෙන්නෙ.. උතුරු කැරිබියානු මී වස්සා.. සේෂ් නාගයා... "

"කවුද ඩෝ මී වස්සා... තෝ තමා නෙල්ලි කැලේ බුරියා... ගෝට හුඹස් නයා.."

"ටවුසෙව මට ගෙදර දාලා එන්න තිබුනේ... "

"හොව් හොව් ඇවිත් කොරගයි තනියම.. "

                              
                                          අතේ තිබ්බ මැප් එකත් පොලේ ගහලා යුවීන් අයියා ගස්සගෙන යනකොට මං බඩ අල්ලන් හිනාවුනා.. ඒ පිස්සව අවුස්සන්න කෝමත් ලේසියි.. පොඩ්ඩ ඇත්තන් කුලප්පු වෙන ගතිය මෙයාට ලැබිලා තියෙන්නේ අපේ "ඔකූ"ගේ ජාන වලින්මද කොහෙද.. ඒකට මං නම් "යේස්" වගේම නිවිලා,
  කියලා තමයි අනික් අය හිතන් ඉන්නෙ..  ඒත් මං එහෙම නැ.. ගෙදර අය විතරයි ඒක දන්නේ..

                    යුවීන් අයියා පුප කැඩිච්ච කඩියා වගේ බිම දාලා දිව්ව මැප් එක අහුලන් මම බැලුවේ, interspan කම්පනි එක කොහේද තියෙන්නෙ කියලා.. මොකද එතන තමයි එයා ඉන්නේ...

එයා,

පුංචි කාලෙ ඉදන් මගෙ හීනවලට ඇවිත් යන එයා..

නමක් ගමක් නොදන්න කොණ්ඩෙ කැරළි කැරළි මනුස්සයා..
දුඹුරු පාට කඩවසම් හාදයා...
ලස්සන හිනාවක් තියෙන ආදරණීය පිරිමියා..

                               ගෙවුණ ජීවිතේ මගේ හීන සම්පූර්ණෙන්ම හොරකම් කරන එයා ගැන මගේ හිතේ තිබුන ප්‍රශ්න ඔක්කොටම උත්තර අරන් , එකොනොමි වර්ල්ඩ් බිස්නස් මැගසින් එක මගේ අතට අහම්බෙන් ලැබෙනකොට, මං පිස්සෙක් වගේ දුවන් ගියේ මගේ සහයට ඩැනීව හොයාගෙන.. මොකද මගේ ජීවිතේ මට ලගම කෙනා, මගේ රහස් හැමදේම දන්න කෙනා මගේ අයියා... මං මගේ හීන කුමාරයා ඇම්ස්ටර්ඩෑම් වලින් හොයා ගත්තා කියලා අයියට කිව්වා විතරයි, ඒ මිනිහා නැවතුනේ මාවත් ඇදගෙන ඇම්ස්ටර්ඩෑම් ඇවිත්... අඩුම කතාව ඇත්තද නැත්තද කියලවත් එයා හෙව්වෙ නෑ...

වර්ෂා - අහස්මේඝය සිව්වෙනි කොටසWhere stories live. Discover now